spot_img

හම්බන්තොට නිවර්තන නිවාසයේ කොරෝනා. 568ක ජීවිත අවදානම්

පුවත්

විදෙස්

රිදියගම නිවර්තන නිවාසයේ කොරෝනා රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

සුගිය 02 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණ 42කින් ආසාදිතයන් 18 දෙනකු වාර්තා වී තිබිණි. නමුත් ඉන් පසු එම නිවර්තන නිවාසයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම නවතා දමා ඇත.

මේ වනවිට එහි නේවාසිකව සිටින කාන්තා සහ පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 568 කි. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම සියලු දෙනා දැඩි මානසික ආතතියකින් සහ අඩු පෝෂණයකින් යුක්ත පුද්ගලයන් බවයි. එබැවින් ඔවුන්ගේ ජීවිත දැඩි අවදානම් තත්වයක ඇත.

රටේ විවිධ ස්ථානයන්හි යාචකයන් ලෙස කටයුතු කරන පුද්ගලයන් මෙලෙස හම්බන්තොට රිදියගම නිවර්තන නිවාසයේ රඳවා තබා ඇත.

මෙම නිවාසයේ 18 දෙනකු කෙ‍ාරෝනා ආසාදිත බව තහවුරු වී තිබුණ ද එහි පීසීආර් පරීක්ෂණ සිදුකළහොත් විශාල පිරිසක් හඳුනාගත හැකිවනු ඇති බවයි. එහෙත් පීසීආර් පරීක්ෂණ සිදු නොකරන බැවින් ඔවුන් ආසාදිත ද යන්න හඳුනාගැනීමට හැකියාවක් නැත.

එමෙන්ම ඔවුන් මෙහි දිවිගෙවන ආකාරය අනුව ඔවුන් සියලු දෙනා අතර කොරෝනා වයිරසය පැතිරීමේ දැඩි අවදානක් තිබේ. රඳවා ඇති වැඩි පිරිසකට තම ආසන්නයේ සිටින පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයට පත්වුව ද ඒ පිළිබඳ සෞඛ්‍ය අංශවෙත දැනුම්දීමට තරම් හෝ අවබෝධයක් නොමැති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මෙවැනි තත්ත්වයක් හේතුවෙන් රිදියගම නිවර්තන නිවාසයේ සිටින සියලු දෙනා දැඩි අවදානමකට පත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles