spot_img
spot_imgspot_img

තිදරු මවගේ දේහය ආදාහනය කිරීමට පොලිසියත් කැඳවයි

පුවත්

විදෙස්

දරුවකු බිහිකර දින කිහිපයකට පසු කරාපිටිය රෝහලේ දී කො‍රෝනා ආසාදනයෙන් මියගිය තිදරු මවගේ දේහය අද (23) දඩල්ල‍ ආදාහනාගාරයේ දී ආදාහන කිරීමට යාමේ දී ඇතිවූ ගැටලුවක් සමථයකට පත්කිරීම සඳහා පොලිසිය පවා කැඳවීමට සිදුව තිබේ.

අද උදෑසන 10.30ට එම දේහය ආදාහනය කරන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය විසින් මියගිය කාන්තාවගේ සැමියාට දැනුම් දී තිබුණු අතර ඔවුන්ට අවශ්‍ය පිරිදි සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යාඥා කටයුතු සිදුකිරීමට ද අවස්ථාව ලබා දී තිබිණි.

එසේ වුව ද ඊයේ ඇය මියගිය අවස්ථාවේ පටන් විශාල පිරිසක් හදිසි මරණ පරීක්ෂකවරයාට සහ අධිකරණ වෛද්‍ය අංශයට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඔවුන්ගේ තනතුරු නාම සහ සම්බන්ධතා ගැන පවසමින් මෙම දේහය රාගමට රැගෙන යාමට ඉඩදෙන ලෙස ද ඉල්ලා තිබිණි.

කොරෝනා දේහ සම්බන්ධ අවසක් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් රජය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උල්ලංඝනය කළ නොහැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ලිඛිත දැනුම්දීමක් කරන්නේ නම් පමණක් ඊට අවසර දිය හැකි බව ද අධිකරණ වෛද්‍ය අංශයෙන් ඥාතීන්ට දැනුම් දී තිබිණි.

නියමිත වේලාවට දේහය දඩල්ල ආදාහනාගාරයට ගෙන ගිය අවස්ථාවේ දී එම ස්ථානයට පිවිසීමට අවසර ලබාදෙන පිරිසට වඩා වැඩි පිරිසක් එහි සිටි බවත්, දේහය පිටුපසින් රථ තුනකින් පිරිසක් ආදාහනාගාරය දක්වා පැමිණිබවත් දඩල්ල සුසානභූමියේ සේවකයෝ කියති.

දේහය ආදාහනාගාරයට ඇතුළුකළ අවස්ථාවේ දී එහි සිටි අයකු එය වීඩියෝ කරමින් සිටි බැවින් එය නැවැත්වීමට සේවකයන් විසින් උපදෙස් දී තිබේ. එම අවස්ථාවේ දී පැමිණ සිටි ඥාතීන් හා හිතවතුන් අතර බහින්බස්වීමක් ඇති වී තිබේ. මියගිය කාන්තාවගේ පාර්ශවයෙන් පැමිණි පුද්ගලයකු සේවකයකුට පහරදිමට තැත් කළ බව පවසමින් ආදාහනාගාර සේවකයන් දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

එම ස්ථානයට ගොස් සිටි රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා විසින් ගාල්ල පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමෙන් පසු ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ සිද්ධිය සමථයකට පත්කර දේහය ආදාහනය කිරීමට කටයුතු කරනු ලැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!