පිටසක්වළ සිට පෘථිවියට එල්ල වූ දැවැන්ත ප්‍රහාර 16ක් අනාවරණය වෙයි

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

රාත්‍රියට දක්නට ලැබෙන සඳ මතුපිට හාවකු සිටින බව අතීත ජනතාව සිතා සිටිය ද විද්‍යාවේ දියුණුවත් සමඟ එහි හාවකුගේ රූපයක් මෙන් දිස්වන්නේ හඳ මතුපිට ඇති කඳු හෙල් සහ දැවැන්ත ආවාට වලින් ඇතිවූ හැඩයන් ඔස්සේ මවාගත් කල්පිතයක් බව අපි තේරුම්ගෙන ඇත්තෙමු.

සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ආසන්නයට ම හෝ ඒවා මතුපිටට හෝ යානා යවා ඡායාරූප ගැනීමට මිනිස් වර්ගයා සමත්වූව සිටියි. එහි දී තහවරු වන්නේ ඒ සෑම ග්‍රහලෝකකම ලොකු කුඩා ආවාට මිලියන ගණනක් ඇති බවයි.

එවැනි ආවාට නිර්මාණය වන්නේ අභ්‍යාවකාශයේ පාවී යන කුඩා ගල් කැබලි, ග්‍රහක කැබලි ඒ මත පතිත වීමෙනි. නමුත් මෙවැනි ආවාට නිර්මාණය වන ගල් කැබැල්ලක් හෝ පෘථිවිය මත පතිත වූ සිදුවීමක් අප දන්නා ඉතිහාසයේ නැත.

නමුත් විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් අනුව වසරකට එවැනි ග්‍රහ කොටස් 500කට වැඩි ප්‍රමාණයක් පෘතිවියට පතිතවන බවත් ඒවා පෘථිවි වායුගෝලය හේතුවෙන් ගිනිගෙන විනාශ වන බවත් තහවුරු වී තිබේ. එලෙස පෘථිවිය වෙත එන ග්‍රහවස්තුවක කොටස් රේඩාර් උපකරණ මගින් හෝ නැවත දැකගත හැකි තරම් විශාල වන්නේ ග්‍රහ වස්තු 5-6ක පමණ ප්‍රමාණයක බව ද විද්‍යාඥයෝ කියති.

නමුත් කවර මොහොතක හෝ විශාල ග්‍රහ කැබැල්ලක් පෘථිවිය හා ගැටී සියල්ල විනාශ කර දමනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ නිරන්තරව ම භියෙන් පසුවෙති. ඔවුහු ඒ නිසාම පෘථිවිය දෙසට පැමිණෙන ග්‍රහ කැබලි ගැන දැඩි අවධානයකින් සිටින අතර එවැන්නක් පැමිණයහොත් පෘථිවිය හා නොගැටී ඒවායේ ගමන් මග වෙනස් කිරීමට හෝ විනාශ කර දැමීමට හෝ ඇති හැකියාව පිළිබඳව ද සැළසුම් සකස් කරති.

නමුත් අතීතයේ පෘථිවිය හා ගැටුණු එවැනි ග්‍රහ කොටස් රැසක් පිළිබඳ මේ වනවිට පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබේ.

නමුත් වසර 5,000ට මෙයා අතීතයේ එවැනි ගැටුමක් සිදුව ඇති බවක් හඳුනාගෙන නැත. නමුත් විද්‍යාඥයන්ගේ ගණනය කිරීම නම් වසර 5,200කට පමණ වරක් විශාල ග්‍රහ කොටසක් පෘථිවිය හා ගැටීමට ඉඩ ඇති බවයි.

මීටර 100ක මණ විශ්කම්භයකින් යුතු ග්‍රහ කැබැල්ලක් පෘථිවිය හා ගැ‍ටෙන්නේ නම් එවැනි ගැටුමකින් කිලෝ මීටර 1.2ට වඩා විශාල ආවාටයක් නිර්මාණය වෙයි. එමගින් ටීඑන්ටී මෙගා ටොන් 3.8කට සමාන විශාල පිපිරීමක් සිදුවනු ඇත. එම පිපිරීම හිරෝෂිමා හා නාගසාකි පිපිරීම් දෙකෙහිම බල ශක්තියට වඩා දහස් ගුණයක් පමණ බලවත් වනු ඇත.

කිලෝ මීටර 01කට වැඩි විශ්කම්භයක් සහිත ග්‍රහකක් ගැටුණහොත් සිදුවන විනාශය ඒ අනුව සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත. විද්‍යාඥයන්ගේ ගණනය කිරීමනම් වසර 500,000කට වරක් එවැනි ගැටීමක් සිදුවීමට අවදානමක් ඇති බවයි. එමෙන්ම වසර මිලිනයකට වරක් කිලෝ මීටර 05ක විශ්කම්භය ඇති ග්‍රහ කැබැල්ලක් පෘථිවිය හා ගැටීමේ අවවදානමක් ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

එක්සත් ජනපදයේ පිහිටි ඇරිසෝනා ආවාටය වඩාත් සුප්‍රසිද්ධ ආවාටය වන අතර මෙතෙක් පෘථිවියට වැඩිම බලපෑම කළ ආවාටය ලෙස විශ්වාස කරයි.

දැනට පෘථිවියට බලපෑම් කළ ආවාට 188ක් හඳුනාගෙන ඇති නමුත් ඒවා බොහොමයක් පසුකාලීනව ඛාදනයෙන් හා වෙනත් දේශගුණනික හේතූන් මත විනාශ වී ගොසිනි. නමුත් තවමත් ආවාටයේ ලක්ෂණ හොදින් පෙන්වන පැහැදිලිව දැකිය හැකි ආවාට 16ක් පෘතිවිය මත පිහිටා තිබේ.

බේරින්ගර් ආවාටය හෙවත් ඇරිසෝනා ආවාටය

Photo credit: Erik Charlton/Flickr

ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු ඇරිසෝනා කාන්තාරයේ වින්ස්ලෝ අසළ ඇති බේරින්ගර් ආවාටය පෘතිවියේ දක්නට ඇති ඉතාමත් සුන්දර හා තවමත් හොඳින් දැකිය හැකි ආවාටයයි. මෙය සොයා ගැනීම භූ විද්‍යාවේ හැරවුම් ලක්ෂයක් ද විය. මේ ආවාටය ගිනි කඳු බලපෑමකින් නිර්මාණය වූ දෙයක් නොව උල්කාපාතයක් කඩා වැටීමෙන් නිර්මාණ්‍ය වූ දෙයක් බව පළමුවරට සනාථ කළේ ඩැනියෙල් බේරින්ගර් විසිනි. ඊට පෙර විශ්වාස කළේ උල්කාපාත භෞමික භූ විද්‍යාවෙව් කිසිදු භූමිකාවක් ඉටුකරන්නට නැති බවයි. විද්‍යාඥයන්ගේ අදහස වූයේ සඳ මත ඇති ආවාට පවා ගිනිකඳු නිසා නිර්මාණය වි ඇතැයි විශ්වාසයක් පැවතිනි. නමුත් බේරින්ගර් සිදුකළ මෙම සොයාගැනීමෙන් පසු ලොව පුරා එවැනි ආවාට රැසක් හඳුනාගෙන ඇත. උල්කාපාත හේතුවෙන් පෘථිවියේ භූ විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක ඉතිහාසය, ජලයේ ආරම්භය පමණක් නොවන ඩයිනෝසරයන්ගේ වඳවීම පවා සිදුකරන බව නූතන පිළිගැනීමයි.

බේරින්ගර් ආවාටයේ විශ්කම්භය මීටර 1,200කි. ගැඹුර මීටර 170ක්. එය තැනිතලාවක මීටර 45ක් පමණ ඉහළට නැගුණු වටකුරු දාරයකින් සමන්විතය.

වැඩි විස්තර

2. පිංගුඅර්ලිට් ආවාටය

ඡායාරූපය – NASA

මෙම ආවාටය පිහිටා ඇත්තේ කැනඩාවේ ක්විබෙක්හිය. විශ්කම්භය කිලෝ මීටර 3.44ක් වේ. දළ වශයෙන් වසර ලක්ෂ 140කට පෙර මෙම ආවාටය නිර්මාණය වී ඇති බව පිළිගැනේ. ආවාටය පිහිටි භූමියට වඩා එය වෘත්තාකාර දාරය මීටර 160ක් දක්වා ඉහළට නැගෙයි. මීටර 400ක් ගැඹුරු මෙහි මීටර 267ක් ගැඹුරු ජල කඳක් පිරි පවතී.

මෙය උතුරු ඇමෙරිකාවේ ගැඹුරුම විලක් බවට පත්ව ඇත. මේ විලේ විශේෂත්වයක් වන්නේ ලෝකයේ පිරිසිදුම මිරිදිය ජලය මෙහි පිහිටා තිබීමයි. මීටර 35ක් පමණ ගැඹුරට යන තුරු විලේ ජලයේ ඉහළ දෘෂ්‍යතාවක් ඇත.

වැඩි විස්තර සඳහා

3. වුල්ෆ් ක්‍රීක් ආවාටය

ඉතාමත් හොඳින් සංරක්ෂණය වී ඇති උල්කාපාත ආවාටයකි. බටහිර ඕස්ට්‍රේලියාවේ හෝල්ස් ක්‍රීක් නගරයට කිලෝ මීටර 150ක් පමණ දකුණින් මහා සැන්ඩි කාන්තාරයේ ඊසාන දිග මායිමේ තැනිතලා ප්‍රදේශයක පිහිටා ඇත. එහි විශ්කම්භය මීටර 880කි. පැතලි ආවාට තට්ටුව ආවාටයේ මායිමේ සිට මීටර 55ක් පහළින් සහ ආවාටයෙන් පිටත වැලි තැනිතලාවේ සිට මීටර 25ක් පමණ පහළින් පිහිටා ඇත. මෙහි විශේෂත්වයක් වන්නේ ආවායේ මැද පොළොව යළි තරමක් ඉහළ ගොස් තිබීමයි. ගිම්හාන කාලයේ දී ඇතිවන වර්ෂාවෙන් පසු ආවාට ජ සංචිතවලින් ජල අවශ්‍යතාවව ඉටුකරගන්නා ශාක විශේෂ කිහිපයක් මේ ආවාටයේ වර්ධනය වන අයුරු දක්නට ලැබෙයි. භූ විද්‍යාඥයන්ගේ විශ්වාසය වන්නේ මේ ආවාට වසර 300,000ට පෙර ඇතිවූවක් බවයි.

වැඩි විස්තර සඳහා

4. ඇම්ගුයිඩ් ආවාටය

Photo credit: NASA

ඇම්ගුයිඩ් ආවාටය පිහිටා ඇත්තේ නිිරිතදිග ඇල්ජීරියාවේ ආනත සහ ප්‍රවේශ විය නොහැකි ප්‍රදේශයකය. අවාටයේ විශ්කම්භය මීටර 500ක් පමණ වන අතර ගැඹුර මීටර 65ක් ලෙස අනුමාන කරයි. සුළඟින් හමා එන වැලි වරින් වර මේ ආවාටයේ පිරී යන බැවින් එහි සැබෑ ගැඹුර ගණනය කිරීම අපහසුය. මෙම ආවාටය වසර 100,000 – 10,000ත් අතර කාලයේ නිර්මාණය වූවක් බවට විශ්වාසය කරයි.

වැඩි විස්තර සඳහා

5. ඒරංගා ආවාටය

Photo credit: NASA

සහාරා කාන්තාරයේ උතුරු මැද වැඩ්හි හොඳින් දක්නට ලැබෙන ආවාටයකි. මෙය කේනද්‍රීය වළලු වලින් වටවී ඇති අතර විද්‍යාඥයන්ගේ විශ්වාසය වන්නේ විශාල උල්කාපාතයක් පෘථිවිය මත පතිතවීමට පෙර කැබලිවලට කැඩී ‍යාමෙන් මෙම වළලු හටගන්නට ඇති බවයි. එය අදින් වසර ලක්ෂ 3450කට පෙර සිදුවූවක් බව විශ්වාසයක් පවතී. ආවාටයේ මැද ඇති කඳු වටා මුදුන කුඩා වැලිවලින් පිරුණු කාණුවක් වැනි කොටසකින් වටවී තිබේ. ආවාටය නිර්මාණය වූ කාලයේ සිට හැමූ සුළං වලින් ඒක දිශානුගතව ඛාදනය වූ ස්වරූපය ද මනාව දක්නට ලැබේ.

6. ලෝනාර් ආවාටය

Photo credit: Mangesh dams/Panoramio

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලෝනාර් නම් කුඩා ගම්මානයක මෙය පිහටා තිබේ. භූවිද්‍යාඥයන් පවසන්නේ අදින් වසර 52,000කට පමණ පෙර යෝධ ගල් කැබැල්ලක් මේ ස්ථානයට කඩා වැටීමෙන් කිලෝ මීටර 1.8ක් පළල හා මීටර 150ක් ගැඹුරු ආවාටය නිර්මාණය වී ඇති බවයි. කාලයාගේ ඇවෑමෙන් ආවාටය විලක් බවට පත්ව ඇත.

7. ගෝසස් බ්ලෆ්

Photo credit: Yann Arthus-Bertrand

මෙය පිහිටා ඇත්තේ බටහිර ඕස‍්ට්‍රේලියාවේ ය. ඇලිස් උල්පත්වලට බටහිර දෙසින් පිහිටි මේ ආවාටය වසර ලක්ෂ 1,420කට පෙර ග්‍රහයක් කඩා වැටීමෙන් නිර්මාණය වී ඇති බව පිළිගැනීමයි. මෙහි මුල් ආවාට දාරය කිලෝ මීටර 22ක විශ්කම්භයකින් යුතු වුව ද දැඩි සේ ඛාදනය වී තිබේ. දැන් දක්නට ලැබෙන එහි උස මීටර 180කි. කිලෝ මීටර 05ක විශ්කම්භයෙන් යුතු මධ්‍ය ව්‍යුහය ද ඛාදනයට ලක්ව නටඹුන් වී තිබේ.

8. ටෙනූමර් ආවාටය

Photo credit: NASA

සහරා කාන්තාරයේ බටහිර ප්‍රදේශයේ මොරිටානියා හි පිහිටා ඇත. මීටර 100ක් උස දාරයක් සහිත කිලෝ මීටර 1.9ක විශ්කම්භයකින් යුතු හොඳින් පරිපූර්ණ වෘත්තයක් ලෙස මෙය පිහිටා තිබේ. ආවාටය නිර්මාණය වන්නට ඇත්තේ අදින් වරස 10,000ත් 30,000ත් අතර කාලයේ දී බව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

9. ස්වේං ආවාටය

Photo credit: M J Gaylard

ස්වේං ආවාටය පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා සිට වයඹ දෙසට කිලෝ මීටර 40ක් දුරිනි. මෙි විශ්කම්භය කිලෝ මීටර 1.13කි. මීටර 100ක් ගැඹුරින්න ඇති එය වසර 220,000 පෙර නිර්මාණය වන්නට ඇතැයි සැළකේ. උල්පත්, භූගත ජලය සහ වැසි ජලය සහිත වූ මේ ආවාටය 1956 වනතුරුම කාබනේට් සහ ලුණු ලබාගත් ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබිණි.

10. රොටර් කම් ආවාටය

Photo credit: baumeler.hp/Panoramio

නැමිබ් කාන්තාරයේ පිහිටි මෙ ආවාටය කිලෝ මීටර 2.5ක් විෂ්කමභය සහිතය. ගැඹුර මීටර 130කි. නමුත් එහි මීටර 100ක් පමණ උසට වැලි තැන්පත්ව ඇති බැවින් ඉතා නොගැඹුරු අවපාතයක් සේ පෙනෙයි. වසර ලක්ෂ 40-50කට පමණ පෙර නිර්මාණය වූ ආවාටයක් බව විද්‍යාඥයන්ගේ අදහසයි.

11. මැනිකුවාගන් ආවාටය

Photo credit: NASA

කැනඩාවේ කියුබෙක්හි පිහිටි මැනිකුවාගන් ආවාටය පෘතිවියේ ඇති දෘෂ්‍යමාන ආවාට අතරින් විශාලතම ආවාටයයි. එමෙන් ම එය පැරණිතම ආවාටවලින් එක්ක බව ද පිළිගැනේ.

භූ විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙම ආවාටය වසර ලක්ෂ 2,155කට පෙර නිර්මාණය වූවක් බවයි. කිලෝ මීටර 100ක් පමණ දුරැති බහු වළලු ව්‍යුහයක් සහිත එහි අභ්‍යන්තරයේ කිලෝ මීටර 70ක පමණ විශ්කම්භයකින් යුතු මුහුදක් දක්නට ලැබේ. එය මැනිකුවාගන් ජලාශය ලෙස හඳුන්වයි.

12. ෂූමේකර් ආවාටය

Photo credit: NASA

බටහිර ඕස්ට්‍රේලියාවේ විලූනා  නගරයට කිලෝ මීටර 100ක් පමණ ඊසාන දෙසින් මෙම ෂූමේකර් ආවාටය පිහිටා තිබේ. කිලෝ මීටර 12ක පමණ විශ්කම්භයකින් උල් වූ ආර්කියන් ග්‍රැනයිට් සහිත මධ්‍ය වක්‍රයක් ඇති අතර ආවාටයේ විශ්කම්භය කිලෝ මීටර 30ක් පමණ වෙයි. එය අවසාදිත පාෂාණ වළල්ලකින් වට වී ඇත. මේ ආවාටය කවර කාලයක නිර්මාණය වී තිබේ ද යන්න තවමත් අවිනිශ්චිතය.

13. පැහැදිළි ජල විල් (Clearwater Lakes)

Photo credit: NASA

කැනඩාවේ ක්විබෙක්හි හඩ්සන් බොක්ක අසළ පිහිටි ඛාදනය ලක්වූ ආවාට දෙකක පිහිටි වක්‍රාකාර විල් යුගලක් දක්නට ලැබෙයි. ඉන් නැගෙනහිර ආවාටය කි‍ොලා් මීටර 26ක විශ්කම්භයකින් යුතු අතර බටහිර ආවාටය කාලෝ මීටර 36ක විශ්කම්භයකින් යුක්තය. මුල් කාලීනව විශ්වාස කළේ ආවාට දෙකම එකවර සිදුවූ උල්කාපාත කඩා වැටීම් දෙකකින් නිර්මාණ්‍ය වන්නට ඇති බවයි. නමුත් මෙහි ඇති පාෂාණ විශ්ලේෂණයෙන් සොයාගෙන ඇත්ත් නැගෙනහිර ආවාටය වසර ලක්ෂ 4,600 – 4,700ත් අතර සිදුවන්නට ඇති බවයි. බටහිර ආවාටය වසර ලක්ෂ 2,860කට පෙර සිදුවූවකි.

14. කාලි උල්කාපාත ආවාටය

Photo credit: Tpani/Wikimedia

එස්තෝනියාවට අයත් සාරෙමා දූපතේ ‍කාලි නම් ගම්මානයේ මේ ආවාටය පිහිටා ඇත. දැනට හඳුනාගෙන ඇති ආවාට අතරින් ලාබාල ආවාටයකි. මිනිසා ගල් යුගය ගතකරමින් සිටිය දී අදින් වසර 7,600කට පෙරප මේ ආවාටය නිර්මාණය වි තිබේ. ආවාටය නිර්මාණය කළ උල්කාපාතය පෘථිවි වායුගෝලයට ඇතුළුවීමේ දී කැඩී බිඳී ගිය කොටස් වලින් කාලි උල්කාපාත ආවාට පිටිය ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ තවත් කුඩා ආවාට 09ක් දක්නට ලැබෙයි. විශාලතම ආවාටය මීටර 110ක විශ්කම්භයක් සහිත මීටර 22ක් ගැඹුරුය. අනෙක් ආවාට මීටර 12 සිට 40 දක්වා වූ විශාලත්වයෙන් යුක්තව දක්නට ලැබෙයි.

වැඩි විස්තර සඳහා

15. කාමිල් ආවාටය

ඊජිප්තු කාන්තාරයේ පිහිටි මේ ආවාටය සොයාගන්නා ලද්දේ ගූගල් අර්ත් මගින් 2008 වර්ෂයේ දීය. එය වසර 5,000කට පමණ පෙර කාන්තාරයට කඩා වැටුණු කිලේ ග්‍රෑම් 5,000ත් 10,000ත් අතර බැරති ඝන යකඩ උල්කාපාතයක් මගින් නිර්මාණය වී තිබේ. එහි විශ්කමභය අඩි 147ක් වන අතර අඩි 52ක ගැඹුරැතිය. මෙම ආවාටයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ඒ වටා කිරණ ව්‍යුහක් වැනි ආකාරයක් දර්ශය වීමයි. ඒවා උල්කාපාතය පුපුරායාමෙන් ඇතිවූ විසිරීමකි. මෙවැනි කිරණ ව්‍යුහයන් ඛාදනය හෝ අනෙකුත් භූ විද්‍යාත්මක ක්‍රියාවන් හේතුවෙන් මැකීී ගිය ද මෙය තවමත් දක්නට ලැබීම විශේෂත්වයකි. එවැනි කිරණ ව්‍යුහක් දක්නට ඇති පෘතිවියේ පිහිටි එක ආවාටය වන්නේ කාමිල් ආවාටයයි.

වැඩි විස්තර සඳහා

16. බොසම්ට්වි විල

Photo credit: NASA Worldwind

වසර 1,070,000කට පෙරාතුව නිර්මාණය වූ ආවාටයක් බව සැළකෙන බොසම්ට්විස් විල ඝානාහි පිහිටා ඇත.ආවාටයේ වටප්‍රමාණය කිලෝ මීටර 10.5ක විශ්කම්භයකින් යුතු වුව ද එය මධ්‍යයේ පිහිටි විල කිලෝ මීටර 08ක් පමණ විශාල වෙයි.  ඝානාහි ඇති එකම ස්වභාවික විලයි. බොසම්ටි විල අවට ගම්මාන 30 ක පමණ ජනතාවක් සංචාරක හා ධීවර කර්මාන්තයෙන් යැපෙති.

https://www.amusingplanet.com/2016/03/the-most-visually-impressive-impact.html

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

කොරෝනා එන්නත් අනිවාර්ය කිරීමේ නීතියක් එයි ද ?

කොරෝනා මර්ධන එන්නත ලබාගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධ නීති සම්මත කිරීමට ඉදිරියේ දී හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (26) මහනුවර රෝහලේ...

සංකූලතා ඇති දරුවන්ට බස්නාහිර සියලු රෝහල්වලින් එන්නත්

විශේෂ අවශ්‍යතා ඇති සහ වෙනත් සංකූලතා ඇති වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොරෝනා මරධන ෆයිසර් එන්නත් ලබාදීම හෙට (27) සිට බස්නාහිර...

වාහන ආනයන තහනම ඉවත්කිරීමේ බලාපොරොත්තුවක් ?

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ආකාරය අනුව රථවාහන සඳහා පනවා ඇති තහනම ඉවත්කිරීම සම්බන්ධව සළකා බලන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ්...

ගාල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔහු මේ වනවිටත් ප්‍රතිකාර සඳහ...

“පාසල් විවෘත කළත් උගන්වන්නේ නෑ” ගුරු විදුහල්පතිවරු කියති

රජය විසින් පාසල් විවෘත කළ ද තම ගැටලු සඳහා විසඳුම් ලබාදෙන තුරු ඉගැන්වීම් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් ‍එකමුතුව පවසයි.

රට විවෘතකරන දිනය සෞඛ්‍ය ඇමති කියයි

දැඩි සීමාවන්ට යටත්ව ලබන ඔක්තෝබර් මස 01 වැනි දා රට විවෘත කිරීමට බලා‍පොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පළාත් පාලන නිල කාලය දික්කර පුංචි ඡන්දය කල් දැමෙයි ?

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 පෙබරවාරි 10 වැවනි දා අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය විෂය භාර අමාත්‍යවරයාගේ බලතල අනුව...

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිව ගබඩාවල ගොඩගැහිලා

ත්‍රිපෝෂ බෙදාහැරීමට නොහැකිවීම හේතුවෙන් ත්‍රිපෝෂ පැකට් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ ගබඩාවල ගොඩගැසී ඇතැයි ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න පවසයි.

“මැණිකේ මගේ හිතේ” ගීතය ලොව ජනප්‍රියම ගීත 10 අතරට එයි

යොහානි ද සිල්වා ගායනා කළ “මැණිකේ මගේ හිතේ” ගීතය මේ වනවිට ලොව ප්‍රසිද්ධ ගීත දර්ශකවල ජනප්‍රියම ගීත 10 අතරට පත්ව තිබේ. මෙම...

කිරිපිටි මිල වැඩිකිරීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි කිලෝවක මිල රුපියල් 200.00කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ දී තීරණය කර තිබේ. මේ සම්බන්ධයයෙන් ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!