spot_img
spot_imgspot_img

නැදුන්ගමුවේ රාජාගේ පාවඩ කතාව බොරුවක්. ඇතාට ආගමික හැඟීම් හා ශ්‍රද්ධාව නෑ

පුවත්

විදෙස්

දළදා කරඬුව රැගෙන දළදා මාළිගාවේ වාහලකඩින් පිටතට එන නැදුන්ගමුවේ රාජා පසෙකට වී තිබූ පාවඩය හොඬයෙන් සකසා ගන්නා බවත් එය ඇතා තම බුද්ධි මහිමයෙන් සහ දළදා වහන්සේ පිළිබඳ උපන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිදුකරන ආශ්චර්යමත් දෙයක් යැයි ගෙනයන ප්‍රචාරය පදනම් විරහිත මිත්‍යාවක් බව සත්ව විද්‍යාඥයෝ කියති.

මෙරට ඇතැම් ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන පවා මේ මිත්‍යාවට විශාල ඉඩක් ලබාදෙමින් එය තම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ පවා ප්‍රචාරය කළ අතර ඇතා පාවඩය හැදූ බව කියන අවසන් රන්දෝලි පෙරහැර දිනයේ අලි කුලප්පු වී සිදුවූ කලබලය වාර්තා කළේ නැත.

එයින් පෙනී යන්නේ මෙරට ප්‍රධාන මාධ්‍යයැයි තවමත් සළකන ඇතැම් මාධ්‍ය ආයතන මිත්‍යා විශ්වාසයන් ජනතාව අතර ප්‍රචාරය කරනවා හැර සත්‍ය දැනගැනීමට මෙරට පොදු ජනතාවට ඉඩක් නොදෙන බවයි.

අලියා සහ ඇතා යන නම් දෙකෙන්ම හඳුන්වන Elephas Maximus ලෙස සත්ව විද්‍යාත්මක හඳුන්වන මේ සත්ව විශේෂය පොදුවේ ආසියානු අලියා ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාවේ සිටින්නේ ආසියානු අලියාගේ උප විශේෂයක් වන අතර ඔවුන් සත්ව විද්‍යාතමකව Elephas maximus maximus ලෙස හැඳින්වේ.

නැදුන්ගමුවේ රාජා යනු ඉන්දියාවෙන් මෙරට ලැබුණු දළ ඇතෙකි. එනම් Elephas Maximus විශේෂයේ සත්වයෙකි. අලියා ගොඩබිම වෙසෙන විශාලතම සත්ව විශේෂය වන අතර ආසියානු අලියා අප්‍රිකානු අලියාට වඩා තරමක් කුඩා වේ.

තම දැවැන්ත ශරීරය නිසාම අලියෙකු අසීරු ස්ථානවලින් පාද තබන්නේ බොහෝ ප්‍රවේශමෙනි. වනයේ සැරි සරන අලි පවා කඳු නැගීමේ ශූරයෝය. තම දැවැන්ත ශරීරය මනාව සමබර කරගනිමින් අසීරු ස්ථානවලින් හෙමින් හෙමින් ගමන් කිරීමේ දී ඉඩ, අවකාශ හා පාද තබන ස්ථානයේ ස්වභාව තේරුම් ගැනීම අලි සහ ඇතුන් තම හොඬය භාවිතා කිරීම ඔවුන්ට ලැබුණු පරිනාමීය පුරුද්දකි.

වනයෙන් අල්ලාගෙන විත් දස වද දී කුඩා කල සිට හීලෑ කරගෙන ඇති මේ දැවැන්ත හස්තියා (බොහෝ දෙනකු පවසන්නේ ආසියාවේ සිටින උසම හීලා අලියා ලෙසිනි) කුඩා හෙණ්ඩුවට දැඩි භියක් දක්වන අතර වසර ගණනක් හෙණ්ඩුවෙන් තමන්ව භියට පත්කරන ඇත්ගොව්වාට ද භිය වන අතර ඔහුගේ අණට කීකරු වන්නේ එසේ නොවුණහොත් හෙණ්ඩුවේ උලත් කොක්කත් තම සම සිදුරු කිරිමෙන් ඇතිවන වේදනාව හොඳින්ම දන්නා බැවිනි.

නැදුන්ගමුවේ රාජාද හෙණ්ඩුවේ බලයෙන් හීලෑ කළ, කැලයෙන් අල්ලාගත් අලියෙකි. නැතිව ආත්ම ගණනක් පෙරුම්පුරාගෙන පැමිණ “අනේ මට දළදා වහන්සේ වඩමවන්නට ඉඩ දෙන්න” යැයි කියමින් මිනිසුන් අතරට ආ අලියෙකු නොවේ.

අදට ද ඇත් ගොව්වා සහ රාජාගේ හිමිකුරුවන් කවර දෙයක් කීව ද සත්‍යයනම් ඇතාගේ පාදවලට යදම් දමා බැඳ තිබීමයි. හෙණ්ඩුවෙන් භියට පත්කර අණ දී ඒ අණ අනුව ක්‍රියාතමක කරවීමයි. ඇතා දණ ගසන්නේත්. නවතින්නේත්, ගමන් කරන්නේත් හෙණ්ඩුවට ඇති භියට මිස තම වුවමනාවට නොවේ. ඇතාගේ වුවමනාවට යන ගමන් සියල්ල ඇත්ගොව්වා පාලනය කරයි.

නැදුන්ගමුවේ රාජාගේ පිටමත හෝ වෙනත් අලියකුගේ පිටමත හෝ රන්සිවි ගෙයක් බැඳ ඒ මත කරඬුවක් තැන්පත් කරන විට ඇතාට අමතර බරක් දැරීමට සිදුවෙයි. එමෙන්ම අමතර පටි කිහිපයක් ද ඇඟ හරහා ඇද ඒවා හොඳින් තද කරනු ලබයි. මෙය ඇතාට සැබැවින් ම වේදනාවකි.

කරඬුව රැගත් නැදුන්ගමුවේ රාජාට දළදා මාළිගාවෙන් පිටතට පැමිණෙන්ට ඇති වාහල්කඩ පටු ස්ථානකි. එමෙන්ම එතැන පඩි කිහිපයක් ද තිබේ. අලියාට අන්දවා ඇති ඇඳුම නිසා ඔහුට තම ගමන්මාර්ගය ද පැහැදිලි නැත.

අලියා පඩි බසින්නේ සීරුවෙන් අඩිය තබමිනි. කරඬුව බැඳි ඇතකු නොව වනයේ සිටින අලියකු ගලින් ගලට යන්නේ ද ඒ ආකාරයෙන් බව ආගමික උන්මාදයෙන් පෙළෙන අය නොදන්නවා වූවාට සත්ව විද්‍යාඥයෝ ඒ ගැන හොඳින්ම දනිති.

නැදුන්ගමුවේ රාජා තම පාද පාවඩයෙන් පිටතට තබන්නේ නැතැයි ඇතැමුන් කීව ද ජනමාධ්‍ය හා සමාජමාධ්‍ය ඔස්සේ පෙන්වන දර්ශන වලින්ම පෙනී යන්නේ ඇතාගේ දම්වැල් යෙදූ පාද දෙකෙන් එක් පාදයක් පැහැදිලිවම සුදු පැහැති පාවඩයෙන් පිටත තිබෙන බවයි. එක් පඩියක් මත සිටින ඇතා ඊට පහළින් ඇති පඩියට පාද තැබීමට පෙර තමන්ට එතැන සුදුසුදැයි බලන්නේ එම සත්ව විශේෂය පරිනාමිකව උරුම වූ පුරුද්ද උපයෝගී කරගනිමිනි. එනම් හොඩය තබා පඩිය ගැන සැළකිලිමත් වෙයි. නැවි නැදුන් ගමුවේ රාජා සුදු පාවඩය සකසනවා යැයි යන්න පිළිගත නොහැකි කරුණකි.

ඉතාමත් දීර්ඝ කාලයක් මෙරට අලි ඇතුන් ගැන පර්යේෂණ සිදුකරන සත්ත්ව විද්‍යාඥයකු මෙන්ම සංරක්ෂණ හා පර්යේෂණ කේන්ද්‍රයේ සභාපති ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ඒ පිළිබඳ මෙසේ පවසයි.

“නැදුන්ගමුවේ රාජා ඇතා පඩිපෙළ බසිද්දී සුදු පැහැති පාවඩය තම හොඬයෙන් සැකසුවා කියා ප්‍රවෘත්ති විකාශනවල යන දර්ශන සහ ඒ සම්බන්ධ තවත් දර්ශන මා නැරඹුවා. මෙය අමුතු දෙයක් නෙවෙයි. අලින් අසීරු සහ අවදානම් තැන්වලින් ගමන් කරද්දී තමන් පාදය තියන තැන හොඬයෙන් පරීක්ෂා කරනවා. මේ ඇතාගේ හොඬවැල බිම වදිනවා. එයා එක පැත්තක සිට අනෙත් පැත්තට හොඬය ගෙනයමින් තමන්ට එතැනට පාදය තැබිය හැකිද කියා බලනවා. ඒක වන අලින්ගෙත් සිරිතක්. එය ඔවුන්ගේ බුද්ධිය හෝ ශ්‍රද්ධාව නිසා කරන දෙයක් නෙවෙයි. පරිනාමික ලක්ෂණයක්. එයා හොඬවැල ගෙනයද්දී අර පාවඩය වෙනස් වෙනවා. ඉතින් ඒකට මේ වගේ මිත්‍යා විශ්වාස ප්‍රවර්ධනය කරන ප්‍රචාරයක් දිම වැරදියි. අපි මේවා විද්‍යාත්මකව තේරුම්ගත යුතුයි.”

ආචාර්ය පෘථිවිරාජ් එසේ කීව ද අපේ රටේ ජනමාධ්‍ය මිත්‍යා මතයක් සමාජගත කරමින් සිටියි. බුදු දහමට මුවාවී සිදුකරන සියලු වැරදි වංචා දූෂණ සැදැහසිතින් අමතක කරන එවැනි ජනමාධ්‍ය කිසිදු විචාර බුද්ධියකින් තොරව නාග ලෝකයේ සිට රැගෙන ආ ධාතු කරඬුවක් පිළිබඳව ද ප්‍රචාරය කරන ලදී.

මේ දිනවල පෙරහැරේ අලි ඇතුන් ගැන ප්‍රචාරය කරන ඇතැම් යූ ටියුබ් නාලිකාවල බහුලව සඳහන් වන තවත් කරුණක් වන්නේ පෙරහැරේ යන අලි බෙර වයන තාලයට තම ඇග සොළවන බවයි. මේ පිළිබඳ විස්තර කරන ආචාර්ය පෘථිවිරාජ් පවසන්නේ එය අලින්ගේ දැඩි මානසික නොසන්සුන්තාවක් නිසා සිදුවන්නක් බවයි. ඔහු ඒ පිළිබඳ මෙසේ කීවේය.

“මා දුටුවා බොහෝ දෙනෙක් ප්‍රචාරය කරනවා පෙරහැරේ යන අලි බෙර තාලයට අනුව තම ඇඟ සොළවමින් දළදා වහන්සේට ගෞරව කරනවා කියලා. ඇත්තටම කිසිදු සත්වයකුට ආගමික හැඟීම් නැහැ. ශ්‍රද්ධාවක් තියෙන්න විදියක් නැහැ. ඔවුන් සතුන්. අලියාත් එහෙමයි. අලියෙකුට කොහොමද බුද්ධාගම ගැන දෙවියන් ගැන හෝ හිතන්න තරම් දැනුමක්. ඔවුන්ට එවැනි දේ හිතන්න බැහැ. ඒ නිසා ශ්‍රද්ධාවක් නැහැ. මෙතැන දී සිදුවන්නේ හීලෑ කරපු අලි ඉන්නේ බරපතල විදියට මානසික පීඩාවකින් ඔවුන් මේ නිසා නිතරම ඇඟ සොළවනවා. සත්තු වත්තේ ඉන්න අලි දිහා බැලූ විටත් මේ කරුණ හොඳින් දැකගන්න පුළුවන්. පෙරහැරේ බෙර පදයට ඇඟ‍ සොළවනවානම් පෙරහැර නැති කාලේ ගහක බැඳලා ඉන්න අලිත් මේ විදියටම ඇඟ සොළවන්නේ ඇයි.”

ආචාර්ය පෘථිවිරාජ් පවසන්නේ අලි තම දැවැන්ත සිරුරේ උෂ්ණත්ව නිසි පරිදි පවත්වාගෙන යන්නේ තම කන් සෙළවීමෙන් බවයි. නමුත් පෙරහැර සඳහා ‍අමුතු ඇඳුම් කට්ටලයකින් සිරුර වසා දැමීම නිසා ඔවුන් තම සිරුරේ උෂණ්තවය ඉහළ යාමේ දැඩි පීඩාවකින් සිටින බව ද හෙතෙම කීවේය. මෙයට විසඳුමක් ලෙස ඇඟ සොළවමින් තම සිරුරේ ඇති පීඩාවට පාලනය කරගැනීමට ද ඔවුන් උත්සාහ ගන්නා බව ආචාර්ය පෘථිවිරාජ් පවසයි.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ මහනුවර ඇසළ පෙරහැරේ අවසන් ‍රන්දෝලි පෙරහැර පැවැති 22 වැනි දා රාත්‍රී අලි කුලප්පුව නොදුටු මෙරට මහා මාධ්‍යය දැන් මිත්‍යා මතයක් සමාජගත කරමින් නැදුන්ගමුවේ රාජා දේවත්වයට පත්කිරීමටත් බෝධිසත්වයකු යැයි සංකල්පයක් ගොඩනගමින් මෙරට ජනතාව තවදුරටත් ආගමික උන්මාදයට සහ මිත්‍යාවට තල්ලු කරමින් සිටින බවයි.

නැදුන්ගමුවේ රාජා පාලනය වන්නේ ඇත්ගොව්වාගේ හෙණ්ඩුවෙනි. ඇතා සුදු පාවඩ නැතිව පය බිම නොතබන බව පැවසුව ද දළදා මාළිගාවෙන් එළියට එනවිට ද අලියාගේ එක් පාදක් තිබෙන්නේ පාවඩවලින් පිටත බව මේ මිත්‍යාව වපුරන අයට පෙනේනේ නැත. එමෙන්ම අලියාගේ පා ආභරණ අතරින් යෙදී යදම් ද ඔවුන්ට පෙනෙන්නේ නැත.

මේ පාදවලට යෙදූ යදම් ගැට ගසා ඇත්තේ ඇතාගේ ගෙල වටා යන ආකාරයෙනි. එසේ ගැට ගසන්නේ වේගයෙන් පාද තබා දුවන්නට සැරසුණහොත් බෙල්ලට වේදනාව දැනී නතර වනු ඇතැයි විශ්වාසයෙනි. යකඩ දම්වැලට වඩා තම සම සිදුරුකරන කුඩා හෙණ්ඩුවට මේ ඇතා භියක් දක්වයි.

නැදුන්ගමුවේ රාජ හෝ වෙනයම් ඇතකු හෝ පෙරුම්පුරා දළදා වඩම්මන්නට පැමි‍ණියේ නම් නැතිනම් මහා බුද්ධාලම්භන ප්‍රීතියකින් ඔද වැඩී ශ්‍රද්ධාසම්පන්නව මේ කාර්යය කරන්නේ නම් ඇතාගේ පාදවලට යදම් කුමට ද යන්න අපි ප්‍රශ්න කරන්නෙමු.

නැදුන්ගමුවේ රාජාගේ පාද වටා දමා කකුල් ඈතින් තැබුවහොත් ගෙල සිරවෙන යදම් සියල්ල ඉවත්කර හෙණ්ඩුවක් නැතිව දළදා වැඩමවිය හැකිනම් අපි ඇතාට ශ්‍රද්ධාව ඇති බවත්, ඇතා පෙරුම්පුරාගෙන පැමිණ බුද්ධාලම්භන ප්‍රීතියෙන් මේ කාර්යය කරන බවත් පිළිගන්නෙමු.

එතෙක් මිත්‍යාව වපුරමින් ආගමික උන්මාදයෙන් සමාජය වළපල්ලට යවන බොරුකාරයන්ට නොරැවටෙමු.

දෙරණ නාලිකාව විකාශය කළ දර්ශන මෙතැනින්

https://web.facebook.com/sinhala.adaderana.lk/videos/192019976249780

සමාජ මාධ්‍යජාලා ඔස්සේ ප්‍රචාරය කරන දර්ශන පහතින්

33 COMMENTS

  1. මේ ගැන කතා නොකර සිටීම වඩා යෙහෙකයි සිතමි මන්ද බුද්ටියෙන් හා උගත් කමින් ඔලුව උදුම්මා ගත් අයට කරුණු පැපැහැදිලි කිරීම නිශ්චල ක්‍රියාවකි.එයට හොදම උදාහරණය වන්නේ බුදුන් දවස උන්වහන්සේ පාරිලෙයිය වනයේ වස් වසන කල උන්වහන්සේට උපස්තාන කල පාර්ලෙයිය ඇතායි එසේ නම් එම සත්වයාට ශ්‍රද්ධාව නැනැත්තේ යන්න කියන්නේ කෙසේද ? එමෙන්ම රා පොවා බුදුන් ඉදිරියට එවු නාලාගිරි ඇතු උන්වහන්සේගේ කරුනා ගුනය ඉදිරියේ දමනය වුයේ කෙසේද යන්නයි.මෙවා ද මිත්‍යාවන් ලෙස දිනෙක පවසනු ඇත.

    • Suwar aekatama mu baibal karayek un tama hema welema baudda virodi vaira hegimen irisiyawen kata karanne puduma tarahakne tiyenne nedum gamuwe hastiya gena oya olamottalayanta wada ae aetata mole tiyanawa aekai aetta me wage ungen ae satawa bera ganda visesa araksawak dena men wagakiwa yutu ayagen karunikawa illa sitimi

  2. ගයත්‍රි,ඔයා පාරිලෙයිය වනයේ ඇතා හරි නාලාගිරි ඇතා හරි දැකල තියයනවද?? හැබැයි නැදුන්ගමුවෙ ඇතා හැසිරෙන විදිය ඔයාට පේනව නේ… ? බුද්ධාගමයි, සාහිත්‍යයි, මිත්‍යාවයි, ශ්‍රද්ධාවයි කලවං කරගෙන තමන්ට හිතෙන දේවල් ගැන කියන්නෙ නැතුව පොඩ්ඩක් තමන්ට පේන දේවල් දිහා විචාර බුද්ධියක් ඇතිව බලන්නකො… බුදු සරණයි…

    • ඇයි ඔයා මහා වනාන්තර වල ඉන්න සත්තු ගැන කතා නොකරන්නේ ? කෝටි ගණන් වටින හෝටල් ඉදිකරන්න මහා වනාන්තර විනාශ කරනවා ඔය බුද්ධිමත් යයි කියන මිනිස්සු. සත්තු ලක්ෂ ගණන් වාසස්ථාන අහිමිව මිය යනවා. ඇයි ඒවට ඔයා හඩ නඟන්නේ නැත්තේ ? මෙතනදි ඇතුන්ට හිංසාවක් වෙනවනම් ඒක හරි විදිහයට පැහැදිලි කරන්න. නැතුව ශ්‍රද්ධාව නැතිකම කියලා බුදුදහමට නිගරු කරන්න එපා. අපිට වඩා යහපත් ගුණධර්ම සත්තුන්ට තියෙනවා. ඔයා කියන්නේ ඒවා බොරු ද? ආචාර්යවරයෙක් වුණත් පෘථිවිරාජ් දන්නේ නෑ , මිනිසා කියන්නෙත් සතෙක්… අපි උන්ට වඩා මනසින් දියුණුයි. ඒ වුණත් සමහරු නම් මට හිතෙන්නේ සත්තුන්ටත් වඩා අන්තයි…

  3. Ketiyenma kiyanawa nam baka pandithayeki. Sathun gaenawath Niwaradhi awabodhayak naethi thirisan sathun thula aethi budhdhiyata, pararthakaamithwayata, minisa aethulu thama wargaye nowana anikuth sathunta dhakwana dhayawa karunawa lengathu bawa pilibadha awabodhayak naethi, sathunta apahaasa karana katapaadam kara ugatheku bawata pathuweki. Mewani pudhgalayan pitaratawala sathwa vidhyàaghyange sahayaka thanathurata yawanta oone

  4. ඔය කියන බක පණ්ඩිතයෝ හිතන් ඉන්නේ හැම දේම විද්‍යාත්මක පර්යේෂණ වල ප්‍රතිඵල කියල. ස්වභාව ධර්මය පිළිගන්නෙ නෑ. දැන් මේ ලෝකෙම විනාශ කරන්නේ ඔය විද්‍යාව. විද්‍යාවට බැරිවෙලා තවම කොරෝනා වසංගතයට ප්‍රතිකාරයක් හොයාගන්න. ඔය විද්‍ද යාඤ්ඤයෝ තමා මේ ලෝකෙ විනාශ කරන්නේ. කාලයක් මිනිස්සු ගස් ගල් ඉර හඳ තරු අව්ව වැස්ස දෙවියො කියල ඇදහුවා ඒ කාලේ මිනිස්සුන්ට කරදර වුණා ම ස්වභාව ධර්මය පිහිට වුණා. පස්සෙ ආපු මේ විද්‍යාවක් නිසා අර දේවල් මිත්‍යා කියල බැහැර කළා. දැන් විද්දි යාඤ්ඤයෝත් නෑ. ස්වභාව ධර්මය නඩු විභාග කරනව.

  5. මෙහි සදහන් පරිදි ඇතා/අලිය හෙන්ඩුවෙන් පාලනය වනවා මෙන්ම මෙවැනි ලිපි ලියන ගවයින් NGO $ වලින් පාලනය වන බව පැහැදිලිය, මෙම ලිපිය දෙස බුද්ධිමත්ව බැලුවහොත් ඉතා හොදින් වටහාගතහැකි දෙයනම් මෙය ද්වේශසහගතව නිර්මානය කරන ලද්දක් බවය, “මිත්‍යාව” නැමති ආයුදය උපයෝගි කර ගනිමින් මෙවැනි රටවල මිනිසුන් මානසිකව ඇදදමා තම හිතැගි ඉටුකරගැනීමට වෙරදරන මෙවැනි පුද්ගලයින්ට නීතියෙන් පිලිතුරු දීම ඉතාමත් කාලෝචිතය!!!

  6. ලලිත්, විද්‍යාව හොද හෝ නරක වෙන්නෙ භාවිතා කරන විදිය අනුව මිස විද්‍යාව කියන දැනුම නිසා නෙවෙයි… ආගම කියන්නෙත් දැනුමක්..ආගමත් හොද හරි නරක හරි වෙන්නෙ පාවිච්චි කරන විදිය අනුව… මේ දෙකම ලෝකෙ විනාස කරන්න වගෙම ලෝකෙ යහපත් තැනක් කරන්නත් පාවිච්චි කරන්න පුලුවං ටූල් දෙකක්… කාලයක් විද්‍යාව ස්වභාවධර්මය පරාද කරන්න තරගෙක හිටියත් මේ වෙනකොට ස්වභාවධර්මය සමග සහජීවනෙන් වැඩ කරන එක හොදම දේ බව පිලිඅරගෙන ඉවරයි..

    මං හිතන්නෙ ඔයා කොවිඩ් වලට වැක්සින් දෙකම මේ වෙනකොට ගහගෙනත් ඇති… ඔයා අදහන ආගමෙන් හරි ස්වභාවධර්මෙන් හරි ඊට වඩා හොද විසදුමක් ලැබෙනකන් විද්‍යාවෙන් හොයාගත්ත වැක්සින් විතරයි පන බේරගන්න දැනට තියන එකම විකල්ප ප්‍රතිකාරය…

    මිනිස්සු ඉර හද ගල් වලට වැන්ද කාලෙ ඉදල මේ වෙනකොට ලෝකෙ ගොඩක් දුර ඇවිත්..මේ විදියට වෙබ් සයිට් එකකින් නිවුස් දැනගන්න වගෙම ඒකට කමෙන්ට්ස් දාන්න පුලුවං වෙලා තියෙන්නෙ ඒ නිසා කියල ඔයාටත් තේරෙනවැති… ඒත් තාම පිහිට පතා ගස් ගල් ඉර හද වන්දනා කරන එක තමන්ගෙ තෝරා ගැනීම…

    ස්වභාවධර්මයට කොහොමත් අපි තව එක සත්තු ජාතියක් විතරයි… ඒ නිසා ගස් ගල් වන්දනා කරල වද වෙලා යනවද පරිණාමය වෙලා ලැබුනු මොලේ ටිකක් පාවිච්චි කරල ස්වභාවධර්මෙත් රැකගෙන මනුස්ස වර්ගයා විදියට තව ටික කාලයක් හෝ ජීවත් වෙනවද කියන තීරෙනේ ගන්න අපිට තාමත් පුලුවං..

    හැබැයි නැදුන්ගමුවෙ ඇතාට වගේ සත්තු ගොඩකට අපි ස්වභාවධර්මයත් එහා ගිහිං නිදහසේ ජීවත් වෙන අයිතිය අපි නැති කරල තියනවා.. එතකොට මිනිස්සු, බෞද්ධයො විදියට අපි කොයි තරං උසස්ද කියල ඔයාම කියන්න…

    සරලවම බුදු හාමුදුරුවො කොතනද කියල තියෙන්නෙ ලයිට් වැල් ඔතපු ඇතෙක්ගෙ පිටේ තියල මගේ ධාතු වීදි සංචාරය කරවන්න කියලා…

  7. විද්‍යවයි කර්මයයි පටලව ගැනීම ඔබ කර ගන්න පාප කර්මයකි

  8. Tushara wijewickrama, සත්ව හිංසනයට විරුද්ධ වීම බෞද්ධ විරෝධී වෙන්නෙ කෝමද කියල මට පොඩ්ඩක් කියල දෙන්න දෙයියෝ…පීස්.. 😅😅

  9. සතුන් හෝ අලි ඇතුන් පිළිබදව අශු මාත්‍රයක අවබෝධයක් නැති අමනෝඥයකුගේ අදහසක් මෙලෙස පළ කිරීමම වැරදි.සත්ව විද්‍යාඥයෙකුයයි තමන්ව හදුන්වා ගන්නා සල්ලි වලට ගත් ආචාර්‍ය පට්ටමක් ඇති පෘතිවිරාජ් තමන්ගේ නූගත් කම මෙම ලිපියෙන් මනාව පෙන්නුම් කොට ඇත.

    • ඇත්ත. මෙවැනි ගොං තකතිරුවන්ට බනින්න ඕන…. දැන් අංශු මාත්‍රය දන්න නිසා ඒ ගැන මෙතන විජහට විස්තරයක් කරන්න ඕකුන්ගෙ රෙදි ගැලවිලා යන්න. එදා ජේතවනේ පාරිලෙයියා කෘන්තක රදනක පෙරහැරේ ගෙනිච්ච හැටි විස්තර කරලා දීල මේ ගොල්ලොන්ගෙ මාන්නය බිඳලා දාන්න.

  10. Rata harakek karapu prakashayak ihathin dakwa atha budun gana nodanna mehema minissu lankawe ipadune aidayanna apita abirahasaki namuth apita mein manawa pahadili wanne jathiyak jammayak nathi sathektath wada thirisanek bawai

  11. මංගලගේ අඩුව පුරවන්න ගන්නා අසාර්ථක ව්‍යර්යක්.

  12. මංගලගේ අඩුව පුරවන්න ගන්නා අසාර්ථක ව්‍යර්යක්.

  13. මේ වගෙ උන්ව උල තියන්න ඕනි පුකට මිරිස් ඔබල. Views ගන්න ලියන පාහරය

    • සබ්බෙ තසන්ති දණ්ඩස්ස, සබ්බෙ භායන්ති මච්චුනො;

      අත්තානං උපමං කත්වා, න හනෙය්‍ය න ඝාතයෙ.

      සියලු සත්වයෝම වධබන්ධනාදියට තැතිගන්නාහ. සියල්ලෝම මරණයට බියවෙති. තමා උපමාකොට හිංසා නොකරන්නේය. අනුන් ලවා හිංසා නොකරවන්නේය.

      පිංවත නිමල් ගජනායක, බුදුහමුදුරුවො හිංසාව ගැන දේශනා කරල තියෙන්නෙ එහෙම… මේ ලිපිය ලිව්ව එකාට දෙන්න ඔබතුමා යෝජනා කරන දඬුවමෙන් පොඩි කෑල්ලක්(උල තියන එකට කලින් කරන එක..ඔබන්න ඕනේ නෑ පොඩ්ඩක් ගාමු..) ඔබතුමාට දුන්නොත් සමහර විට මේ කතා කරන මාතෘකාව සහ අවිහිංසාව ගැන අංශුමාත්‍රිය හෝ වැටහීමක් ලැබෙයි…

  14. මෙම ලිපියෙන් පෙන්වන්න හදන්නේ යම් බුද්ධියක් ඇති ප්‍රකාශයක් ඇතිබව දන්වන්න වුවත් ඉන් මතුවී ඇත්තේ ඔබගේ ද්වේශ සහගත බෞද්ධ විරෝධී ආකල්ප කියාපෑමකි.මෙහි පවසන පරිදි අලි ඇතුන්ට එවැනි අවබෝධයක් නැතිනම් එ බව සත්ත්ව විද්‍යාඥයින්ගේ නම්ගම් සහිතව පරීක්ෂණ සාක්ෂි සහිතව පෙන්වාදෙන්නට ඔබට හැකිද? වසර දහස් ගණනක් තිස්සේ මිනිසෙකු මතනොව පාරිශුද්ධ ඇතෙකු මතම කරඬුව රැගෙන යාමේ හේතුව ඔබ නොදන්නවා වියහැකිය.එසේ යාමට පෙර කරන ක්‍රියාදාමය ගැන ඔබ නොදැනුවත්බවත් පැහැදිලිය. බොහෝ දේවලට මානව විද්‍යාත්මක පසුබිමක් ඇතිබව ඔබ නොදන්නෙහිය.බලෙන් හිලෑ කළ ඇතෙක් නම්කි සිදු කරදරයක් නැතිව පයින්ම එතරම් දුර ගෙවා පෙරහැර සඳහා පැමිණ කිසිදු කරදරයක් නොකර පෙරහැරෙහි කරඬුව ගෙනයන්නේ කෙසේද? අවසානයේ තමා ඇඳ සිටින වස්ත්‍රය ගැලවීමට අකමැති වන්නේත් නෙත කඳුලින් පුරවාගෙනය වරක් මේ ඇතා බෙල්ලන්විල පෙරහරේ කරඬුව ගෙනයද්දී එය ලිහිල්වී ඇලවී වැටෙන්නට ගියවිට ඇතා තම සොඬ බිමට තබාගෙන එය සකසන තෙක් නොසෙල්වී සිටියේය. එය මා දුටු අත්දැකීමකි. ඉදිරියේ තිබූ කොඩිවැල් නිසා කරඬුව ගෙනයා නොහැකිබව දැක නැවතී බලා සිටියේ කොඩිය කෙක්කකින් ඔසවා දෙනතුරුය. ඔබ අලි ඇතුන් ගැන කියවා ඇත්තේ භාගේටය. කැලේ සිටින අලි ඇතුන් දහස් ගණන් ඇවිද නැවත යන්නේ ඔවුන්ගේ මතක ශක්තිය නිසාය. යමෙක් කළ කරදරයක් නිසා පසු කාලයේ

    දී හෝ ප්‍රතිප්‍රහාර දෙන්නේ ඔහු සතු ඥානය නිසාය.විදුලි වැට කොට දමා කඩන්නේද ඒ ඥානයෙන්මය. ඒවා හීලෑ කිරීමකින් කළ දේවල් ද නැත්නම් හෙන්දඩුවට බියේ කළ දේවල්ද?ඔබගේ සමස්ත විස්තරය පුරා ඇත්තේ බෞද්ධ විරෝධී ආත්මාර්ථකාමී හැඟීම් සමුදායකි. ඔබගේ මේ වචන ටිකකින් වසර 2500කටත් වඩා පැරණි නිර්මල බුදුදහම බොරුකළ නොහැකිය. මෙවැනි දෙයින් ඔබ තවත් අපායගාමී මිත්‍යා දෘශ්ටිකයෙක් වනබව පැහැදිලිය.

    • ඉතිං වල් අලියෙක් ගෙනල්ල රදනකේ තියල ඇවිදගෙන ගිහින් හිටපු තැනටම වරෙන් කියලා අතෑරියාම ඔය ඔක්කොම පුරස්න කම්මුතුයි….

  15. Pin kara ganna bari NM paw nokarana innna….anith ayage shraddaw maninna yn na niyama shradda wanthayo.minissun athare kuhaka kama thanhaw ma hamadema raja weddi Ara ahinsakayatath irshya karanna tham minissu pahathwelada….athtama lajjai

  16. තමුන් හීලෑකරපු අලි ඇත්තු වදහින්සා හෙන්ඩු ගැන මතවාද ඉදිරිපත් කරන්නේ කාගෙ අවශ්‍යතාව යක් ඉටුකරන්නදැයි යන්න මනවෙ අවභෝද වෙනව.
    අලි ඇත්තු හෙන්ඩුවට බයේ මේ සියළු කටයුතු කරනබවක් ඔබ පසක් කරවීමට බලවත් උත්සාහයක නිරත වෙනව. ඒ සමගම බෞද්ධයන් හෑල්ළුළුවටත් හාස්‍යයටත් පත්කරවීමෙන් ඔබ කාලකන්නි වින්දනයක් ලබනබව පෙනෙන කරුනක්.
    මිනිස්සු අලි ඇත්තු වගේම බල්ලො බලල්ළුත් ඇතිකරනව. බල්ලො බලල්ළු මිනිසුන් විසින් ඇති නොකලත් ඒ සත්තු මිනිස් ඇසුරෙන් බැහැරව කැලයට යන්න දරන උත්සාහයක් ගන්න බව අහල හෝ දැක තිබෙනව.
    තව ටික දවසකින් කියාවි ගෙවල්වල ඇතිකරන අලි ඇත්තු පමනක් නොව බල්ලො බලල්ළුත් නිවෙස්වලින් නෙරපිය යුතු බව.

    තමුන් දරන මතයේ තිඹිරි ගෙය යුරෝපයෙ බව අප දන්නා කරුනක්. යුරෝපයේ කලෑවල අලි ඇත්තු ජීවත්නොවන බවත් දන්නා කරුනක්.
    ඔය සත්ව කරුණාව පාන යුරෝපීන් කලක් ආසියාවත් ලංකාවත් යටත් කරගෙන දස දහස් ගනනින් වන සද්දන්තයන් වන අලි ඇත්තු දස දහස් ගනනින් ඝාතනය කර උන්ගේ දළ හම් ඇට දත් ඒ රටවලට නැව් ගනනින් රැගෙනගිය විස්තර සුද්දන් විසින්ම රචිත පොත් වල ලියා ඇතිබව තමුන් දන්නවද.

    මූසලයන්ගේ මත දරන්නන් මූසලකමින්ම විනාශයට පත්වේ.

  17. දළදා මාලිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න මහතා එක් වැඩසටහනකට ඇවිත් ඔහුගේ ධූර කාලයේදී වුණ අපූරු සිදුවීමක් කියනවා.ඒ අනුව එක් වර්ෂයකදී දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැරේ දළදා කරඩුව වැඩමවීමට තිබුණේ මියගිය රාජා ඇතු පිටයි.ඇහැලමල්පේ විධානේ විසින් රාජා ඇතු පිට රන්සිවිගෙය සවි කොට ඇතා සදගලට පා තැබීමට මොහොතකට පෙර රාජා ඇතාගේ ඇත්ගොව්වා සිහිසුන් වී ඇද වැටී ඇත.ඉන්පසුව ඔහුව රෝහල වෙත රැගෙන ගොස් ඇත.මේ මොහොතේ දියවඩන නිළමේ විජේරත්න මහතා තීරණය කළේ ඇත්ගොව්වා නොමැතිව රාජා ඇතා පෙරහැරේ රැගෙන යාමටයි.එම තීරණය මල්ඵල ගන්වමින් රාජා ඇතා දළදා මාලිගාවේ වාහල්කඩ සිට ඇත්ගොව්වෙකු නොමැතිව පෙරහැරේ ගොස් නැවතත් ආරක්ෂිතව ආපසු දළදා කරඩුව මාළිගයට රැගෙනවිත් ඇත.ඔබ කියන ආකාරයට ඇතා හෙණ්ඩුවට හා ඇත්ගොව්වට බිය නම් එදා රාජා ඇතා හෙණ්ඩුව හා ඇත්ගොව්වා නොමැති නිසා තමන්ට රිසි සේ දුවපැන ඇවිදින්නට ඉඩ තිබුණා.නමුත් එදා රාජා කිසිම කලබලයක් නොකොට පෙරහැර නවතිනවිට ඔහුත් නැවතෙමින් ආපසු ගමන් කරමින් පෙරහැරේ ගමන් කරා.මේ සිදුවීම මගින් ඔබේ ඔය පුහු තර්කය බිදී යනවා.මේ ලෝකයේ විද්‍යාවෙන් ඔප්පු කළ නොහැකි බොහෝ දේ තිබෙනවා.සියල්ල විද්‍යාවෙන් තහවුරු කළ නොහැකියි.බුදු දහමේ සදහන් දේවල් වලින් 10% ක් තරම් වත් තව විද්‍යාවෙන් ඔප්පු කරගන්න බැරි උනා.ඔප්පු කරගැනීමට නොහැකි වූ පමණින් ලොවේ සිදුවන දේවල් බොරුවක් යැයි පවසන්නේ කුමන පදනමකින්ද..?එසේ බලන විට බුදු දහමද දියුණු විද්‍යාවද දියුණු යනුවෙන් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමි.

  18. මෙවැනි පුහු තර්ක ඉදිරිපත් කරමින් සත්ත්වයෙක්ට වඩා අන්ත අයුරින් සුවහසක් ශ්‍රී ලාංකික ජනයාගේ මනස විකෘති කිරීමට කටයුතු නොකරන්නන.. සත්ත්ව වේදීන් කොපමන සිටියත් අද වන විට විද්‍යාවෙන් පවා තහවුරු කරන ලද එකම දර්ශනය බුද්ධ දර්ශනය බව තරයේ මතක තබා ගන්න.
    ඔබට උතුම් වූ දළදා වහන්සේ ගැන හා දළදා කරඬුව වඩම්මනු ලබන හස්ති රාජයාණන් ගැන අල්පමාත්‍රයක හෝ කුකුසක් ඇත්නම් මෙවන් පුහු තර්ක ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳ රචිත හෙල කටුවා පරිශීලනය කරන්න.

  19. Nosalakiya yuthu wal ballekge gon kathawak.oya kalaknni wal ballata wada nam nadumgamuwe athata buddiyak tiyana bawa me dewal walin penawa.

  20. මගෙ වටේ හිටියේම
    බුද්ධිමත් පිරිසක්
    ආනන්ද විතරක්
    කල් ගත්තා ඩිංගක්….

    බඩ ගියා හොඳටම
    හුස්ම පොද ඉගිලුනා සදහට
    ඉන් පස්සෙ පිච්චුවද
    අමු සොහොනෙ දැප්පුවද
    දන්නෙ ආනන්දයි
    සැරියුතුයි මුගලනුයි….

    ඉන් පස්සෙ මිනියක්
    උන්ට තව මොකටෙයි…..

    ගලවගෙන රදනකේ
    උගුල්ලන් ලලාටේ
    හුඹස් වල හංගන්න
    අලි පිටේ ගෙනියන්න
    දෙසුවෙ නෑ දහමක්….

    මට ෂුවර් සැරියුත්….

Leave a Reply to Asanka Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!