spot_img

සීනි අධි මිලට විකුණද්දී රජයට කිරීමට දෙයක් නෑ

පුවත්

විදෙස්

සීනි අධි මිලට විකුණුව ද රජයට කරන්න දෙයක් නැතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

සීනි කිලෝ ග්‍රෑමයක් මේ වනවිට රුපියල් 210.00ක්, 220.00ක් හා 230.00ක් වැනි මුදලකට මේ වනවිට අළෙවි වෙමින් තිබේ. අමාත්‍ය අලගියවන්න පවසන්නේ සීන කිලෝවක් එවැනි මුදලකට අළෙවි කරමින් රුපියල් 100.00ක පමණ ලාභයක් ගැනීම අපරාධයක් බවයි.

මෙලෙස අධි මිලට සීනි විකුණා අධික ලාභ ලබන වෙළෙඳුන් පිළිබඳ තොරතුරු දැන සිටිය ද කිසිදු පියරවක් ගත නොහැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

සීනි සඳහා පාලන මිලක් දැමීමට පෙර වෙළෙන්දන් අධික ලාභ ලැබීමේ අරමුණෙන් මෙවැනි මිලකට සීනි විකුණන බව ද ඔහු පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ වැඩි මිලට අත්‍යාවශ්‍ය ආහාර අළෙවිකරන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමට කටයුතු කරමින් සිටිය ද එම ක්‍රියාවලිය සම්පූර්ණ වනතුරු පියවර ගත නොහැකි බව ද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles