spot_img
spot_imgspot_img

ලේ බැංකුවට සවියක් වන කරාපිටියේ හැටන් නැෂනල් බැංකුව

පුවත්

විදෙස්

රට පුරා රෝහල්වල දැඩි ලේ හිගයක් පවතින බැවින් ඊට පිළියකම් ලෙස හැටන් නැෂනල් බැංකුවේ කරාපිපටිය ශාඛාව විසින් ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කර තිබේ.

ඔක්තෝබර් මස 02 වැනි සෙනසුරාදා උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා එම වැඩසහන කරාපිටිය රෝහල ඉදිරිපිට පිහිටි ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙයි.

ජාතික හැඳුනුම්පත රැගෙන මුඛ ආවරණ පැළඳ පැමිණීමට කාරුණික වන ලෙස සංවිධායකයන් ඉල්ලා සිටියි.

ලේ බැංකුව පවසන්නේ කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව හෝ දෙවැනි මාත්‍රාව ලබාගෙන සතියක් ගතවී ඇති පුද්ගලයන්ට සහ කොරෝනා රෝගය වැළඳී සුවය ලබා මාසයක් ගත වූ පුද්ගලයන්ට ලේ දන්දීමේ ක්‍රියාවලියට සහභාගී වීමට හැකියාව ඇති බවයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සහ සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් මේ වනවිට ‍රෝහල් සඳහා ප්‍රමාණවත් රුධිර සංචිතයක් නොමැති තත්වයක් ද පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!