spot_img
spot_imgspot_img

ගාල්ලේ රෝහලක සංවේදී දර්ශනයක් (වීඩියෝ)

පුවත්

විදෙස්

ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක දී මියගිය කොරෝනා ආසාදිතයකු ආදාහනය සඳහා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවෙත නිකුත් කර තිබේ.

පුද්ගලික රෝහල ගිලන්රථයකින් මෙම මළ සිරුර ආදාහනාගාරයට යැවීම සිදුකරයි.

මේ වනවිට ගාල්ලේ පුද්ගලික රෝහල්වල මියයන පුද්ගලයන් කොරෝනා ආසාදිත බව කලින් තහවුරු කරගෙන ඇත්නම් නැවත පීසීආර් පරීක්ෂණයක් සිදුනොකර එම පුද්ගලික රෝහලේ ම වෛද්‍යවරුන් විසින් මරණයට හේතුව සඳහන් කර නිරෝධායන නීති අනුව ආදාහනය සඳහා යැවීමට අවසර දී තිබේ.

ඒ අනුව යම් පුද්ගලයකු පීසීආර් පරීක්ෂණයකින් හෝ ඇන්ටිජන් පරීක්ෂණයකින් හෝ කොරෝනා ආසාදිත බව තහවුරු වී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියහොත් එම සිරුර ආදාහය සඳහා එම රෝහලෙන් ම ආදාහනාගාර වෙත යොමු කිරීම සිදුවේ.

මෙලෙස සිදුවන මරණ පිළිබඳ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන බව ද පුද්ගලික රෝහල් පරිපාලනය පවසයි.

1 COMMENT

  1. මේක සම්පූර්ණ නීති විරෝධ ක්‍රියාවක් විශාල අසල්වාසි ප්‍රමාණයක් සිටින ජනතාවගේ නිවාස ඇති මිනිසුන් විශාල ලෙස ගැවසසෙන ප්‍රදේශයක මෙසේ කිසිම ක්‍රමවේදයක් නොමැතිව ප්‍රසිද්ධියෙ මිණී බැගැරකල හැකිද්? එසේම සමහර මෘතදේහ කීපයක් භූමදානය සදහා එක්වර ඔවුන්ගේ වාහන වලින් රැගෙන යන බවක්ද අසල්වාසීන් පැමිණිලි කරයි. විශේෂයෙන් කොවිඩ් මිණී භූමදානය කිරීමට රජය විසින් යම් ව්ශේෂ භූමියන් ලබාදීමට කටයුතු කර ඇති මොහොතක ඒවා රජයේ අදීක්ෂනය යටතේ එම ස්ථාන වලටම ගෙනයනවද ? එසේම මෙම පෞද්ගලික රෝහල අසල්වාසීන්ගේ විරෝධය මද්‍යයේ මෙසේ මෘතදේහය අප්‍රසන්න ලෙස ප්‍රසිද්ධියෙ බැහැර කරයි. ඔවුන් මෙඩිකල් වේස්ටේජ් ( ශල්‍ය අපද්‍රව්‍ය ) පවා මෙසේ ඉතාමත් අක්‍රමවත් ලෙස අසල්වාසී ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට තරජනය වන පරිදි එසේම අකමවත් ලෙස බැහැර කරයි. මොවුන් මේ සියලුදේ මුදල් පමණක් බලාපොරොත්තුවෙන් රටේම ජනතාවගේ ජීවිත තරජනය වන අයුරින් කටයුතු කරයි. බලදාරින් නිහඩ ඇයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!