spot_img
spot_imgspot_img

ඔබත් PHI ට Call කළා ද ? ඔබේ ඇමතුමත් මේ අතර තිබිය හැකියි

පුවත්

විදෙස්

කොරෝනා මර්ධනයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉටුවන්නේ අප්‍රමාණ වූ සේවයකි. නිරෝධායන නීති කඩන පුද්ලයන් සොයා බැලීමේ සිට එන්නත් කරණය පමණක් නොව මියයන පුද්ලයන් ආදාහනය කිරීම දක්වාම බොහෝ රාජකාරී ඔවුන් විසින් සිදුකරයි.

දැන් සෑම ප්‍රදේශයකම පීඑච්අයි මහත්තයා නැතිනම් මහජන සෞඛ්‍ය පරීක්ෂක යනු සෑම පුද්ගලයකුටම දුක සැප සඳහා නැතිවම බැරි පුද්ගලයකු වී තිබේ.

අප මේ උපුටා දක්වන සටහන තබා ඇත්තේ පීඑච්අයි මහත්තයාගෙන් අහන්න නමැති facebook පිටුවේ හිඟුරුකඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ලසිඳු ජේ. කරුණාරත්න විසිනි.

ඔහු පවසන්නේ කොරෝනා ආරම්භයේ සිට මේ දක්වා ඔවුන්ට ලැබෙන ඇමතුම් පහත දැක්වෙන පරිදි විකාශනය වී ඇති බවයි. ගමට පැමිණි පිටගම්කාරයන් ගැන ලැබුණු ඇමතුම් දැන් නිවසේ සිදුවන මරණයක් ආදාහනය කරගැනීම දක්වා වෙනස් වී ඇති ආකාරය එහි දැක්වෙයි.

මෙවැනි ඇමතුම් rata.lk පාඨක ඔබත් ඔබේ ප්‍රදේශයේ පීඑච්අයි මහත්තයාට ලබා දී තිබිය හැක. බලන්න. ඔබේ ඇමතුමත් මේ අතර තිබිය හැකියි.

1. කොළඹින් කට්ටියක් ගමට ඇවිල්ලා ඉන්නවා මහත්තයා. ඕං අපි කියුවා කියන්න එපා මහත්තයා

2.අර නිරෝධායනය වෙන කෙනා ගෙයින් එළියට බැහැලා එහෙ මෙහෙ යනවා මහත්තයා අපට බයයි. පොඩ්ඩක් ඇවිත් බලනවද ?

3. මහත්තයා හැමතැනම පොසිටිව් අයනෙ අපටත් බැරිද PCR එකක් කරගන්න?

4.අපේ පුංචි උත්සවයක් තියෙනවා. කට්ටිය පොඩ්ඩයි එන්නෙ කළාට කමක් නැද්ද ?

5.මහත්තයා ඔය බෙහෙත් එක විදින්න ඕනමද? ඕකෙන් වඳ වෙනවළු නේද ?

6.මහත්තයා එන්න බැරි උනා බෙහෙත් විදගන්න තැනක් කියන්නකො..

7.මම නම් එහෙ ගියේ නෑ මහත්තයා. ඒ මනුස්සයා ඈතීන් හිටියේ. මම මාස්ක් දාගෙනමයි හිටියේ මහත්තයා ..

8.නිරෝධායනය උනා නම්. හොදයි වගේ පොඩ්ඩක් උගුරත් රිදෙනවා. මහත්තයා අර බඩු මල්ල ලැබුනෙ නෑ නේ

9.අපේ තාත්තාටත් උණ මහත්තයා අපේ කවද්ද PCR කරන්නෙ?

10.අපේ නිරෝධායනය දවස හෙටින් ඉවරයිනෙ. අද මම බැංකුවට ගිහිං එන්නද මහත්තයා ?

11.අපිව ඉස්පිරිතාලෙට ගෙනියන්නෙ නැද්ද මහත්තයා. අපි හින්දා ගෙදර අයටත් බෝ වෙයිනෙ. දුරකට නම් යවන්න එපා මහත්තයා.

12. අපේ ගෙදර අය ඔක්කොම එකට යවන්න බැරිද මහත්තයා.

13.අපිව කොහේවත් යවන්න එපා මහත්තයා. අපිට ගෙදරට වෙලා ඉන්න බැරිද?

14.මහත්තයා අම්මාට හොදටම අමාරුයි. කවුරුවත් එන්නෙ නෑ නෙ ඉස්පිරිතාලෙ යන්න. දැන් කී දෙනෙක්ට කතා කලාද ? අනේ මහත්තයා ඇම්බියුලන්ස් එකක් වත් හොයා ගන්න බැරිද ? අපේ අය ෆෝන් උස්සන්නෙත් නෑ.

බොහෝවිට සුලබ වීමට නියමිත කෝල්ස්

15.මහත්තයා ලෙඩා බලන්න අපට බැරිද ? අපි නිරෝධායනය ඉන්න නිසා යන්න දෙන්නෙ නෑ ලු. අනේ අපට එකපාරක් බලා ගන්න දෙන්න.

16. ආදාහනාගාරයේ සෑහෙන්න පෝලිමලු. අපට බැරිද මහත්තයා දන්න කෙනෙක්ට කියලා හරි කතා කරලා දෙන්න ?

17.ඔක්සිජන් ගන්න තැනක් ළඟ තියෙනවා ද?

18.මහත්තයා දැනුවත් කරන්න කතා කලේ. අපේ දුවගේ උත්සවය සුළුවෙන්වත් කරන්නද ? වැඩිය කට්ටිය එන්නෙ නෑ අපේම අය විතරයි. පිට කවුරුවත් නෑ.

තව තවත් ඇමතුම් එනු ඇත. නමුත් අපේ මිනිස්සු වෙනස් වන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!