spot_img
spot_imgspot_img

හූනියමක් කපන්නට ගිහින් තරුණියකට හා කතකට අතවර කළ කට්ටඩියෙක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

නිවසක් ආරක්ෂාකිරීමට බව පවසමින් ශාන්තිකර්මයක් කිරීමට පැමිණ 19 හැවිරිදි තරුණියකට හා 45 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ කට්ටඩියකු අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලීසිය පවසයි.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ නිවසකට අසල්වැසියන් හූනියම් කර ඇති බව පවසමින් ඒ සඳහා ආරක්ෂාවක් කිරීමට බව පවසා හෙතෙම මෙම නිවසට පැමිණ තිබේ. ඊයේ (31) අළුයම අදාල ශාන්තකර්මය සිදුකරන අතරතුර නිවසේ සිටි පිරිිමි පුද්ගලයන්ට නිවසින් පිටතට ගොස් ආසන්නයේ පිහිටි මංසන්දිවල රැඳී සිටින ලෙස ඔහු උඵදෙස් දී තිබේ.

අනතුරුව ඔහු විසින් 45 හැවිරිදි කාන්තාවට ලිංගික අතවර කර ඇතිබව පොලිසිය පවසයි. එම නිවසේ සිටි 19 හැවිරිදි තරුණියකට ද ඔහු ලිංගික අතවර කර ඇති ව අනාවරණය වී තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වී කට්ටඩියා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 42 හැවිරිදි වියේ පසුවන බව ද පොලිසිය කියයි. ඔහු අද (01) බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!