spot_img
spot_imgspot_img

ඉදිරි ආර්ථික සැළසුම් සමග කොටස් වෙළෙඳ පොළ ඉහළට ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 40,064ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලයන 6,942ක් බවට පත්විය.

දිනයේ ගනුදෙනු අතරතුර සමස්ත කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වැඩිම අගය වූ 9,500ට ළඟා වූ අතර ගනුදෙනු අවසානයේ එය ඒකක 26කින් ඉහළ ගොස් 9,459ක් බවට පත්විය.

දිනයේ වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,094යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 918යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 873යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 88යි. මාරවිල රිසෝට් සමාගම කොටස් මිලියන 22යි, අම්බර් කැපිටල් සමාගම කොටස් මිලියන 20යි වශයෙන් ප්‍රධාන විය.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් ‍මිල ඉහළ ගිය සමාගම් අතර ඊඑම්එල් ක්‍රන්සල්ටන් සමාගම 39%කින් ද, මාරවිල රිසෝට් සමාගම 39%කින් ද, ඒෂියා අසෙට් සමාගම 25%කින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ එන්ඩීබී බැංකුව කොටස් ලක්ෂ 05ක් රුපියල් 76.50 බැගින් ද ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 30ක් රුපියල් 149.00 බැගින් ද, එක්ස්පෝ ලංකා සමාගම කොටස් ලක්ෂ 07ක් රුපියල් 200.00 බැගින් ද බ්‍රවුන්ස් සමාගම කොටස් ලක්ෂ 09ක් රුපියල් 200.00 සහ 202.00 බැගින් ද ඇලුමැක්ස් සමාගම කොටස් ලක්ෂ 25ක් රුපියල් 12.00 බැගින් ද වශයෙන් කොටස් ගනුදෙනු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස අද දිනය අවසානයේ දී ද එක්‍ කොටසක අගය රුපියල් 200.00 වාර්තා කරමින් එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 389ක් ලෙස ද, එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 294ක් ලෙස ද, ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 197ක් ලෙස ද වාර්තා විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු සමාගම්වල වත්කම රුපියල් බිලියන 4,207ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

විදේශීය අයෝජකයන් විසින් රුපියල් මිලියන 50ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 577ක කොටස් විකුණා තිබේ.  විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 6.8යි, මිල්ස්චර් කොප් සමාගම රුපියල් මිලියන 4.5යි, ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 3.2යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 491යි, ඩිස්ටරලීස් සමාගම රුපියල් මිලියන 23යි, සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (ඡන්ද බලය රහිත) රුපියල් මිලියන 13යි වශයෙන් කැපී පෙණිනි.

හේලීස් සමාගම එක් කොටසක් වෙනුවෙන් රුපියලක ලාභාංශයක් ද, කැලණිවැලි වැවිළි සමාගම එක් කොටසක් වෙනුවෙන් ශත 70ක ලාභාංශයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

අද දිනයේ කොළඹ වරාය බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට 51%ක කොටස් ද ජෝන් කීල්ස් සමාගමට 34%ක් ද, වරාය අධිකාරියට ද 15%ක් ද හිමිවන ආකාරයෙන් ගිවිසුම් අත්සන් කරන ලදී. මෙම ආයෝජනයේ සම්පූර්ණ වටිනාකම ඩොලර් මිලියන 700ක් වන අතර එම හේතුවෙන් ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිල ද අද දිනයේ දී ඉහළ යනු දක්නට ලැබිණි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් හෙට දිනයේ දී ඉදිරි ආර්ථික සැළසුම් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. එහි දී ඉදිරි මාස 06ක කාලයට අදාලව ආර්ථික සැළසුම ප්‍රකාශයට පත්කරනු ඇත.

මෙම ප්‍රකාශය කෙරෙහි ආයෝජකයන් දැඩි විමසිල්ලෙන් පසුවන අතර හෙට දිනයේ සිට සංචරණ සීමා නීති ලිහිල් කරන බැවින් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු ආරම්භවීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 10,000 ඉක්මවනු ඇතැයි විශ්වාසය පළකර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!