spot_img
spot_imgspot_img

ගුරු විදුහල්පති ඉල්ලීම් ඉටුකළ නොහැකියි

පුවත්

විදෙස්

ගුරු හා විදුහල්පතිවරුනගේ වැටුප් විෂමතා ඉවත්කළ යුතු යැයි පිළිිගන්නා නමුත් එය මොහොතේ කළ හැකි කාර්යයක් නොවේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රියේ පැවැති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර තිබේ.

රටේ දැන් පවතින තත්වය අනුව මෙය ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොවන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

කොරෝනා අර්බුදය මධ්‍යයේ වුව ද රාජ්‍ය සේවකන්ගේග වැටුප් ගැටලුවකින් තොරව නිසි වේලාවට ගෙවීමට රජය කටයුතු කර ඇතැයි ද ජනාධිපතිවරයා පවසා තිබේ. ගුරුවරුන්ගේ පමණක් නොව අනිකුත් රාජ්‍ය සේවකයන්ගේ ද වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයේ දී අවධානය යොමුකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

මෙම අසීරුතා තේරුම්ගෙන ගුරුවරුන් ද සිය වගකීම ඉටුකළ යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!