spot_img
spot_imgspot_img

රෝහල්වල ඉඩ නෑ. ආසාදිතයන් නිවෙස්වලට. සෞඛ්‍ය අංශවලට වි‍ශේෂ Online පුහුණුවක්

පුවත්

විදෙස්

කොරෝනා ආසාදිත පුද්ගලයන් සඳහා මේ වනවිට රටපුරා ‍රෝහල්වල ඉඩ ප්‍රමාණවත් නොවන බැවින් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්ට ඔවුන්ගේ නිවෙස්වලම ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය සඳහා සෞඛ්‍ය නිලධාරීන් පුහුණු කිරීම අද (06) උදෑසන 10.00ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

මේ අනුව තෝරාගත් වෛද්‍යවරුන් කණ්ඩායමක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ මහජන හෙද සොයුරියන් පුහුණුව සඳහා යොමුකර ඇත.

අද උදෑසන 10.00 සිට ඔවුන්ට අදාල පුහුණුව Online ක්‍රමයට ලබාදෙන අතර එහි දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස මට්ටමින් නිවෙස්වල ප්‍රතිකාර ලබන ආසාදිත පුද්ගලයන් හා අවම වශයෙන් දිනකට දෙවරක් දුරකථනයෙන් සම්බන්ධ වී රෝග ලක්ෂණ සහ වෙනත් අපහසුතා පිළිබඳ වෛද්‍යවරුන් විසින් ම විමසා බැලීමත්, අවශ්‍ය අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ හෙද සොයුරියන් මාර්ගයෙන් සිදුකිරීමටත් නියමිතය.

මෙලෙස නිවසක ප්‍රතිකාර ලබන යම් ආසාදිතයකු සඳහා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු මගින් ඔවුන් හදිසි ප්‍රතිකාර සඳහා යොමුකිරීමටත් අවශ්‍ය සැළසුම් මෙම පුහුණුවේ දී සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ.

ඒ අනුව සඳුදා සිට ඔවුන් නිවෙස්වල සිටින කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය සේවා සැපයීම් ආරම්භ කරනු ඇත.

මේ අතර පසුගිය 04 වැනි දා කොරෝනා ආසාදිත රෝගීන් නිවෙස්වලම ප්‍රතිකාර සඳහා යොමුකිරීමට අවශ්‍ය උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.

මේ වනවිට කොරෛා්නා ආසාදිතව රෝහලගත වී ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 27,025ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!