spot_img
spot_imgspot_img

කොටස් වෙළඳ පොළ ඉතිහාසය වෙනස් වෙයි. වර්තාගත අගයකට ඉහළ යයි

පුවත්

විදෙස්

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ අද (25) දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වැඩිම අගය වූ 8,927ක් බවට පත් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ එය ඒකක 8,756ක් ලෙස සටහන් විය. ඒ අනුව ඉහළ ගිය ඒකක ගණන 88කි.

දිනයේ සම්පූර්ණ පරිවැටුම රුපියල් මිලියන 7,303කි.

වැඩිම පිරිවැටුම අද දිනයේ වාර්තා කළ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,466යි, හේලීස් සමාගම රුපියල් මිලියන 763යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 737ක් ලෙස ප්‍රධාන විය.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 65යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 60යි, කොමර්ෂල් මිලියන 21යි ලෙස දැක්විණි.

අද දිනයේ වැඩි වශයෙන් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බෝගල ග්‍රැෆයිට් සමාගම 25% ද, සෙරන්ඩිබ් හෝටල් සමාගම 20%ක් ද, ඊඩ්න් හොටෙල් ලංකා සමාගම 19% ලෙස සටහන් විය.

විදේශීය ආයෝජකයන් විසින් අද රුපියල් මිලියන 36ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිිලියන 153ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 117ක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 05යි, බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 02යි, හේලීස් ෆයිබර් සමාගම රුපියල් මිලියන 01ක ද ප්‍රමුඛ විය. විදේශීය ආයේජකයන් විසින් ජෝන් කීල්ස් සමාගමේ රුපියල් මිලියන 47ක කොටස්, හේලීස් සමාගමේ රුපියල් මිලියන 13ක කොටස්, ටෙස්චර් ජර්සි සමාගමේ රුපියල් මිලියන 13ක කොටස් ඇතුළු කොටස් රුපියල් මිලයින 117ක් විකුණා දමා තිබිණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ක්‍රියාත්මක වූ පෙරවරු 11.00 සිට සවස 2.30 දක්වා වූ කාලසිමාව තුළ කොටස් ගනුදෙනු 55,789ක් සිදවී ඇති අතර විශාල පිරිවැටුමක් වාර්තා කිරීම දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වෙයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ දිනය වනවිට සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.86ක් බවට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනි දා දිනයේ සිට සියයට 30.32ක ලාභ වර්ධනයක් ලෙස සටහන්ව ඇත. තව ද ඊයේ දිනය දක්වා මේ වසර තුළ දී කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් බිලියන 34.9ක විදේශ ආයෝජාන පිටතට ගලා ගොස් තිබේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනු දෙනු අතරතුර සමස්ත මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවනු ඇතැයි ආයෝජකයෝ බලාපොරොත්තුව සිටිති.

කොරෝනා වසංගතය හේතුවෙන් අපනයන සමාගම්හි ලාභ ප්‍රමාණය අධිකවීම හේතුවෙන් භාණ්ඩ හා සේවා අපනයනය කරන ‍සමාගම්වල කොටස් කෙරෙහි වෙළෙඳ පොළෙහි දැඩි ඉල්ලුමක් ඇති වී තිබේ.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!