spot_img
spot_imgspot_img

‘ත්‍රිපිටක සංරක්ෂණ පනත’ කොරෝනා පොකුරක් හදයි ? භික්ෂූන් වහන්සේලාට ජීවිත අවදානමක්

පුවත්

විදෙස්

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ මහා සංඝරත්නයේ සහ විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට යැයි කියමින් බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් කොළඹ දී පැවැත්වූ දින තුනක රැස්වීමක් හේතුවෙන් මේ වනවිට “ත්‍රිපිටක සංරක්ෂණ කොරෝනා පොකුරක්” නිර්මාණය වෙමින් තිබේ.

එම රැස්වීම පසුගිය අගෝස්තු මස 05,06 සහ 07 කොළඹ බණ්ඩාරානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී.

එම රැස්වීම සඳහා සහභාගී වූ භික්ෂූන් වහන්සේලා අතරින් අමරපුර ශ්‍රී සද්ධර්මික නිකායේ මහා නායක ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියෝ මේ වනවිට කොරෝනා ආසාදිතව කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබන අතර අවම වශයෙන් තවත් භික්ෂූන් වහන්සේලා 15 නමක් පමණ උන්වහන්සේගේ පළමු පෙළ ආශ්‍රිතයන් වී සිටිති.

මෙලෙස පළමු පෙළ ආශ්‍රිතයන් වූ පිරිස අතර මැදගොඩ අභයතිස්ස, කොත්මලේ කුමාර කාස්සප හිමි ඇතුළු හිමිවරු සිටිති.

මෙම රැස්වීම ඉතාමත් හදිසි කටයුත්තක් සේ සළකා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට සැළසුම් කර තිබිය දී මල්වතු අස්ගිරි මහා නාහිමිරු ඇතුළු සංඝයාවහන්සේලා විශාල පිරිසක් මෙන්ම මෙරට බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විද්වතුන් පිරිසක් ද කොරෝනා වසංගතය හමුවේ මෙවැනි රැස්වීමක් නොපවත්වන ලෙස ඉල්ලා තිබිණි. මෙම සාකච්ඡාව පැවැත්වීමෙන් වයෝවෘද්ධ ස්වාමීන්වහන්සේලා කොරෝනා වසංගතයේ ගොදුරක් විය හැකි බව ඔවුහු පැවසූහ.

මෙම රැස්වීම නොපවත්වන ලෙස අස්ගිරි හා මල්වතු මහා නායක හිමිවරු බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කළහ.  

එසේ වුව ද රැස්වීම පැවැත්විණි.

මේ පිළිබඳ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනගෙන් විමසූ විට කියා සිටියේ නිරෝධායන නීති සහ යහපත් සෞඛ්‍ය පුරුදු උපරිම ආකාරයෙන් ආරක්ෂා කරමින් රැස්වීම පැවැත්වීමට කටයුතු කරන බවයි. එමගින් කොරෝනා පැතිරීමට ඉඩක් නැතැයි ද ලේකම්වරයා කියා සිටියේය.

නමුත් රැස්වීම පැවැත්වෙන අගොස්තු 05 වැනි දා දිනය වනවිට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරී නිලධාරිනියන් 17 දෙනකු කොරෝනා ආසාදිතව සිටියහ.

සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රැස්වීම සඳහා ආසන පැනවීම, ලියාපදිංචිකිරීම ඇතුළු අවශ්‍ය පහසුක්ම සැපයීම සිදුකරන ලද්දේ එළෙස කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබූ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරී නිලධාරිනියන් විසිනි.

මෙම රැස්වීම පැවැත්වෙමින් තිබිය දී පසුගිය 06 වැනි දා මධ්‍යම රාත්‍රියෙන් පසු රජයේ සියලු උත්සව සහ රැස්වීම් තහනම් බවට නියෝගයක් නිකුත් කළ ද කොවිඩ් – 19 මර්ධන ඒකකයේ විශේෂ අවරසයක් ගෙන පෙර දිනවල දී ආකාරයට ම රැස්වීම පැවැත්විණි.

දැන් සිදුව ඇත්තේ රැස්වීමට සහභාගී වූ ස්වාමීන් වහන්සේලා ආසාදිතයන් ලෙස හඳුනාගැනීම සහ තවත් හිමිවරු කිහිප නමක් නිරෝධායනයට යොමුකිරීමයි.

ත්‍රිපිටක සංරක්ෂණ පනත හදිසි කටයුත්තක් ලෙස සළකා සම්මත කරගැනීම රජයේ අපේක්ෂාව වුව ද රැස්වීමට සහභාගී වූ පිරිසගේ දැඩි විරෝධය හේතුවෙන් එම පනත් කෙටුම්පත ඉවත දැමීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයට සිදුවිය. අවසානයේ යෝජනා වූයේ රටේ පවතින රෝම ලන්දේසි නීතිය අනුව ධර්ම විකෘති සම්බන්ධ තීරණ ගැනීම නොකළ යුතු බවයි. එ් සඳහා ධර්ම විනය අනුව තීරණ ගත යුතු බවට තීරණය කෙරිණි.

අවසානයේ සිදුවූයේ ත්‍රිපිටක සංරක්ෂණ පනත හේතුවෙක් කොරෝනා පොකුරක් මෙරට වැඩහිටි භික්ෂූන් වහන්සේලා කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වීම පමණි.

මහනායක හිමිවරු විසින් යොමුකර තිබූ ලිපිය පහතින්

8 COMMENTS

  1. සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක් . උන්වහන්සේ ලා දෙනම පූජනීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ සහ පූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ යන ස්වාමීන්වහන්සේ ලා සුවයෙන් පසුවන අතර, අස්ගිරි , මල්වතු නායකහිමියන් එම සාකච්ඡාව පැවැත්වීම පිළිබඳව කිසිදු අකමැත්තක් දැක්වූවේ නැති බව වගකීමෙන් දන්වා සිටිමි.

    • මේ ප්‍රවෘත්තියේ කිසිම බොරුවක් නැහැ. මෙහි ලියා ඇති පරිදි කඩිකුලප්පු BMICH ත්‍රිපිටක සංඝාතක පනත් සමුළුවට 5,6,7 යන දින තුනෙහිම සහභාගී වූ ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිපාණන් වහන්සේලා කෝවිඩ්-19 ආසාදිතව දැනට මාළබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. අණක් ගුණක් නැති අභයතිස්ස භික්ෂුව සහ ලබුමෙව්නාවේ කුමාරකාශ්‍යප භික්ෂුව ඒ අනුව පලමු පෙල ආශ්‍රතයන් වෙනවා. නෝනා පච හලන්නැතිව ඉන්න!

    • පදනම් සහිත වගකීම් සහගත සත්‍ය ප්‍රවෘත්තියක්. නොදන්න මඟුල් නොකියා ඉන්ඩ!

  2. මෙය බොරු ප්‍රවෘත්තියක්, උන්වහන්සේ ලා හොදින්, මම අද මෙය දුටුවිගසම මැදගොඩ හාමුදුරුවෝන්ට කථා කලා. ත්‍රිපිටකය සංරණයට විරුද්ද අයගෙ වැඩ කියලා අපට කළබල වෙන්න එපා කිවුවා.
    ඇත්තටම මෙවැනි බොරු ප්‍රචාරණය කිරීමේ පාපය නිරිසතුන් වී ඉපදීම නවතනු බොරු 🙏🙏🙏

    • මෙහි කිසිඳු සාවද්‍යතාවයක් නැහැ. ත්‍රිපිටක සංඝාතක පනත් කෙටුම්පත ගැන අගෝස්තු 5,6,7 දිනයන් හි BMICH හි පැවැති කඩිකුලප්පු නීති විරෝධී සදාචාර විරෝධී සමුළුවට සහභාගී වූ අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ කෝවිඩ්-19 ආසාදිතව දැනට මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබයි. ඒ අනුව පනතට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව එම සමුළුවට සහභාගී වූ භික්සඟ ඇතුළු සෙසු ප්‍රජාව පලමු පෙල ආශ්‍රතයන් වෙනවා. ඔවූහූ සියල්ලටම සුවපත්භාවය මම පතමි!

  3. ත්‍රිපිටක සංරක්ෂණ පනතට පක්ෂව දරණ අදහස්, ජන මාධ්‍යය හා සමාජ මාධ්‍යය ඔස්සේ අසන්න, දකින්න ලැබුනි. එහෙත් මෙම පනතට වි
    රුද්ධව දැක්වූ අදහස් කිසිඳු මාධ්‍යක ප්‍රමානාත්මකව දක්නට නොලැබුනි.

Leave a Reply to Madhurika Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!