spot_img
spot_imgspot_img

නව ආයෝජකයෝ කොටස් වෙළඳ පොළට එක්වෙති

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2313ක් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 29.7කින් පහළ ගිය අතර එය ඒකක 8,092ක් ලෙස දැක්විණි.

දිනයේ ගනුදෙනු සඳහා වැඩි වශයෙන් දායක වූූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 686යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 162යි, LOLC සමාගම රුපියල් මිලියන 132ක් ලෙස ප්‍රධාන විය.

දිනයේ විදේශ ආයෝජකයන්ගේ කොටස් මිල දී ගැනීම රුපියල් මිලියන 59ක් වූ අතර කොටස් විකිණීම රුපියල් මිලියන 142ක් විය. ඒ අනුව සමස්තයක් ලෙස විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 83ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 14.6යි, ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලයන 8.6යි, හේමාස් සමාගම රුපියල් මිලියන 6.3ක් ලෙස මූලික විය.

විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ටෙක්ස්ටර් ජර්සි සමාගම රුපියල් මිලියන 36යි, ඩයලෝග් සමාගම රුපියල් මිලියන 25යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 17.5ක් ලෙස මූලික විය.

ශ්‍රී ලංකා රජය විසින් නිසි පරිදි ණය වාරික වශයෙන් ගෙවිය යුතුව තිබූ ඩොලර් බිලියන 1.5ක මුදල නිසි පරිදි ගෙවීම හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන් ස්ථාවරත්වයට පත්ව සිටියි.

මේ දිනවල ජුනි මාසයට අදාල සීමා ඉකුත් වූ ණය මුදල් හිලව් කිරීම හේතුවෙන් කොටස් වෙළෙද පොළ යම් පහත බැසීමක් දැකිය හැකි වුව ද නැවතත් ඉදිරිියට කොටස් වෙළෙඳ පොළ ඉහළ යා හැකි බවට බොහෝ ආයෝජකයෝ විශ්වාසය පළකර සිටිති.

විදේශ ආයෝජකයන්ගේ කොටස් විකිණීම බරපතල ලෙස වැඩි වී තිබුණ ද එකී කොටස් මිල දී ගැනීම සඳහා නව ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙද පොළට එක්ව සිටීම විශේෂත්වයකි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!