spot_img
spot_imgspot_img

දෙවන දිනටත් කොළඹ කොටස් වෙළෙඳ පොළ මිලියන 10,000ක් ආසන්නයට

පුවත්

විදෙස්

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ දෙවැනි දිනටත් රුපියල් මිලියන 10,000කට ආසන්න පිරිවැටුමක් වාර්තා කරමින් විශාල ලෙස කොටස් ගනුදෙනු සිදුවිය.

දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 9,958ක් වූ අතර සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 188.3කින් ඉහළ ගොස් දිනය අවසානයේ ඒකක 8,667ක් බවට පත්විය.

ගනුදෙනු අතරතුර දී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,715 ඉක්මවූ නමුත් නැවතත් 8,667ක් ලෙස පත්ව ගනු දෙනු අවසන් විය.

අද දිනයේ වැඩි වශයෙන් කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස‍්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,590ක් ලෙස ද , එල්‍ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1,059ක් ලෙස ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,037ක් ලෙස ද මූලික විය.

වඩාත් වැඩි කොටස් ප්‍රමාණයක් ගනු දෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 133ක් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 86ක් ද, එස්ඊඑම්බී (x) සමාගම කොටස් මිලියන 33ක් ගනුදෙනු වෙමින් කැපී පෙණිනි.

කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස මෙතෙක් පැවති කිරුළ නැවත හිමිකරගැනීමට එල්ඕඑල්සී සමාගම සමත්වූ අතර රුපියල් බිලියන 241ක වත්කම් හිමිකරගනිමින් පළමු ස්ථානය ද, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 234ක වත්කම් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයට ද පත්විය.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 53ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 296ක කොටස් විකුණා තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලයන 243ක මුදලක් විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙ ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 09ක්, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 06ක්, හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 03යි වශයෙන් ප්‍රධාන විය.

විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 115යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 82යි, සිටිසන් ඩිවලොප්මන්ට් බැංකව (X) රුපියල් මිලියන 13ක් ලෙස ද කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ සමාගම් කිහිපයක කොටස් හුවමාරු වූ අතර එම සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව (X), ජෝන් කීල්ස් සමාගම සහ කාගීල්ස් ලංකා සමාගම කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනු දෙනු අතරතුර සණස ඩිවලොප්මන්ට් බැංකුවේ එක කොටසක් රුපියල් 51.50ක් ලෙස නිකුත් කළ ද්විතීක කොටස් හුවමාරුවෙන් සණස සංවර්ධන බැංකුවේ ‍15%ක කොටස් ප්‍රමාණයක් එල්ඕඑල්සී සමාගම මිල දී ගෙන ඇති අතර සියයට 10.96 බැගින් නෙදර්ලන්ත අරමුදලක් සහ අයන්කා හෝල්ඩින් සමාගම විසින් ද 10.96% බැගින් ද බෙල්ජියම් අරමුදලක් මගින් 10%ක් ද මිල දී ගෙන තිබේ.

විදේශ විනිමය අවශ්‍ය මොහ‍ොතක බැංකු ක්ෂේත්‍රයට සිදුවූ ධනාත්මක පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතා ඉක්මණින් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවීම සඳහා හේතුවිය හැකි හිතකර සාධක කිහිපයක් දක්නට ලැබේ.

එනම්, ආනයන සීමාවන් හේතුවෙන්, බොහෝ ආනයන කරුවන් තම අරමුදල් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමත් රට වසා ඇති කාලසීමාවේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ වඩාත් හොඳින් ගනුදෙනු සිදුවීමත්, කොළඹ කොටස් වෙළෙඳ පොළේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් දේශීය හා විදේශීය අරමුදල් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ආකර්ශනය වීමත් බදු සමා පනත හේතුවෙන් විශාල ආයෝජන ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළඳ පොළ පැමිණෙනු අතැයි යන විශ්වාසයත් ඒ අතර වෙයි.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!