spot_img
spot_imgspot_img

“කරාපිටියේ කොරෝනා කරල” නිසා පෙනහළු පිළිකා හැදෙන බව තහවුරු වෙයි. හොරුන්ට සල්ලි දී පිළිකා සාදා ගන්නා රට වැසියෝ

පුවත්

විදෙස්

සජීව විජේවීර විසිනි

 “කරාපිටියේ කොරෝනා කරල” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති MeGha Prime Intake නමැති නිෂ්පාදනය පිළිකා සෑදීමට හේතුවන්නක් බව සනාථ වී ඇත.

මෙම නිෂ්පාදනය සොයාගත් බව පවසන කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍ය උදාර සම්ත් ගුණවර්ධන සහ ඔහුගේ සොහොයුරු ආචාර්ය නන්ද ගුණවර්ධන සිදුකරන ප්‍රකාශ අනුව එහි අඩංගුයැයි කී රසායනික සංයෝග පිළිබඳ‍ සොයා බැලීමේ දී මේ බව තහවුරු වෙයි.

මෙහි ඇති අවදානම ගැන කිසිවක් නොකියා ඔවුන් මෙය කොරෝනා සුව කරන බව පවසමින් මුදල් ගැරීමේ ජාවාරමක යෙදෙන අතර විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරතවූවන් සහ වෛද්‍යවරුන් පවසන්නේ මේ නිෂ්පාදනයට මුලා වී එය පානය කරන සියලු දෙනා අනාගතයේ දී පෙනහළු පිළිකාවලට ගොදුරුවන බවයි.

මෙම නිෂ්පාදනය සඳහා නියමිත අනුපාතයකින් මිශ්‍ර කරන ලද සුදුළූනු, කොත්තමල්ලි, ඉඟුරු, වද කහ, මදුරුතලා සහ ආඩතෝඩා අඩංගු කර තිබෙන බව වෛද්‍ය ගුණවර්ධන කීවේය.  

මෙම කරල නිසා පිළිකා හැදෙන හැටි

අප වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සමඟ සම්මුඛ සාකච්ඡාව පැවැත්වූ 2021 මැයි මස 04 වැනි දා ඔහු කියා සිටියේ තම නිෂ්පාදනයේ Beta Asarone සහ Eugenol අඩංගු වන බවයි නමුත් ඔහු ඒවා අඩංගු වන්නේ කවර සංඝටකයක කවර ප්‍රමාණයකින් ද යන්න පැහැදිළි කළේ නැත. අප ඒ ගැන විමසා සිටිය ද ඔහු කියා සිටියේ එය රහසක් බවයි.

මෙම කරලේ අඩංගුයැයි ඔහු පවසන eugenol නමැති රසායනිකය මිනිස් සිරුරට බලපාන ආකාරය විමසූ විට ඔහු කියා සිටියේ පෙනහළුවල ඇති ගර්ත තුළ alveolar type 2 සෛල එමගින් ගුණනය කරන බවයි.

Eugenol සම්බන්ධයෙන් ලෝකයේ පර්යේෂණ රැසක් සිදුකර ඇති අතර එම පර්යේෂණවලින් සනාථ වන්නේ එමගින් ඔක්සිජන් මුක්ත කාණ්ඩවලින් සිදුවන හානිය අඩුකළ හැකි බවයි.

කෙසේ වෙතත් උදාර සම්පත් ගුණවර්ධන මෙ‍ම ලේඛකයා සමඟ පැවසූ ආකාරයට ඔහුගේ නිෂ්පාදනයෙන් පෙනහළු ගර්ත තුළ ඇති alveolar type 2 සෛල දින හතරක් වැනි කෙටි කාලයක දී ගුණනය කර කොරෝනා ආසාදිතයන්ට සුවයක් ලැබෙනවානම් කොරෝනා සුව වීම කෙසේ වෙතත් මෙම නිෂ්පාදනය ගිලින සෑම අයකුට ම පෙනහළු පිළිකා ඇතිවීම අනිවාර්යය දෙයකි.

ස්නායු උත්පාදනය ගැන කියූ බොරුව

වෛද්‍යවරයා පවසන්නේ Beta Asarone රසායනිකයෙන් රුධිර කේෂනාලිකාවල ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම හේතුවෙන් ස්නායු උත්පාදනය වළක්වන දීර්ඝකාලීන දුර්වලතාවක් වන පාකින්සන් රෝගය වළකන බවයි.

නමුත් මේ පිළිබඳ සොයා බැලීමේ දී තහවුරු වූයේ Beta Asarone රසායනිකයෙන් පාකින්සන් රෝගය වළක්වන්නේ නැති බවයි. අඩුම තරමේ පාකින්සන් වැළැක්වීම සඳහා නිපදවන ඖෂධවලට එම රසායනිකය භාවිතා කර නැත.

මෙම රසායනිකය පිළිබඳ සොයා බැලීමේ දී පෙනී ගියේ මීයන්ගේ මොළයේ ස්නායු උත්පපාදනයට හේතුවන කාර්යයක් (beta Amyloid pathway) වැළැක්වීමට සමත්වන බවයි. මිනිසුන්ගේත් beta amyloid හේතුවෙන් පාකින්සන් ඇති වුව ද ඊට හේතුවන්නේ කොරෝනා වයිරස නොවේ වයස්ගත වීමේ දී සිදුවන ජානමය සිද්ධීන් මාලාවකි. පාකින්සන් සුව කිරීමට මෙතෙක් ඖෂධ සොයාගෙන නැත.

පාකින්සන් රෝගය ඇතිවන්නේ ස්නායු සෛල අතර පණිවිඩය එකනෙක හුමාරුකරන Dopamine නමැති රසායනිකය අඩුවීමෙනි. පාකින්සන් වැළඳුණු රෝගීන්ට Dopamine රසායනිකය අඩංගු ඖෂධ ලබාදීම සිදුකරයි.

පර්යේෂණ වාර්තා නෑ

මෙවැනි රසායනිකයන් පිළිබඳ මෙතෙක් ලෝකයේ පිළිගෙන ඇති කරුණුවලට පටහැනිව ඔවුන් කරුණු දක්වයි. එය ඔවුන් විසින් සොයාගත් දත්ත වන්නේ ඒ පිළිබඳ පරීක්ෂණය කළා යැයි කියන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සහ ආචාර්ය නන්ද ගුණවර්ධන ඔවුන්  සිදුකළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කළ යුතුය. නමුත් ඔවුන්ගෙන් මේ ලේඛකයා එවැනි පර්යේෂණ වාර්තා ඉල්ලා සිටිය ද මාස 05ක් ගත වුව ද එවැන්නක් ලබා දී නැත.

පර්යේෂණ ක්‍රමවේදය අනුගමනය කළා ද ?

යම් ඖෂධයක් හෝ රෝගයක් සුව කිරීමට හැකි  නිෂ්පාදනයක් (ඔවුන් මෙය දැන් ඖෂධයක් ලෙස හඳුන්වන්නේ නැතිව ආහාර අතිරේකක් ලෙස හඳුන්වයි) සො‍යාගෙන හෝ නිපදවා ඇත්‍නම් එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයකට සාර්ථක බව සනාථ කර පෙන්විය යුතුය.

එය සිදුකළ යුත්තේ ලෝකය පිළිගත් වෛද්‍ය විද්‍යාත්මක සඟරාවක, විද්‍යා පර්යේෂණ සඟරාවක හෝ පිළිගත් සමුළුවක දී ඉදිරිපත් කරන පත්‍රිකාවක් ලෙසිනි.

නමුත් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් සහ නන්ද ගුණවර්ධන මෙම නිෂ්පාදනය (අපි එය ඖෂධයක් ලෙස හඳුන්වන්නේ නැත) කිසිදු පිළිගත් විද්‍යාත්මක ප්‍රකාශනයකට එවැන්නක් ඉදිරිපත් කර නැත. පිළිගත් සමුළුවක දී ද ඉදිරිපත් කර නැත.

ඔවුන් එය ඉදිරිපත් කරන්නේ ‘මව්බිම’ පුවත්පත සහ යූ ටියුබ් නාලිකා කිහිපයකිනි. ඉන් පසු මාධ්‍ය හමු පවත්වමින් ඒ පිළිබඳ ආවේගශීලීව අදහස් දක්වයි.

තමන්ට අවස්ථාව ලැබෙන්නේ නම් ‍මාසයකින් කොරෝනා ගැටලුවට විසඳුම් දෙන බව කියන උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයා මාසයක කාලයක් කරාපිටිය රෝහලේ කොරෝනා ඒකකයේ සේවය කළ ද එහි රෝගීන් මියයන ප්‍රමාණය අඩුකිරීමට ඔහුට හැකිවූයේ නැත. (ඒ බව කරාපිපටිය ශික්ෂණ රෝහ‍ලේ දත්තවලින් සනාථ වෙයි)

ආචාර්ය නන්ද ගුණවර්ධන සිය වෘත්තීය ගරුත්වය කෙළසා ගනී

යම් රෝගයකට ප්‍රතිකාරයක් වන නිෂ්පාදනයක් සොයා ගත්තේ නම් එය සායනික පරීක්ෂණයකට අනිවාර්යයෙන් යොමුකළ යුතුය. නමුත් ඔවුන් එවැනි පරීක්ෂණයක් සිදුකර නැත.

ආචාර්ය නන්ද ගුණවර්ධන තම අධ්‍යයන ඉතිහාසය තුළ පර්යේෂණ රැසක් සිදුකළ විද්වතෙකි. ඒ පිළිබඳ අපට විවාදයක් නැත. නමුත් ඔහු මේ නිෂ්පාදන‍ය සම්බන්ධයෙන් ඔහු දන්නා, ඔහු මෙතෙක් භාවිතා කර ඇති පර්යේෂණ ක්‍රමවේදයන් පවා අමතක කර දැමීම පුදුමයකි.

ඔහු පවසන්නේ තමන් හොඳම නව නිපැයුම් කරු වූ බවයි. ඔහු පර්යේෂණ සිදුකර ඇති බවයි. මේ පර්යේෂණ සඳහා අත්‍යාවශ්‍ය වූ සාහිත්‍යමය විචාරය (Literature Review) කළ බවයි.

ආචාර්ය නන්ද ගුණවර්ධනගේ විෂය ක්ෂේත්‍රය වන්නේ භෞතික රසායන විද්‍යාවයි. ඔහු නැනෝ තාක්ෂණය වැනි කරුණු සම්බන්ධ විද්වතෙකි. ඔහුගේ විෂය පථයට, ශාක සාර නිස්සාරණයන් අදාල වන්නේ නැත.

ඔහු සිදුකර ඇති පර්යේෂණ පත්‍රිකා කියවූ විට ඒ බව පැහැදිලි වෙයි. නමුත් දැන් ඔහු පවසන්නේ තමන් කොරෝනා සුවකරන මේ නිෂ්පාදනය සොයාගත්තා යනුවෙනි.

එවැන්නක් කළා නම් ඔහු විසින් කරනු ලැබූ පර්යේෂණයේ දත්ත ඉදිරිපත් කළ යුතුය. නමුත් ඔහු එවැන්නක් ඉදිරිපත් කරන්නේ නැත. අපට පෙනී යන්නේ ඔහු මුදල් පසුපස හඹායාමේ අවශ්‍යතාව හේතුවෙන් තමන්ගේ අතීත වටිනාකම් ද පාවා දී ඇති බවයි.

කරලේ සංයුතිය සහ අඩංගු ද්‍රව්‍ය

අතීත ජනතාව අතර ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ ශාකවර්ගවල නම් කියමින් මොවුන් මේ නිෂ්පාදනය සිදුකරයි. යම් කරලක් හෝ පෙත්තක් නිෂ්පාදනය කරන්නේ නම් එම නිෂ්පාදනයට යොදාගන්නා ශාක වර්ගවල නම් පමණක් නොව කරලේ අඩංගුවන සංයුතිය ප්‍රකාශ කළ යුතුයි.

උදාහරණයක් ලෙස මෙසේ දක්වමු.

මෙම කරල මිලි ග්‍රෑම් 500ක් නම් එම මිලිග්‍රෑම් 500 තුළ ඉඟුරුවලින් ගන්නා සංයෝගය කොපමණ ප්‍රමාණයක් අඩංගු වේද ? මදුරුතලා වලින් ගන්නා සයෝගය කොතරම් ප්‍රමාණයක් අඩංගු වේද ? වද කහවලින් ගන්නා සංයෝගය කොතරම් ප්‍රමාණයක් අඩංගු වේද ? යනුවෙන් වෙන වෙනම දැක්විය යුතුය.

එමෙන්ම Beta Asarone සංයෝගය ලබාගන්නේ වදකහ වලින් නම් මෙම කරලට Beta Asarone මිලි ග්‍රෑම් කොපමණ අඩංගු වන්නේ ද පමණක් නොව එම ප්‍රමාණය ගැනීමට ආඩතෝඩා ශාඛයේ කවර කොටසකින් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ ද ? ඒවා වෙන්කර ගන්නේ කෙසේද යන්නත් ඔහු සිය පර්යේෂණ පත්‍රිකාවේ අඩංගු කළ යුතුය. එමනේම Eugenol ඔහු ලබාගන්නේ මදුරුතලා ශාඛයෙන් නම් ඔහු පවසන පරිදි පෙනහළු ගර්ත සැකසීමට Eugenol රසායනිකය මේ කරලකට කොපමණ ඇතුළත් කර තිබේ ද එම ප්‍රමාණය ගැනීමට ඔහු මදුරුතලා ශාකයේ කවර කොටසක් කොපමණ ප්‍රමාණයකින් ගන්නේ ද යන්නත් පර්යේෂණ පත්‍රිකාවට ඇතුළත් කළ යුතුය.

ඖෂධීය නිෂ්පාදනයක් සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණයක් සිදුකරන්නේ ඒ ආකාරයෙනි.

(මේ සම්බන්ධව ලේඛකයාට මීට වඩා සවිස්තරාත්මක හා විද්‍යාත්මක විග්‍රහයක් කළ හැකි වුව ද එය ඉදිරිපත් නොකරන්නේ සාමාන්‍ය පාඨකයන්ට තේරුම්ගත නොහැකිවිය හැකි බැවිනි.)

නමුත් මේ දෙදෙනාම යු ටියුබ් නාලිකා හා පුවත්පත් ඔස්සේ මේවා දක්වනවා මිස  පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්නේ නැත. අප ඔවුන්ගෙන් පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරන්න යැයි ඉල්ලා සිටිය ද ඒවා මෙතෙක් ඉදිරිපත් කර නැති බව නැවතත් සිහිපත් කරන්නෙමු.

නිෂ්පාදන තාක්ෂණය උම්බලකඩ සම්බල් ද ?

මේ කරලේ අඩංගු වන්නේ රසායනික ද්‍රව්‍ය පවා නිවැරදිව නොකියන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධණ ශාක වර්ග 06ක රසායනිකයන් භාවිතා කරන බව කියයි. ඔහු සුදුළූනු, ආඩතෝඩා, වදකහ, මදුරුතලා, ඉඟුරු හා කොත්තමල්ලි භාවිතා කරන්නේ කුඩු කිරීමෙන්ද යන්න පවසන්නේ නැත. වදකහවලින් ලබාගන්නා Beta Asarone සංඝටකය ‍අව්‍ය ප්‍රමාණයට ගැනීමට කොතරම් වද කහ කැබැල්ලක් කුඩු කරන්නේ ද ? ආඩතෝඩාවලින් ගන්නා රසායනිකය අවශ්‍ය ප්‍රමාණය ගැනීමට ආඩතෝඩා කොළයක් ම කුඩුකර දමන්නේ ද ? මේ ප්‍රශ්නවලට ගුණවර්ධන සහෝදරයන් දෙදෙනාම පිළිතුරු දෙන්නේ නැත. මේවා කුඩුකර දමන්නේ නම් කැවුමක් තරම් පෙත්තක් නිපදවීමට ඔවුන්ට සිදුවනු ඇත.

ලෝකයේ ඖෂධ සකසන පිළිගත් තාක්ෂණික ක්‍රමවේදයේ දී කරන්නේ දියුණු රසායානාගරවල දී ඒ ඒ රසායනිකයන් සියුම්ව වෙන්කරගෙන ඒවා ද්‍රවීය මිශ්‍රණයක් සාදා රත්වූ මතුපිටක් මතින් යවා පිටි බවට පත්කිරීමයි ඉන් පසු ඒවා අවශ්‍ය ප්‍රමාණයකට ගෙන කරලක් හෝ පෙත්තක් බවට පත්කරයි. එවිට අපෙක්ෂිත අනුපාතයන් ලබාගත හැකිය.

ඖෂධ කරල් නිෂ්පාදනය කළ යුතු වන්නේ ද රසායනාගාර තත්වයන් යටතේ ය.

නමුත් ඔවුන් මේ කරල නිෂ්පාදනය කරන්නේ අළුත්ගම දර්ගා නගරයේ පිහිටි තුනපහ නිෂ්පාදනය කරන ස්ථානයක බව එම කරල අඩංගු කර ඇති ඇසුරුමේ ම දැක්වේ.

ඔවුන් ISO 22000 තම නිෂ්පාදනයට ලැබී ඇති බව සඳහන් කරමින් භාවිතා කරන්නේ එම දර්ගා නගරයේ පිහිටි එම ආයතනයට ලැබුණු තත්ව සහතිකයකි. එම තත්ව සහතිකය දී ඇත්තේ තුනපහ කුඩු, උම්බලකඩ සම්බල්, චට්නිවර්ග සහ පළතුරු බීම නිෂ්පාදන ඇසුරුම්කිරීමට පමණි.

කොරෝනා සුවකරණ නිෂ්පාදන සැකසීමට සහතික දී නැත.

අප දන්නාතරමින් එම ආයතනය සතුව ඖෂධ කරල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ හා රසායනාගාර ද නැත.

ඒ අනුව පැහැදිලි වන්නේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සහ ආචාර්ය නන්ද ගුණවර්ධන ජනතාව නොමග යවන බවයි.

පර්යේෂණ වාර්තා එළියට නොදෙන්නේ හොරකම් කරාවියැයි බියෙන් ද ?

පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන්න යැයි කියූ විට උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යවරයා අප සමඟ කියා සිටියේ තම නිෂ්පාදනයේ සංයුතිය වෙනත් අයකු විසින් සොරකම් කර එය නිෂ්පාදනය කරනු ඇතැයි ඇති බිය නිසා එය ඉදිරිපත් නොකරන බවයි.

මෙය උදාර සම්පත් ගුණවර්ධනගේ වෛද්‍ය දැනුමට හෝ නොගැලපෙන ප්‍රකාශයකි. එමෙන්ම මෙරට පර්යේෂකයකු ලෙස සම්මාන පවා දිනාගත්තා යැයි කියන නන්ද ගුණවර්ධන වැන්නවුන් කියන අසත්‍ය ප්‍රකාශයකි.

යම් පර්යේෂකයකු කරනු ලබන පර්යේෂණ පත්‍රිකාවක් තවත් කෙනෙකුට සොරකම් කර නිෂ්පාදනයක් කිරීමට හැකියාවක් නොමැති බව ලොව පිළිගත් පර්යේෂකයෝ දනිති. පර්යේෂණ ක්ෂේත්‍රයට අඳ බාලයෝ නම් මෙවැනි කතා කියන අතර කිසිදු විද්‍යාත්ක දැනුමක් නැති යූ ටියුබ් නාලිකා හිමිකරුවන්ට සහ ඇතැම් මාධ්‍යවේවදීන්ට ඔවුන්ගේ මේ ප්‍රකාශ ඉර හඳ සේ විශ්වාස වුවද මේ අයියා මළෝ දෙදෙනා කරන්නේ පර්යේෂණ ක්ෂේත්‍රයටම නිගාවකි.

ආචාර්ය නන්ද ගුණවර්ධන එක්තරා යූ ටියුබ් නාලිකාවක කියා සිටියේ තමන් පේටන්ට් ඉල්ලීමට කටයුතු කරගෙන යනවිට ආඩතෝඩාවලට වෙනත් රටකින් පේටන්ට් ගැනීම නිසා එය කළ නොහැකි වූ බවයි.

මෙම ලේඛකයා මෙරට පේටන්ට් හිමිකරුවෙකි. පේටන්ට් ගන්නා ක්‍රමවේදය අනුව ආඩතෝඩාවලට පේටන්ට් බලපත්‍රයක් ගත්ත ද ඔහු ආඩතෝඩා ඇතුළු වෙනත් ශාක සාරයන් සහිතව කරන ලද නිෂ්පාදනයට පේටන්ට් ගැනීමට කිසිදු බාධාවක් නැත.

නන්ද ගුණවර්ධන ආචාර්යවරයා සැබෑ පර්යේෂකයකු නම් ඒ බව හොඳින්ම දැන සිටිය යුතුය.

ඔවන් සැබැවින්ම නිෂ්පපාදනයක් කර නැති බැවින් ඔවුන්ට පේටන්ට් ගැනීමට හැකියාවක් නැත.

පේටන්ට් පිරිනමන ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ කාර්යාංශයෙන් අප කළ විමසීමක දී අනාවරණය වූයේ එවැනි පේටන්ට් බලත්‍රයක් මෙතෙක් ඉල්ලා නැති බවියි.

මේ නිෂ්පාදනය නිසා මිනිසුන් මියයාම අඩුවනවා ද ?

නැත එසේ නොවන බව සක්සුදක් සේ පැහැදිලිය. ලෝකයේ කොරෝනා හේතුවෙන් මියයන සංඛ්‍යාව 1% – 2% ත් අතර සංඛ්‍යාවකි. කොරෝනා සඳහා මෙතෙක් කිසිදු ඖෂධයක් (වැළැක්වීමේ එන්නත රෝගය හැදුණු පසු දෙන ඖෂධයක් නොවේ) සොයාගෙන නැති බැවින් බෙහෙත් ලැබෙන්නේ නැත. ලැබෙන්නේ රෝග ලක්ෂණ අඩු කිරීමේ ඖෂධ පමණි.

ඇල්වතුර බීව ද කොරෝනා සෑදෙන අයගෙන් 98% මරණයෙන් ගැලවෙති.

නමුත් කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකරන ලද පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ එහි මෘත ශරීරාගාරයට ලැබුණු කොරෝනා මළ සිරුරුවලින් අහඹු ලෙස තෝරාගත් 100ක් අතරින් 59 දෙනකුම හෙවත් 59%ක් ම උදාර සම්පත් ගුණවර්ධනගේ සහ නන්ද ගුණවර්ධනගේ නිෂ්පාදනයට රැවටී එය පානය කර තිබූ බවයි.

කරාපිටියේ දී මියගිය වැඩි පිරිසකට ඔහුගේ නිෂ්පාදනය ලැබුණ ද මරණයෙන් බේරීමට හැකිවී නැත.

වචනවලින් මිනිසුන් රැවටා මුදල් ගැරීම

කොරෝනා වසංගතය මාරාන්තික බැවින් ඊ‍ට ජනතාව දැඩි භියක් දක්වති. ඔවුන් සිදුකරන්නේ ඉන් ප්‍රයෝජන ගැනීමයි. ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේත් එල්ලෙනවා යන කියමන සනාථ කරමින් ඔවුන් ආයුර්වේද ‍ලේබලය අලවා කරාපිටිය ශික්ෂණ රෝහලේ සාමාන්‍ය වෛද්‍යවරයකු සුපිරි වැඩක් කර ඇතැයි පවසමින් කිසිදු පර්යේෂණයක් හෝ තහවරුවක් නැතිව කරලක් නිපදවා එය විකුණයි. ඔවුන් මුදල් ගරන්නේ මිනිසුන්ට මරණ භය විකුණමිනි. කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිට රෝද පුටුවක මිනිසකු පණ අදිමින් සිට මියගියා යැයි උදාර සම්පත් මාධ්‍ය හමුවේ කීවේ පට්ටපල් බොරුවකි. ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ද පැවැත්වෙයි. ඒ ජනතාව භියට පත්කිරීමටය.

කොරෝනාවලට ඖෂධ විකිණීම අතිශය ලාභදායී ව්‍යාපාරයකි.

ආයුර්වේද බෙහෙතක් සොයාගත් බව කියමින් දේශීය සහ හෙළ යන සංකල්පයට මිනිසුන්ගේ තිබෙන කැමත්ත හා බටහිර විරෝධී ආකල්ප භාවිතා කරමින් බටහිර වෛද්‍යවරයකු ඉදිරියට දමා ඔවුහු මේ ජාවාරම කරති.

එහි දී වෛද්‍යවරයා ‍හෝ ආචාර්යවරයා කිසිදු පිළිගත හැකි ලේඛනයක් ඉදිරිපත් නොකර පර්යේෂණයක් සනාථ නොකර සාමාන්‍ය මිනිසුන් නොදන්නා තාක්ෂණික, වෛද්‍ය විද්‍යාත්මක පාරිභාෂික වචන භාවිතා කරමින් වචන හරඹයක් කරයි.

අපේ මාධ්‍යවේදීන්ට ද එවැනි වචන ගැන එතරම් අවබෝධයක් නැත. ඒවායින් මේ අයියා මළෝ දෙදෙනා රටම රවටති.

(මෙම ලිපිය ‍‍හේතුවෙන් යම් පුද්ගලකුට හෝ පාර්ශවයකට හෝ ආයතනයකට හෝ අගතියක් වන්නේ යැයි පවසන්නේ නම් ඔවුන්ගේ ප්‍රකාශයන්ට ද මේ හා සමාන ඉඩක් ලබාදෙමින් පළකරන බව දන්වා සිටිමු)

ලේඛකයා

පර්යේෂණ සම්බන්ධ කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හදාරනු ලබන අතර මෙරට ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් සහ විද්වතුන් සමඟ විවිධ විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ සිදුකරන ලද පර්යේෂණ රාශියක් පිළිබඳ වසර ගණනාවක සිට අධ්‍යයනය කර තිබේ. 1999 වර්ෂයේ දී විද්‍යාභිවර්ධන සංගමය මගින් පිරිනැමූ “හොඳම විද්‍යා සන්නිවේදකයා” සම්මානය හිමිකරගත් ලේඛකයා මෙරට ප්‍රකට විද්‍යා ලේඛකයකු ද වෙයි.විද්‍යා පර්යේෂණ පත්‍රිකා පරිශීලනය කරමින් දශක තුනකට ආසන්න කාලයක් ලේඛන කාර්යයෙහි නිරතවන මෙම ලේඛකයාට ලොව පිළිගත් විශ්වවිද්‍යාල රැසක පර්යේෂණ පත්‍රිකා පරිශීලනය කිරීමේ අවසරය ද ඇත. මෙරට මෙන්ම විදේශයන්හි පර්යේෂණ සම්බන්ධයෙන් ද ඔහු ලිපි රැසක් සම්පාදනය කර ඇත. මෙම ලේඛකයා විසින් කරනු ලැබූ ‍පර්යේෂණ සඳහා පේටන්ට් බලපත්‍ර ද හිමිව ඇත.

විශේෂ ස්තූතිය

මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා

මහාචාර්ය සුජීව අමරසේන – උප කුලපති රුහුණ විශ්වවිද්‍යාලය

මහාචාර්ය සුනෙත් බුද්ධික අගම්පොඩි – රජරට විශ්වවිද්‍යාලය

වෛද්‍ය චමල් සංජීව

කොළඹ විශ්වවිද්‍යාලය

රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ඇතුළු කාර්ය මණ්ඩලයට

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය

7 COMMENTS

  1. ලේඛකයා ගේ සහතික කෝ.අපි කොහොමද ඒවා විශ්වාස කරන්නෙ එතකොට ? අනික ඔයාල අර නවක නිළියක ට කොරෝන කියල තඩි බොරුවක් අතෑරලා චාටර් උණා නේද? මේක ට්ත් එහෙම එකක්ද? මේක ඇත්ත නම් ඔයගොල්ලො දෙගොල්ලොම පට්ට චාටර්. එක වල්ලෙ පොල්.

  2. එතකොට ඔය බෙහෙත බීලා සනීප වෙච්ච අය එකෙන් මරනයෙන් බේරුනු අය. අපිට විස්වාසයි ඔය බෙහෙත ..ඔය විදියට කුහක වෙන්න එපා.ජීවිත බේරගන්න හොදම ඖෂධය රැක ගන්න.

  3. 2021.09.20 wana dina rathri ihatha puwathata anuwa ma wisin adahas prakasha kalemi.me wanawita oba madya thulin ma wisin dakwu adhas iwath kara atha. ein adahas wanne oba dakwana karunu walata wiruddawa matha darannange adhas prathikshepa krana bawai. meya obe madya sadacharya dai prashna karami..memagin obage janapriya yai kiyaganna lada lekakaya wana Sajeewa Wijeeweera saha oba madye heluwa nirawaranaya wee atha.thawa da lekakaya wisin dakwa athi siyalu karunu asathya saha padanam wirahithaya. me wana witath MEGHA PRIMAL INTAKE (karapitiya karala) magin covid 19 asaditha rogin suwapath wee hamaraya. e bawa oun pin deemen monawata pahadili wanu atha.

  4. මෙහෙමයි. ඔය චෝදනාවට පැහැදිලි පිලිතුරක් ඔය නිමැවුම්කරුවන් දැන් වහා දියයුතුයි. නමුත් බෙහෙතක් ලෙස ඕක තියා මොකක්වත් අපිටම කියලා හදන්න ඉඩක් නෑ. ඒ නිසා තමා ආහාර අතිරේකයක් ලෙස ඕවා දෙන්නේ. ඒක රජයෙ වැඩක්. නමුත් පෙනහලු පිලිකා හැදෙනවා කියන කරුණට කෝ සහතික? එලියෙ සිට කරන චෝදනා පිළිගත නොහැකියි. අනික පිලිකා,පෙනහලු පිලිකා හැදෙනවා නම් මීට වඩා බරපතල ඒව අපෙ රටේ මිනිස්සු පාවිච්චි කරනවා. එලිපිට කිසි බයක් නැතිව . කිරි පිටි, ක්ෂනික නූල්ඩ්ස්,කෙටි ආහාර , මෝල්ට් වර්ග ,මදුරු කොයිල් ඉන් නම් කිහිපයක්. මේව මෙච්චර කල් අවුරුදු ගණනාවක් භාවිතා ක්‍රනකල් ඔය විද්‍යා ලේඛකයා සහ නම් ස’දහන් ඇදුරන් ‘කොමා” තත්වයේද හිටියේ. තත්ව සහතික දෙන ආයතනය ම හොර ගුහාවක්. ඒ නිසා මේ ප්‍රහාරය ඉලක්කගත කුහක ප්‍රහාරයක් බව පැහැදිලියි . තර්කයෙන් බැරිනම් කෙසේ හෝ පරදමි කිය්න වීරවංශ හිවල් න්‍යායේ ක්‍රමයක්. කියමනක් තියෙනවා එකම බොරුව නැවත නැවත කීමෙන් එය තහවුරු වෙනවා කියලා. මේකත් එහෙම එකක්. ඔය තර්ක විතර්ක වලින් මේ රටේ මිනිස්සුන්ට ඇති යහපතක් වෙයිද? ඔය ඔසුව හරිනම් රටේ මිනිස්සුන්ට දරන්න හැකි මිලකට දෙන්න.එය වෙනම කතාවකි. එලියේ සිට අටවාගන්නා තර්ක පිලිගත නොහැකි වීම අනිත් කතාවකි.අන්තෝ ජටා බහි ජටා.හපොයි rata ට ගිය කල.

  5. කොරහෙත් කිඹුල්ලු දකින අය ඉන්න රටක් මේක.මේ වෛද්‍යවරුන් දෙදෙනාගේ වාර්තා ඉල්ලන ලේඛකයා ඔහුගේ සුදුසුකම් සහිත වාර්තා ඇතුලත් කර නෑ.අදටත් රෝහල් වල නිල වශයෙන් දෙන බෙහත් වර්ග වල නොඑක් විෂ තියෙනවා.ඒක හරියට හොර අරක්කු සහ ලයිසන් අරක්කු වගේ.පිලිකා වලට දෙන සමහර ප්‍රතිකාර නිසා මිනිසුන්ගේ මුලු රූපයම වෙනස් වෙනවා.ඒත් කවුරුත් කියන්නේ නෑ අන්න අර මිනිස්සුන්ගේ කොන්ඩෙ යනවා අරක වෙනවා කියලා.මොකද එහෙම නොකොලොත් මැරෙන්න වෙනවා.අනිත් අයගේ වැඩේ තමයි එහෙම අතුරු ආබාධ නැති බෙහෙතක් හොයාගන්න එක.එතෙක් අරක ගන්න වෙනවා.ඒවගේ මේ බෙහෙතෙනුත් මිනිසුන් බේරෙනවා.යම් ලෙසකින් වෙනත් අතුරු ප්‍රථිපල තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න පහසුකම් ලබා දිය යුතුයි.විධිමත් ක්‍රමවේධයකට අනුව එලියට ආපු මෙවැනි දේශීය නිර්මාණයකට ඉතා පහත් ලෙස පහර ගැසීම ලජ්ජාවට කරුනක්.ඕනිම දෙයක් ප්‍රමාණය ඉක්මවා ගත්තොත් විෂ වෙන්න පුලුවන්.වතුර බිවුවත් එහෙම තමයි.මේ අයව විද්වත් සභාවකට කැදවා ප්‍රශ්ණය සාකච්ඡා කර මෙය දියුණු කිරීම සදහා උදවු කල යුතු වෙනුවට මෙවැනි කුහක කම් කිරීම යුතු නෑ .මා දන්නා තරමින් මේ ආහාර අතිරේකය ලබාගෙන සුව වූ අය විශාල ප්‍රමානයක් ඉන්නවා.ඒ නිසා රජයක වගකීමක් තියෙනවා ජනතාව ආරක්ෂා කිරීම.ජනතාවට නොගැලපෙන දෙයක් දෙනවාද නැද්ද යන්න සොයා බලා තීරණ ගැනීමට.එය විද්‍යාත්මකව සිදු කල යුතුයි.දැන් ඔය එන්නත දුන්නා කියලා මැරෙන එක නතර වෙනවද?එන්නත් ගත්තු කී දෙනෙක් මැරුනද?කී දෙනෙක් නැවත රෝගයට ගොදුරු උනාද?ඒවා ගැන මේ ලේඛකයා දන්නවාද?ඒවා ගහපු අයට ආපු අතුරු ආබාධ ගැන දන්නවාද?මගේ අතේ උරහිසේ සිට වැලමිට ආසන්නයට වෙනකම් සිවියක් වගේ හම ගැලවීමට පටන් ගත්තා.දින පහක් විතර එහෙම සියුම් ලෙස මතුපිට හම ගැලඋනා.මා දන්න මගේ කාර්‍යාලයේ වැඩකරන කාන්තාවකටත් එන්නත ගත්තාට පසුව මේ ආකාරයටම වෙනත් අතුරු ආබාධ ආවා.කොහොම උනත් රජය මැදිහත්වෙලා මේ ගැන පර්‍යේෂනයක් කල යුතුයි.එය පිලිගත් ක්‍රමයකට සිදුකල යුතුයි..

  6. මේකට පින් දෙන අය මිස බීලා කාටද? පිලිකා හැදුනේ . අපේ දෙයක් අගයන්න.බැරි සිංහ හම් පොරවා ගත් නරි නිසා රටට දෙවි පිහිටයි.covid වලින් බේරෙන්න එකම බෙහෙත මෙයයිි🙏

Leave a Reply to rajeewa nanayakkara Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!