spot_img
spot_imgspot_img

මූල්‍ය මණ්ඩලය වාණිජ බැංකුවලට සීමා පනවයි. කොටස් වෙළෙඳ පොළ දිගටම ඉහළට

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ඒකක 68.43කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8138ක් බවට පත්විය.

දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 5.7කි.

ගනුදෙනු සඳහා වැඩි වශයෙන් දායක වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1253යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 521යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 512යි ලෙස ප්‍රමුඛ විය.

විදේශ ආයෝජකයන් විසින් දිනයේ කොටස් මිල දී ගැනීම රුපියල් මිලියන 31ක් ලෙස සටහන් වූ අතර කොටස් විකිණීම රුපියල් 573ක් විය.

ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලියන 542ක කොටස් විදේශ ආයෝජකයන් විසින් විකුණා තිබේ.

ඔවුන් කොටස් මිල දී ගත් සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 6.9යි, සම්පත් බැංකුව රුපියල් මිලයන 5.3යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 3.7යි වශයෙන් කැපී පෙණිනි.

විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ලංකා මිල්ක් ෆුඩ් සමාගම රුපියල් මිලියන 423.6යි, එල් බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 61.2යි, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 17යි ලෙස මූලික විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර LOLC සමාගම තම වටිනාකම තවදුරටත් ඉහළ නංවාගෙන ඇති අතර එම සමාගමෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 223ක් ලෙස පළමු ස්ථානයට ද ජෝන් කීල්ස් සමාගම රුපියල් බිලියන 183ක් ලෙස දෙවැනි ස්ථානයට ද , ලංකා දුම්කොළ සමාගම රුපියල් බිලියන 182ක් ලෙස තුන්වැනි ස්ථානයට ද එක්ස්පෝ ලංකා සමාගම සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 130ක් ලෙස හතරවැනි ස්ථානයක් හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සොෆ්ට් ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම ලෝකයේ ප්‍රධානතම රක්ෂණ වෘත්තිකයන් සඳහා වූ අන්තර්ජාතික සංගමය වන එම්ඩීආර්ටී සංගමය මගින් ලෝකයේ විශිෂ්ඨතම අන්තර්ජාතික සමාගම් 100 අතර නම්කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගමක් ඉතා කෙටි කාලයක් තුළ ලොව හොඳම සමාගම් 100 අතරට එක්වූ ප්‍රථම අවස්ථාව වෙයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්තයක් ලෙස 2021 වර්ෂයේ දී මේ දක්වා ප්‍රාථමික කොටස් නිකුතු 10ක් සාර්ථකව සිදුකර ඇති අතර මෙම වසරේ දී පමණක් එම කොටස් නිකුතුවන් හරහා රුපියල් බිලියන 69.6ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළට එකතුකිරීමට සමත්ව තිබේ.

දැනටමත් ‍2021 වර්ෂයේ ලෝකයේ වැඩිම වර්ධනයක් ලබාගෙන ඇති කොටස් වෙළෙඳ පොළ බවට පත්වීමට මෙය ප්‍රධාන සාධකයක් වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් 2021-07-01 දින සිට 2021-12-31 දක්වා බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ සියලු බලපත්‍රලාභී බැංකුවල මූල්‍ය මට්ටම වර්ධනය කිරීම සඳහා සීමා කිරීම් කිහිපයක් පනවා තිබේ.

එනම්, එම බැංකුවල කොටස් එම බැංකුවිසින් ම මිල දී ගැනීම අත්හිටුවීම, සියලු බලපත්‍රලාභී බැංකුවල විධායක දීමනා සහ අධ්‍යක්ෂ මණ්ඩල දීමනා වැඩි නොකිරීම, අත්‍යාවශ්‍ය නොවන ප්‍රචාරණය ව්‍යාපාර ප්‍රවර්ධනය අනුග්‍රාහකත්ව දැන්වීම් ත්‍යාග අරමුදල් හඳුන්වාදීම අත්හිටුවා ඇති අතර විශාල මුදලක් වියදම් කරමින් සිදුකරනු ලබන අත්‍යාවශ්‍ය නොවන වියදම් ද සීමා කර තිබේ.

මෙම පියවර බලපත්‍රලාභී බැංකුවල ස්ථාවරත්වය වර්ධනය සඳහා ගෙන ඇති පියවරක් වන නමුත් ලාභාංශ අපේක්ෂාවෙන් එම බැංකුවල මුදල් ආයෝජනය කළ ආයෝජකයන්ට මෙමගින් විශාල බලපෑමක් සිදුවී තිබේ.

රජය විසින් හඳුන්වාදී ඇති බදු සමා පනත අනුව විශාල දේශීය අයෝජන ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය වනු ඇතැයි විශ්වාසයෙන් තදුරටත් කොළඹ කොටස් වෙළෙඳ පොළ මෙතෙක් ඉතිහාසයේ අත්කරගත් වැඩිම සමස්ත කොටස් මිල දර්ශකය වන 2021 ජනවාරි 25 වැනි දින වාර්තා වූ ඒකක 8,694 ඉක්මවා යනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!