spot_img

ශ්‍රී ලංකාව දැඩි අවදානම් රටක් බව ඇමෙරිකාව කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව කොරෝනා අවදානමේ ඉහළ මට්ටමේ රටවල් අතරට නම්කිරීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.

ඇමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වර්ගීකරණය අනුව ශ්‍රී ලංකා කොරෝනා ඉහළ අවදානමක් සහිත හතරවන මට්ටමේ රටක් බවට නම්කර ඇත.

ශ්‍රී ලංකාවට අමතරව බෲනායි සහ ජැමෙයිකාව යන රටවල් ද මෙලෙස හතරවැනි මට්ටමේ අවදානම් රටක් ලෙස නම්කර තිබේ.

ඇමෙරිකා වසංගත රෝග හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ අත්‍යාවශ්‍යම කරුණකට ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ නම් එලෙස යා හැකිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයකුට පමණක් බවයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවන ආකාරය අනුව පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට ද වයිරසය ආසාදනය වීමේ හැකියාව මෙන්ම වෙනත් අයකුට පැතිරවීමේ හැකියාව ද පවතින බව ඇමෙරිකාව පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles