spot_img
spot_imgspot_img

කොරෝනා සෑදී නිවසට යැවූ අවුරුදු තුනහමාරේ දැරිය යළි කරාපිටියට ගෙන එද්දී මියගිහින්

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිත වී නිවසේ නිරෝධායනයට යොමුකර සිටි වයස අවුරුදු තුනහමාරක් වූ දැරියක් අද (04) උදෑසන කරාපිටිය රෝහලට ඇතුළුකරන අවස්ථාවේ මියගොස් සිටි බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයේ පදිංචි දැරියකි

මෙම දැරිය ලියුකේමියා රෝගයෙන් පෙළෙමින් සිටි බව ද වෛද්‍යවරු පවසයි. මීට වසර දෙකකට පමණ පෙර ඇයට ලියුකේමියා රෝගය ඇති බව තහවුරු වී ඇති අතර ඉන් පසු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබුවාය.

ඉන් පසු කරාපිටිය පිළිකා ඒකකයෙන් දිගටම සායනික ප්‍රතිකාර ලබාගෙන ඇති අතර දැනට දින කිහිපයකට පෙර රෝගාතුර වීම හේතුවෙන් කරාපිටිය පිළිකා ඒකකයට ඇතුළත් කර තිබිණි.

එහි දී කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ එම දැරිය කොරෝනා ආසාදිත බවයි. අනතුරුව ඇය නිවසේ දී රැකබලාගන්නා ලෙස දැනුම් දී පිටත්කර යවා ඇත.

අද (04) උදෑසන දැරිය අසාධ්‍ය තත්වයට පත්වූ බැවින් කරාපිටිය රෝහලට ගෙනවිත් ඇති අතර වෛද්‍යවරු පවසන්නේ ඒ වනවිටත් ඇය මියගොස් සිටි බවයි.

මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මියගේ නිගමනය වූයේ ලියුකේමියා රෝගී තත්වය සමඟ කොරෝනා නිව්මෝනියාව ආසාදනය වීමෙන් දැරිය මියගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!