spot_img
spot_imgspot_img

හයිටි ප්‍රබල භූමිකම්පාවක්. මරණ 300 ඉක්මවයි

පුවත්

විදෙස්

හයිටි දූපතේ බටහිර ප්‍රදේශයේ සෙනසුරාදා රිච්ටර් මාපක 7.2ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවූ අතර ඉන් 300කට වැඩි පිරිසක් මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා සහ අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම භූමිකම්පාවත් සමඟ අගමැති ඒරියල් හෙන්රි විසින් හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.

සිවිල් ආරක්ෂක ආයතනයේ අධ්‍යක්ෂ ජෙරී වැන්ඩ්ලර් පවසන්න් වැදගත්ම දෙය සුන්බුන් යට සිර වී සිටින හැකිතරම් පිරිසක් බේරාගැනීම බවයි.

වීඩියෝ දර්ශන

භූමිකම්පාවෙන් තුවාල ලැබූවන් අතර කාදිනල් විබ්ලි ලැනග්ලොයිස් ද සිටියි. කාදිනල්වරුන්ගේ පුහුණු විද්‍යාලයට ඇතුළත්කර ගැනීම සඳහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් තෝරාගෙන ඇති 19 දෙනා අතර ඔහුද සිටියි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයනයට අනුව භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පෝට් ඕ ප්‍රින්ස් අගනුවරට සැතපුම් 76ක් පමණ බටහිරින් පිහිටා තිබී ඇත.

සිව්ල් ආරක්ෂක නිලධාාරීන් භූමි කම්පාව පිළිබඳ පළමු ට්විටර් පණිවිඩ නිකුත් කර තිබූ අතර ඒවායේ දැක්වෙන්නේ ගොඩනැගිලි කඩා වැටී ඇති බවයි. “අපි ඔබට දිගටම දැනුම් දෙන්නෙමු” යනුවෙන් ද එම පණිවිඩවල දැක්වේ. ගොඩනැගිලි විනාශ වී ඇති ආකාරයත් පොළොව පුපුරා ගොස් ඇති ආකාරයත් සමාජ මාධ්‍යවල විශාල වශයෙන් ප්‍රචාරය වෙමින් තිබේ.

“හයිටි වැසියන්ට මේ වනවිට උදා වී තිබෙන්නේ අභියෝගාත්මක කාලයක්. මේ විනාශකාරී දරුණු භූමිකම්පාව ගැන මා කණගාටු වෙනවා. තම ආදරණීයයන් අහිමි වූ හෝ සිය නිවෙස් සහ ව්‍යාපාර අහිමි වූ හෝ සියලු දෙනාට අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා” යනුවෙන් නිවේදනයක් නිකුත් කළ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හයිටි රාජ්‍යයට සහය ලබා දෙන ලෙස ද දැනුම් දී තිබේ.

භූමිකම්පාව සිදුවූ අවස්ථාවේ දී ම සුනාමි අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළ ද පසුව එය අවලංගුකරන ලදී.

ප්‍රධාන භූමිකම්පාවට බටහිර දෙසින් රිච්ටර් මාපකයේ 5.2ක භූමිකම්පාවක් ද සිදුවූ අතර ඇමෙරිකානු එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය දැනුම් දී ඇත්තේ “ඉදිරි දින සහ සතිවල දී තවත් භූමිකම්පා බලාපොරොත්තු විය හැකියි” යනුවෙනි. ප්‍රධාන භූමිකම්පාවෙන් පසු මේ වනවිට ප්‍රභලත්වයෙන් අඩු භූමිකම්පා 09ක් පමණ වාර්තා වී ඇති බව එම අයාතනය දැනුම් දෙයි.

“අපි දැනට අත්විඳින මෙම දරුණු තත්වයට මුහුණ දීම සඳහා එකාවන්ව කටයුතු කරන ලෙස සියළුම හයිටි ජාතිකයින්ගෙන් මම ආයාචනා කරනවා” යනුවෙන් අගමැති  ඒරියල් හෙන්රි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය.

ඉන් පසු තවත් සටහනක් තැබූ ඔහු මෙසේ පවසා ඇත.

“දකුණු අර්ධද්වීපයේ භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා අපි අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නෙමු. හදිසි අවස්ථාව සම්බන්ධයෙන් අපි දැඩි සහයෝගීතාවක් දැක්විය යුතුයි”

හෙන්රි එරට අගමැති බවට පත් වූයේ ජූලි මාසයේදී ජනාධිපති ජොවනල් මෝස්ගේ ඝාතනයෙන් පසුවය.

දැඩි ගැටලු රැසකට මුහුණ දී සිටින දුප්පත් රාජ්‍යයක් වන හයිටි භූමිකම්පා සහ සුළි කුණාටුවලට නිරන්තරව ගොදුරු වෙයි.

2010 වර්ෂයේ දී හයිටි අගනුවරට රිච්ටර් මාපක 7.0ක භූමිකම්පාවක් සිදුව තිබූ අතර එහි දී පුද්ගලයන් 300,000ක් මියගිය බව ගණන් බලා ඇත. එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්සණ ආයතනයේ භූ භෞතික විද්‍යාඥ ජෝන් බෙලිනි කියා සිටියේ සෙනසුරාදා ඇති වූ භූමිකම්පාව 2020 දී ඇති වූ භූමිකම්පාවට වඩා සැළකිය යුතු ලෙස ප්‍රභල බවයි. “එමගින් නිකුත්වූ ශක්ති ප්‍රමාණය විශාලයි. මේ නිසා මේ කලාපයේ විශාල හානියක් සිදුවීමට ඉඩ තිබෙනවා.”

හයිටි රාජ්‍යයට තවත් දරුණු අනතුරු ඇඟවීමක් තිබේ. සඳුදා සවස්වන විට ග්‍රේස් කුණාටුව හයිටි රාජ්‍යයට ඇතුළුවීමට නියමිතය.

ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සෙනසුරාදා මේ භූමිකම්පාව සිදුවීමට පෙර ඇලස්කාවේ රිච්ටර් මාපක 6.9ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ද වාර්තා කර තිබිණි.

පළමු සබැඳිය මෙතැනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!