spot_img
spot_imgspot_img

“යොහානි, ශ්‍රී ලංකාවට මඟහැරුණු ර‍ාජ්‍ය තාන්ත්‍රික දිගු ගමනකට අවස්ථාව උදාකරයි” – අශෝක හඳගම

පුවත්

විදෙස්

‍ආශෝක හඳගම විසිනි

ලෝකය පුරා සිටින සංගීත ලෝලීන් එතරම් නොදන්නා සහ ඔවුන්ගේ අවධානය ලක් නොවූ  ශ්‍රී ලංකාව ලෝක සිතියමේ අවධානයට ලක්කරමින් යොහානි ද සිල්වා ප්‍රති නිර්මාණය කළ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ලෝකය පුරාම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.

අමිතාබ් බච්චන, මධුරි ඩික්සිත් සහ ප්‍රියංකා චොප්රා වැනි බොලිවුඩ් තාරකා මේ ගීතය පිළිබඳ ප්‍රශංසාත්මකව කතා කළා. යුක්රේන සභවයක් සහිත ඇමෙරිකාවේ වයලීන වාදන ශිල්පිනියක් වන කැරොලිනා ප්‍රොට්සෙන්කෝ කැලි‍ෆෝනියාවේ වීදියක මේ ගීතය වාදනය කිරීමත් සමඟ යොහානි ප්‍රතිනිර්මාණය කළ ගීතයට වඩාත් ආකර්ශනයක් හිමිව තිබෙනවා.

මේ වනවිට “මැනිකේ මගේ හිතේ” ගීතය සිංහල හා දෙමළ භාෂා ඇතුළු විවිධ භාෂා භාවිතා කරන්නන් අතර ජනප්‍රිය වෙමින් තිබෙන්නවා. එය සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ උපරිම ප්‍රයෝජන ලංකාවට ලබාගත හැකි තත්වයක්.

මැණනිකේ මගේ හිතේ ගීතයේ මේ ගෝලීය ව්‍යාප්තිය ජාතියක ආත්මීය බව ජාත්‍යන්තර ප්‍රජාව වෙත හෙළිදරව්කිරිමේ දී සංස්කෘත රාජ්‍ය තාන්ත්‍රිකත්වයට ඉටුකළ හැකි කාර්ය භාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ නව කතිකාවතක් ඇති කිරීමට ද හේතුවනවා.

බුද්ධිමත්ව නිවැරදි ලෙස කළමනාකරණය කරනු ලබන සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරකට ලෝකයේ කිසිවෙකුට සිතාගත නොහැකි ඉස්ව්වක් කරා ගොස් දේශපාලනික හා සංස්කෘතික දේශසීමා විනිවිද යා හැකි බව නොරහසක්.

සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික භාවය හැඳින්විය හැක්කේ “අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීම සඳහා ජාතීන් සහ ඔවුන්ගේ ජනතාව අතර අදහස්, තොරතුරු, කලාව සහ සංස්කෘතියේ අනෙකුත් අංශ හුමවාරු කරගැනීම” යනුවෙන්. (කමිංස් 2002, පි. 01)

ශ්‍රී ලංකා ඉතිහාසයේ අපට හමුවන ප්‍රබලම හා සුවිශේෂීතම සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර වන්නේ දේවානම්පියතිස්ස රජුගේ කාලයේ දී මිහිදු හිමියන් මෙරටට බුදු දහම ගෙන එමින් කළ මෙහෙවර බව අවිවාදිතයි.

මහා භරතයේ විසූ ආශෝක අධිරාජ්‍යයා බුදු දහම හදුන්වාදීම සඳහා ශ්‍රී ලංකාවට එවනු ලැබුවේ තම පුතණුවන්. මේ මෙහෙවරෙහි අරමුණ වුණේ බුද්ධාකම මෙරට ව්‍යාප්ත කිරීම පමණක් නොවෙයි. නව දේශපාලනයක් ස්ථාපිත කිරීම. ආර්ථික හා සමාජයීය පද්ධතිය ස්ථාපිත කිරීමත් මේ ගමනේ අරමුණක් වුණා.

මිහින්තලයේ දී තිස්ස රජු සහ මිහිඳු හිමියන් අතර පැවැති පළමු සංවාදය බුදුන්ගේ ඉගැන්වීම් මත පදනම් වූ නව මතවාදයක් මෙරට ස්ථාපිත කිරීම සඳහා වේදිකාවකට අඩිතාලම දැමුණා. එය රටේ සියලු දේ වෙනස් කිරීමේ මෙහෙවරක් වූ අතර නව දේශපාලන හා ආර්ථික පිළිවෙතනට මාවත විවර කළා. මිහිඳු හිමියන් ඉටුකළේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරක්.

පසුකාලීනව යුරෝපීය ආක්‍රමණ හේතුවෙන් කතෝලික දහම ශ්‍රී ලංකාවට පැමිණියා. ප්‍රථමයෙන් පෘතුගීසීන්, දෙවනුව ලන්දේසීන් සහ පසුව බ්‍රිතාන්‍යයන්ගේ ආක්‍රමණයෙන් මේ ඔවුන්ගේ දහම ශ්‍රී ලංකාවට පැමිණි ආකාරය ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගත්තා.

ලෝකප්‍රසිද්ධ නොබෙල් ත්‍යාගලාභී චිලී කවියකු වූ පැබ්ලෝ නෙරූඩා 1929 සිට 1931 දක්වා කොළඹ චිලී තානාපති කාර්යාලයේ කොන්සල්වරයා ලෙස කටයුතු කර තිබෙනවා. එකල චිලියේ (සහ ලෝකයේ බොහෝ රටවල) සාහිත්‍යය හා කලා කුසලතා හඳුනාගෙන ඔවුන් රාජ්‍ය තාන්ත්‍රිකයන් වශයෙන් පත්කිරීම සාමාන්‍ය දෙයක් වුණා. ලෝකයේ විවිධ සංස්කෘතීන් අත්විඳීමට ඔවුන්ට අවස්ථාව ලබාදිම එලෙස පත්කිරීමේ එක් අරමුණක්. ඔහු පළමුව බුරුමයට (වත්මන් මියන්මාරය) පත්කර යැවුණා. පසුව ඔහුගේ ඉල්ලීම මත කොළඹට මාරු කර එවනු ලැබුවා. එලෙස එන විට ඔහු වයස අවුරුදු 25ක තරුණයෙක්. ඔහුගේ සමීපතමයන් වුණේ ලයනල් වෙන්ට්, ජෝර්ජ් කීට් වැන්නන්.

60 දශකයේ අග භාගයේ දී නෙරූඩා විසින් රචනා කර තිබූ “මතක සටහන්” ඔහුගේ අභිරහස් මරණයෙන් පසු ප්‍රකාශයට පත් කළා. ලංකාවේ දී ඔහු ගතකළ හුදකලා ජීවිතය විස්තර කර තිබුණේ “දීප්ත හුදකලාව” නමැති පරිච්ඡේදයකින්. එය විදෙස් සාහිත්‍ය ලෝක‍යේ ප්‍රසිද්ධියට පත් කෘතියක් වන අතර එය විදේශිකයකු ශ්‍රී ලංකාවට දුන් විශාලතම සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික ත්‍යාගයක්.

සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකකරණයේ ප්‍රධාන මෙවලම් වන්නේ කලාව සහ කලාකරුවන්. මේ වනවිට ලෝක ප්‍රසිද්ධ කොරියානු පොප් (කේ-පොප්) සංගීත කණ්ඩායම වන බීටීඑස් තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී අදහස් දැක්වීමට අවස්ථාව ලැබුණා. එක්සත් ජාතීන්ගේ නිල යූ ටියුබ් නාලිකාව සාමාන්‍යයෙන් නරඹන්නේ ‍ප්‍රතිපත්ති සම්පාදකයන් සහ දේශපාලනඥයන් විනිස් වුව ද මේ සංගීත කණ්ඩායමේ අදහස් දැක්වීම නැරඹීම සඳහා මිලියනයකට ආසන්න ප්‍රේක්ෂකයන් යූටියුබ් නාලිකාව සමඟ එක්ව සිටියා.

එසේ වූයේ ඇයි ? බීටීඑස් කතාවේ උපුටා ගැනීම් වෙනත් වේදිකාවන් ඔස්සේ ප්‍රචාරය වීම නිසා යූටියුබ් නරඹන්නන් 980,000කට වඩා පිරිසක් අතරට මේ ඔවුන්ගේ පණිවිඩය සම්ප්‍රේෂනය වුණා. කොරෝන මර්ධන එන්නත ලබාගැනීම ගැන මේ සංගීත කණ්ඩායම තම පරපු දිරිමත් කළා.

බීටීඑස් තානාපපතිවරුන් වශයෙන් භාවිතා කිරීම ලෝකය පුරා සිටින ප්‍රේක්ෂකයන් වෙත වේගයෙන් ළඟා වී තිරසාර සංවර්ධන ඉලක්ක ප්‍රවර්ධනය කිරීම සාර්ථක බව මෙයින් සනාථ වෙනවා. අඩිඩාස් ආයතනය 2030 වර්ෂය වනවිට සිය නිෂ්පාදන සඳහා කිසිදු ආකාරයක ප්ලාස්ටික් ඇතුළත් නොකිරීමට දැනටමත් ඉලක්ක කර සිටිනවා.

අදහස් සහ මත වේගයෙන් ව්‍යාප්තවන යුගයක තොරතුරුවලට වටිනාකමක් ලබාදීමේ ආධිපත්‍යය සමාජ මාධ්‍ය විසින් අත්පත් කරගෙන තිබෙනවා. විවිධ කලාපයන්හි එම සමාජ තලයන්හි බලයට බලපෑම් කිරීමට සංස්කෘතික කණ්ඩායම් ප්‍රමාණය හා ශක්තිය ප්‍රධාන සාධකයක් වනවා. සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ පරමාර්ථය වන්නේ එක් රටක ජනතාව තවත් ජාතියක සමාජ හා සංස්කෘතික හැදියාවන් හා චර්යාවන් පිළිබඳ අවබෝධයක් වර්ධනය කරගැනීමයි. ඔව්, සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රික්තවයට ආර්ථික හා දේශපාලන අරමුණු ඇතුළත් නමුත් රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ මහා යෝජනා ක්‍රමය තුළ සෑම අංශයකටම ඉටුකිරීමට කාර්ය භාරයක් ද තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදය අවසන් වීමෙන් පසු ජනාධිපති ධූරයට තේරී පත්වූ නෙල්සන් මැන්ඩෙලා ස්වදේශීය කළු ජාතිකයන් සහ පීඩාකාරී සුදු ජාතිකයන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා දකුණු අප්‍රිකාවේ පැවැත් 1995 ලෝක කුසලාන රග්බි තරඟාවලිය භාවිතා කළා. මෙය ක්‍රීඩා රාජ්‍ය තාන්ත්‍රිකත්වය ලෙස හැඳින්විය හැකි අතර සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකත්වයට වඩා තරමක් වෙනස් වනවා. නවසීලන්තයේ ප්‍රබල ඕල් බ්ලැක්ස් පරදා දකුණු අප්‍රිකාවේ ස්ප්‍රින්බොක් ලෝක කුසලානය දිනා ගත්තා. සුවිසල් ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගණයේ දකුණු අප්‍රිකානුවන් කළු සුදු බේද අමතක කර ප්‍රීති ප්‍රමෝදයට පත්වුණා. “දේදුනු ජාතිය” නිර්මාණය වෙමින් පවතින බව ලෝකයට පෙන්වමින් වීදිවල එක්ව රටේ ජයග්‍රහණය සැමරුවා. දකුණු අප්‍රිකාවේ ආයෝජනය කිරීමට එකතුවන ලෙස මැන්ඩෙලා සංවර්ධිත රටවලට ආරාධනා කළා. “වර්ණභේදවාදයේ අඳුරු යුගය අවසන්” යැයි සඳහන් කරමින් ආර්ථික සංවර්ධන සාක්ෂාත් කරගනැීම සඳහා නව දකුණු අප්‍රිකාව සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඉල්ලමින් ඔහු ලෝකය කැඳවූවා.

ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ඉන්දියාවේ ගෝලීය ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා ක්‍රීඩාව සහ සංස්කෘතිය යන සියල්ල ඒකාබද්ධ කරනවා. ඉන්දියාව තරම් නැතත් කුඩා පරිමානයෙන් එවැනි දේ කිරිමට ශ්‍රී ලංකාවට ද බොහෝ අවස්ථා තිබෙනවා. කලාව, ක්‍රීඩාව, සංස්කෘතිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය භාවිතා කිරීමට ශ්‍රී ලංකාව මෙතෙක් උත්සාහ ගෙන තිබේ ද ? නැතිනම්, ගැටුම් නිරාකරණය කර ගැනීමට, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට හෝ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනැගීමට ශ්‍රී ලංකාව කලා, ක්‍රීඩා හා සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකබව භාවිතා කළා ද ?

කුමාර සංගක්කාර, මුත්තයියා මුරලිදරන්, සුසන්තිකා ජයසිංහ වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිරූප ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා. දශක ගණනාවක් පුරා පැවැති යුද්ධයේ දී පෑරී තුවාල වී ඇති හදවත් සුවපත් කිරීමේ උත්සාහයේ දී ඔවුන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස භාවිතා කළ හැකියි. ඇතැම් අවස්ථාවල දී ඔවුන් හරහා ජනතාවට ලබාදෙන දැඩි එකමුතු කමේ පණිවිඩයකින්, හානියට පත්ව ඇතිරටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය නැවත ගොඩනගා ගැනීමට හැකි වේවි. නමුත්, යුද්ධය පැවැති කාලයේ සහ ඉන්පසු පත්වූ සියලු ආණ්ඩු විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර බිඳී ඇති බැඳීම නැවත ගොඩනැගීම සඳහා අවංක වුවමනාවක් පෙන්නුම් කර නොමැතිවීම අවාසනාවක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ බලය එහි උපරිම ශක්තියෙන් මේ ආණ්ඩු කිසිවක් විසින් භාවිතා කර නැහැ. අද්විතීය අයුරින් ආගන්තුක සත්කාර කරන ජාතියක් ලෙස ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව සතුව තිබූ ප්‍රතිරූපයට මේ වනවිට කැළලක් එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලියානා ටෙප්ලිට්ස්, කැරොලිනා ප්‍රොට්සේනකෝ “මැණිකේ මගේ හිතේ” ගීතය වාදනය කරන වීඩියෝව තම සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ බෙදා හැරි අතර සංගීතය විශ්ව භාෂාවක් බවට මේ ගීතය සාක්ෂි දරන බව ද පැවසුවා. එන්ඩීටී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ යොහානි ගෝලීය තාරකාවක් ලෙස ඉහළට ඔසවා තැබීමේ කාර්යයට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ද සහය දැක්වූවා.

යොහානි නූතන පරම්පරාවේ පොප් සංස්කෘතියේ බැබළෙන තාරකාවක් ලෙස නැගී සිටීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පුනර්ජීවනය කිරීම සඳහා වූ නව සංවාදයක් සඳහා පදනම ලෙස භාවිතා කළ හැකියි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ශක්තිමත් කිරිම සඳහා හුදු සංවාදයකට වඩා වැඩි යමක් අවශ්‍ය වනු ඇති. ශ්‍රී ලංකාවේ කලාකාමීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කොන්දේසි විරහිත කැමැත්ත, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා රටේ විවිධ වටිනාකම්වලින් ප්‍රයෝජනය ගැනීම යන කටයුතු සඳහා ප්‍රතිප්තතියක් තිබිය යුතුයි.

(කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ උපාධියක් සහ එංගලන්තයේ වර්වික් විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන ආර්ථකි විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාදියක් ලැබූ ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි)

මෙම ලිපිය https://factum.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක සිංහල පරිවර්ථනයකි.

ෆැක්ටම් යනු ශ්‍රී ලංකාව හා ආසියාවේ ජාත්‍යන්තර සබඳතා විශ්ලේෂණයන් සහ රාජ්‍ය තාන්ත්‍රික උපදේශන සපයන ශ්‍රී ලංකාව පදනම් කරගත් චින්තනයකි

2 COMMENTS

  1. Great article covering many facets and probable avenues and strategic directions that can be implemented to gain effectively best results from this initiative made by a very young and talented Sri Lankan artist…!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!