spot_img
spot_imgspot_img

විශේෂඥයන් ඉවත් වූ කොරෝනා කමිටු ගැන ඇමති සුදර්ශනී කියයි

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනය සඳහා පත්කරන ලද තාක්ෂණික හා උපදේශක කමිටුවලින් ඉවත් වූ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගොස් තිබේ

කොළඹ දකුණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න එලෙස ඉල්ලා අස්වූ නවතම සාමාජිකයාය.

ඔහුගෙන් ඒ පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ විට කියා සිටියේ එම කමිටුවට තමන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි සිතෙන බැවින් ඉල්ලා අස්වූ බවයි. ඔහු පවසන්නේ තමන් එම සංගමයේ වසර එකහමාරක් සිටි බවයි.

එම කමිටවලින් මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය ඒ.පත්මේශ්වරන්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ විශේෂඥ වෛද්‍ය අසෝක ගුණරත්න ඉල්ලා අස්වූහ.

මහාචාර්ය ඒ.පත්මේෂ්වරන් පසුගිය ජුනි මාසයේ දී ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වූයේය. එම කමිටුවේ සිිටි මහාචාර්ය නීලිකා මලවිගේ ද ජුනි මාසයේ දී ම කමිටුවෙන් ඉවත්වූවාය. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කොරෝනා රෝග මර්ධන පිළිබඳ සායනික කමිටුවෙන් දින කිහිපයකට පෙර ඉවත් වූ අතර විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න එම කමිටුවෙන් ඊයේ (07) ඉවත් වූයේය.

තම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසා ඇත්ත් වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ නොතකා ඇතැම් පාර්ශව එන්නත්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යන බැවින් ඉල්ලා අස්වන බවයි. ඔහු එහි දී උදාහරණයට ගෙන ඇත්ත් මහනුවර දිසත්‍රික්කයට ස්පුට්නික් – වී එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා දීම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20-30 අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත් ලබාදීමයි.

විශේෂඥවරුන්ගේ මෙම ඉවත්වීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සහ  කොරෝනා මර්ධන විෂය භාර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේ ඔවුන් කමිටුවලින් ඉවත් වුව ද සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවී සිටින බවයි.

ඇය පවසන්නේ චෝදනා කිරීම්වලට නොයා කොරෝනා පරාජය කිරීමට සියලු දෙනා එක්විය යුතු බවයි. කොරෝනා මර්ධනය කිරීමට වර්තමානයේ රටවල් ලොක්ඩවුන් තත්වයට නොයන බව ද ඇය කියා සිටියාය.

“මෙය චෝදනා කර කර ඉන්න කාලයක් නෙවෙයි. විශාල අර්බුදයක් තියෙන මේ වගේ වෙලාවක සමහරු ෂර්ලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලීම වැරදියි. එන්නත්වලට ලොකු ඉල්ලුමක් ඇති වී තිබෙන බැවින් ඇතැම් ස්ථානවල තදබදයක් පවතිනවා. එවැනි තැන්වල දී පවා සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපැදිය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!