spot_img
spot_imgspot_img

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මිනී පෙට්ටි හදයි

පුවත්

විදෙස්

අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මිනී පෙට්ටි ද නිෂ්පාදනය කර කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන අයගේ ආදාහන කටයුතු නොමිලේම සිදු කිරීම ආරම්භ කොට ඇත.

මේ පිළිබඳව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා මෙසේ කියා සිටියේය.

“කොරෝනා නිසා මියයන අයගේ පවුල්වල අය දැඩි ලෙස අසරණ වෙනවා. එවැනි වෙලාවක අවසන් කටයුතු කරගැනීම පවා අපහසුයි. නිවැසියන් නිරෝධායනයේ. ඇති අයත් නැති අයත් හැමෝම මේ තත්වයට පත්වෙනවා. සමහර අඩු ආදායම්ලාභී පවුල්වල අයට මිනී පෙට්ටියක්වත් ගන්න විදියක් නෑ. ඒ නිසා අපි තීරණය කළා වතුපිටිවල රෝහලේදී මරණ පරීක්ෂණ කරනු ලබන සියළුම කොවිඩ් මෘත ශරීර නොමිළයේම ආදාහන කටයුතු කරන්න. මිනී පෙට්ටි ප්‍රාදේශීය සභාවේ ම නිෂ්පාදනය කරනවා.”

මේ සඳහා අවශ්‍ය ලෑලි ඇතුළු අනෙනකුත් අමුද්‍රව්‍ය පරිත්‍යාගශීලීන් විසින් සපයා ඇති අතර ප්‍රාදේශීය සභා සේවකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් පෙට්ටි නිෂ්පාදනය සිදුවෙයි. මේ සඳහා සභාවේ මුදල් වැය කරන්නේ නැති බව ද සභාපතිවරයා කීවේය.

1 COMMENT

  1. අති මහත් සුභසාධන කටයුත්තක්, එවැනි කටයුතු
    කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

Leave a Reply to ගයාන් Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!