spot_img
spot_imgspot_img

නව බදු සමා පනතින් කොළඹ කොටස් වෙළෙඳ පොළට බිලියන 100ක් ආයෝජන ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 33,653ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,496ක් ලෙස සටහන් විය.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 238.6 කින් ඉහළ ගිය අතර එය ඒකක 8,931ක් ලෙස වාර්තා විය.

අද දිනයේ වැඩිම වටිනාකමක් සහිතව කොටස් ගනු දෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපිියල් මිලියන 2,186යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 984.00යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලයන 522යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනු දෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 102ක් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 63ක් ද, එස්එම්බී ලීසිං සමාගම කොටස් මිලියන 16ක් ද වශයෙන් ප්‍රධාන විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර අමානා ලයිෆ් සමාගමේ කොටස් 25%කින් ද, බේරුවල රිසෝට් සමාගමේ කොටස් 22%කින් ද, මාරවිල රිසෝට් සමාගමේ කොටස් 21%කින් ද කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස සමස්ත වටිනාකම රුපියල් බිලියන 333ක් වාර්තා කරමින් එක්ස්පෝ ලංකා සමාගම ද රුපියල් බිලියන 253ක වත්කමක් වාර්තා කරමින් එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද පත්විය. අද දිනයේ සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 5.3ක් රුපියල් 8.10ක් බැගින් හුවමාරු විය.

විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 40ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 52ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස රුපියල් මිලියන 12ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ. 2021 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට අද දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශ ආයෝජකයන් විසින් රුපියල් බිලින 42.634 ක මුදලක් ඉවත්කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලිය 11.9යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 4.1යි, ලංකා ටයිල් සමාගම රුපියල් මිලියන 03යි ලෙස ද විදේශීය ආ‍යෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 8.6යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 7.3යි, හේලීස් සමාගම රුපියල් මිලියන 3.4ක් ලෙස සටහන් විය.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ අප විසින් ඊයේ දිනයේ වාර්තා කළ පරිදිම නව පත්වීම් කිහිපයක් හේතුවෙන් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 237කින් ඉහළ යන ලදී. එමෙන් ම අද දිනයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින්  2021 දෙසැම්බර් 31 දිනට පෙර 01% නාමික බදු මුදලක් ගෙවා දේශීය හෝ හෝ විදේශීය ඕනෑම මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පෙ‍ාළ ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලතල ලබාදුන් 2021 අංක 18 දරන මුදල් පනතට අත්සන් කරන ලදී.

ඒ අනුව එම නීතිය අද සිට බලාත්මක වන අතර මෙම බදු සමා පනත හේතුවෙන් දෙසැම්බර් 31 දින වනවිට රුපියල් බිලියන 100ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය වනු ඇතැයි නව මහ බැංකු අධිපත අජිත් නිවාඩ් කබ්‍රාල් විශ්වාසය පළ කළේය.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!