spot_img
spot_imgspot_img

නැවේ ගින්න වළක්වාගත හැකිව තිබුණා ද ? මහා විනාශයකින් ඉගෙන ගත හැකි පාඩම

පුවත්

විදෙස්

කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ X-Press Pearl නෞකාව ගිනිගෙන විනාශ වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වූ ඇතත් මියගිය සතුන් සිය ගණනක් ශ්‍රී ලංකා වෙරළට තවමත් ගසාගෙන එති.

සති දෙකක් පුරා බහාලුම් 1,486ක් සහිත මේ නැව ගිනි ගෙන විනාශ විය. ජුනි මාසයේ මුල දී ගිලී ගිය අතර මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම පාරිසරික විනාශය බව ‍පරිසරවේදීන් පවසයි.

රසායනික ද්‍රව්‍ය මගින් ජලය අපවිත්‍ර වීම, සමුද්‍ර ජීවීන් විනාශ කිරීම සහ අභිජනන ස්ථාන විනාශ කිරීම සිදුවෙයි. 

මෙලෙස ජලයට හා ජීවීන්ට අහිතකර ද්‍රව්‍ය අතර නයිට්‍රික් අම්ලය, සෝඩියම් ඩයොක්සයිඩ්, තඹ, ඊයම් සහ දිරාපත් වීමට සියවස් ගණනාවක් ගත විය හැකි ප්ලාස්ටික් කැබලි විශාල වශයෙන් තිබිණි.

ජීවත්වීම සඳහා මසුන් ඇල්ලීමේ යෙදෙන ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළ තීරයේ ධීවර ජනාතවට ධීවර කටයුතු තහනම් කෙරිණි. පරිසරයට තෙල් කාන්දුවීමේ තර්ජනයක් තිබූ අතර ශ්‍රී ලංකාවේ බලධාරීන් ජාත්‍යන්තර සහාය ඇතිව එය පාලන කිරීමට උත්සාහ ගෙන තිබේ

ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු කරගෙන යයි. මේ අතර පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර ඇත.

විනාශයෙන් පසු බොහෝ විචාරකයන් වැරැද්ද කුමක්ද යන්න පිළිබඳ සොයා බැලීමට උත්සාහ කර තිබේ. එහෙත් මේ ව්‍යසනය අතිවිශාල වුවත්, තීරණාත්මක වුවත්, ආර්ථික සංවර්ධනය හා පාරිසරික ආරක්ෂාව අතර ගැටලු ‍මනාව පිළිබිඹු කරන්නක් වී ඇත. ඇතැම් විට මෙවැනි සිදුවීම් නීති රෙගුලාසිවලට යටත් වන්නේ නැත.

මේ බරපතල විනාශය හෙළිදරව් කළ යුතුය. එවිට අනාගතයේ දී මෙවැනි විනාශ්‍යන් සිදුවීම වළක්වා ගැනීමට උත්සාහ කළ හැකි වනු ඇත.

භාණ්ඩ නැව් ගිනි ගන්නා විට

තහවුරු කරගෙන ඇත්තේ නුසුදුසු ආකාරයෙන් හෝ වැරදි ලෙස ඇසුරුම් කරන ලද නයිට්‍රික් අම්ලය X-Press Pearl ගින්නට හේතු වූ බවයි. මෙම නෞකාවේ නයිට්‍රික් අම්ලය ටොන් 25ක් තිබී ඇත. එය විඛාදනයට හේතුවවන, විෂ සහිත හා ගිනිගන්නා සුළු ද්‍රවයකි.

නයිට්‍රික් අම්ලය ඇමෝනියම් නයිට්රේට් වල අත්‍යවශ්‍ය අංගයකි – ලොව පුරා ජනප්‍රිය පොහොරක් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනයේ අමුද්‍රව්‍යයකි. ආනයනය කරන ලද ඇමෝනියම් නයිට්රේට් යනු 2020 දී බේරූට් වරාය විනාශ කරමින් සිදුවූ මහා පිපිරීමට හේතු වූ ද්‍රව්‍යයයි.

වෙරළ ‍ගොඩ ගසා තිබූ මියගිය කැස්බෑවකුගේ සිරුරක්

නැවක ඇතිවන ඕනෑම ගින්නක් එහි කාර්ය මණ්ඩලයේ ජීවිතයට හා පරිසරයට පැහැදිලිව ම අවදානමක් ගෙන එයි. බහාලුම් සහිත යාත්‍රා ගිනි ගැනීම නිතර නිතර සිදුවෙයි. සති දෙකකට වරක් ලෝකයේ එවැනි ගින්නක් වාර්තාවන අතර සෑම දින 60කට ම වරක් හෙවත් මාස දෙකකට වරක් විශාල ගින්නක් ඇතිවන බව රක්ෂණකරුවෝ කියති.

මේ ගිනිගැනීම්වලට හේතූන් හෙවත් ප්‍රභවය වෙනස්ය. වරෙක එන්ජිම්වල ගිනි හටගන්නා අතර ඒවා භාණ්ඩ ඇසුරුම් දක්වාම පැතිරී යා හැකිය.

දෙවැනි ක්‍රමය වන්නේ වැරදි ලෙස ඇසුරුම් කරන ලද බහාලුම්වල ගිනිගැනීම් සිදුවීමයි. රසායනික ද්‍රව්‍ය ඊට බොහෝ විට හේතුවෙයි.

අමතර කියවිම් සඳහා – ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය. විද්‍යාඥයන් නිව්යෝර්ක් සිට නෝර්වේ දක්වා භාණ්ඩ ප්‍රවාහණය සිදුකරන අයුරු නිරීක්ෂණය කරයි. හානිකර ද්‍රව්‍ය විසිරී යන ආකාරයත් නිරීක්ෂණය වෙයි.

දැනට ඇති දත්ත මගින් පෙන්නුම් කරන්නේ වාර්ෂිකව භයානක ප්‍රතිඵල ඇතිකළ හැකි භාණ්ඩ 150,000කට වඩා වැඩි සංඛ්‍යාවක ගිනි ඇතිවය හැකි බවයි. නැව්ගත කිරීමේ මාර්ගය අනුව මේ සිදුවීම් මීට වඩා වැඩි අගයක් ගැනීමට ද ඉඩ තිබේ.

නැව් සමාගම් අතර ඇති තරඟකාරීත්වය ද මෙවැනි ගිනිගැනීම්වලට හේතුවෙයි. නැවක සාමාන්‍යයෙන් ධාරිතාව සහ කාර්යක්ෂමතාව මත එහි රැගෙන යා හැකි ප්‍රමාණය තීරණය වෙයි. නමුත් තරඟකාරීත්වය හේතුවෙන් ඇතැම් අවස්ථාවල දී බහාලුම් නිසි ප්‍රමිතියෙන් තොරව ලබාගැනීම හා ඇසුරුම් කිරීම හේතුවෙන් ගිනි ගැනීම් ඇතිවීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගනී.

බොහෝ අවස්ථාවල දී සිදුවන්නේ ගින්නක් හොඳින් වර්ධනය වනතුරු එය හඳුනාගැනීමට අපහසුවීමයි.

නැව් මගින් ප්‍රවාහනය කරන භාණ්ඩවල සහ නැව්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍යවන හොඳම ක්‍රමය වන්නේ ගිනි නිවීම් සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් ලබාදීම සහ ගිනි ආරක්ෂාව වැඩි දියුණු කිරීමයි.

SOLAS (මුහුදේ ජීවිත ආරක්ෂාව) රෙගුලාසි මගින් ගිනි නිවීමේ කටයුතු පාලනය කරයි. නමුත් මේවා යල් පැන ගිය ඒවා වන අතර 1980 වර්ෂයේ දී බලාත්මක කරන ලද රෙගුලාසි වෙයි. X-Press Pearl වැනි විශාල හා අති විශාල යාත්‍රා සහිත වර්තමාන යුගයට ගැලපෙන ආකාරයට ඒවා සංශෝධනය කළ යුතු වේ.

ඇමෙරිකාවේ නැව් කාර්යාංශය වැනි ආයතන මගින් විධිමත් ක්‍රියා පටිපාටීන් අනුගමනය කරමින් නැවක ගිනි ඇතිවිය හැකි ද යන්න හඳුනා ගැනීම සහ ගිනි නීවීමට හැකි කාර්යක්ෂම ක්‍රම ප්‍රවර්ධනය කරයි. වර්තමානයේ සමුද්‍ර ප්‍රවාහන සේවාවේ දී එවැනි ක්‍රියාමාර්ග ගැනීම වඩාත් සුදුසුය.

වරායන් දෙකක කතාවක්

කටාර්හි හමාඩ් වරායේ දී  X-Press Pearl නැවේ ඇති නයිට්‍රික් අම්ල කාන්දුවීම සොයාගෙන තිබූ අතර එම කන්ටේනරය බැහැර කරන ලෙස නෞකාව කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන් පසු නෞකාව එම ඉල්ලීම ගුජරාටියේ හසිරා වරායෙන් ද කරන ලද නමුත් එහි දී ද ප්‍රතික්ෂේප විය.

මෙම වරායන් විසින් කන්ටේනරය ඉවත්කළේ නම් මුහුදේ දී සිදුවූ මේ මහා විනාශය නවත්වාගැනීමට හැකියාව තිබිණි.

ඔවුන් මෙය ප්‍රතික්ෂේප කළේ ඇයි ? මෙම තත්වය තුළ ඔවුන්ගේ යුතුකම ඉටුකළා ද ?

කටාර්හි හමාඩ් වරාය

ගින්න ඇතිවීමට හේතු සෙවීමේ ක්‍රියාවලියේ දී කාර්ය මණ්ඩලයේ ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය ‍යොමුකරනු ඇත. එහෙත් නිල විමර්ශනයේ දී ඔවුන්ගේ ක්‍රියාවන් විමර්ශනය කරනු ඇතැයි සිතිය නොහැක. කෙසේ වෙතත් මෙම සිදුවීම සමඟින් නැව් මෙහෙයුම්වල දැවැන්ත ගැටලු සහගත තත්වයක් අනාවරණය වී ඇත. 

වරාය දෙකම කියා ඇත්තේ කාන්දුවන බහාලුම බැහැර කිරීමට මිනිස්බල හා උපකරණ තමන් සතුව නොමැති බවයි. ඔවුන්ගේ වෙබ් අඩවිවලට අනුව නයිට්‍රික් අම්ල කාන්දුවක් සමඟ කටයුතුකිරීමට හැකියාවක් නැති මෑතක දී ගොඩනගන ලද, නවීනතම සහ හොඳින් සකසා ඇති පහසුකම් ගැන සිතීම නම් දුෂ්කරය.

මෙලෙස අන්තරායකර තත්වයකට පත්ව ඇති බව හදිසියේම දැනුම් දුන් අවස්ථාවක දී එවැනි හදිසි තත්වයකට සැළසුමක් හෝ සූදානමක් නොමැතිවීම හේතුවෙන් එම වරායන් දෙක ම නැව පිළිගැනීමට අකමැති විය හැකිය. උපද්‍රව සහ පාරිසරික ප්‍රතිපත්ති අනුගමනය කිරීම එක දෙයකි. නමුත් ඒවා ඇත්ත වශයෙන් ම ක්‍රියාත්මක කිරීම තවත් දෙයකි. කෙසේ වෙතත් මෙවැනි ගැටලුවලට මුහුණ දීම සඳහා අවශ්‍ය උපකරණ පවත්වාගෙන යාම වරායකට අත්‍යාවශ්‍ය දෙයකි.

නැවේ සිට මුහුදු වෙරළට ආ ප්ලාස්ටික් බෝලවලින් මුහුදු වෙරළ දූෂණය වී ඇත

වරාය මගින් සපයන සේවා ද නැව් සමාගම් මෙන් ම තරඟකාරී ස්වභාවයක් ගනී. වරායවල අරමුණ වන්නේ පර්යන්ත හරහා බහාලුම් මෙහෙයවී‍ම උපරිම ධාරිතාවකින් සිදුකිරීමයි. මෙමඟින් බහාලුම්වල අන්තර්ගතය පිළිබඳ භෞතික විමර්ශනයක් කළ නොහැකි අතර විශේෂ ප්‍රමාදයක් ද දැරීමට හැකියාවක් නැත.

එසේ වුවද, කාර්යක්ෂමතාව සහ ලාභදායිතාවය යන්නෙන් අදහස් කරන්නේ ගුණාත්මක සේවාවන් කළ යුතු බවයි. මෙම ගැටලුව විසඳීම සඳහා ක්‍රම තුනක් තිබේ:

  • ඒවා හැසිරවීම සහ ගබඩා කිරීම පාලනය කරන ජාත්‍යන්තර සමුද්‍රීය භයානක භාණ්ඩ රෙගුලාසි දැඩි ලෙස බලාත්මක කිරීම
  • මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරන සැපයුම් දාම සේවකයින් සඳහා වඩා හොඳ පුහුණුවක් ලබාදීම
  • භාණ්ඩ ප්‍රවාහනය කරන රාජ්‍යයන් සහ නැව් සමාගම් විසින් නිකුත් කරන ලද දැඩි සම්බාධක.

කාර්ය මණ්ඩලය ඉවත්කළ හැකිද ?

X-Press Pearl නෞකාව ගිනිගනිමින් තිබිය දී එහි කාරය මණ්ඩලයට නැවෙන් ඉවත්කර කොළම ආරක්ෂිත නවාතැන්වලට ගෙන යන ලදී. හානියට පත්වන නැව් සම්ප්‍රදායිකව “වරායේ නිදහස” භුක්ති විඳින්නේ එහි කර්ය මණ්ඩලයේ ජීවිත අහිමි වී තිබේ නම් පමණි.

පරිසරයට හෝ සාමාන්‍ය ජනතාව‍ේග ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වන්නේ නම් නැවක් වරායට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළ හැකිය. ඒවායින් එල්ලවන තර්ජනයේ අවිනිශ්චිත ස්වභාවය සැළකිල්ලට ගෙන ඇතළුවීම ප්‍රතික්ෂේප කිරීමට හැකියාව ඇත.

නෞකාව ගිලී යාමට පෙර සති දෙකක් ගිනිගනිමින් විනාශ විය

2003 වර්ෂයේ දී, මෙවැනි සිදුවීම් කිහිපයකින් පසු ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් විපතට පත්වූ යාත්‍රා සඳහා “රැකවරණ ස්ථාන” නිර්මාණය කරමින් යෝජනා සම්මත කර තිබේ.

මේවා ආකර්ෂිත සමුද්‍ර කලාප වන අතර නැවක සිදුවන බරපතල විනාශයකට මුහුණ දී ම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහිත වරායන් ද නොවේ. එබැවින් එබැවින් එවැනි ස්ථානවල දී ගින්නෙන් සිදුවන හානියට පිළියම් යෙදිය හැකි අතර එය පරිසර දූෂණයෙන් සිදුවන අවදානම වළක්වන්නේ නැත.

එවැනි ස්ථාන යම් යම් කාරණා උපකල්පන මත පදනම්ව ඇති අතර ජාත්‍යන්තර බැඳීම් ද රහිතය. සංවර්ධිත සමුද්‍රීය කලාපවල දී එවැනි ප්‍රදේශ කේන්ද්‍රගත වී ඇති අතර නීති විරෝධී හානිකර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රමිතියෙන් තොර නැව් මගින් සිදුකරන වෙළෙඳාම් මෙම කලාප හරහා සිදුවෙයි.

අමතර කියවීම් සඳහා – භාණ්ඩ නැවක් සම්පූර්ණයෙන් ම ගිලී යන අභිරහස

නැවක් මුහුදේ ගිනි ගැනීම පිළිබඳ තවත් අපූරු කතාවක් පමණක් බවට මේ සිද්ධිය පත්වීමට ඉඩ නොදිය යුතුය. එය ජාත්‍යන්තර මුහුදු ගමන්වල වෙනසකට හේතුවිය යුතු අතර භාණ්ඩ ප්‍රවාහනයේ දී තැති ගැන්වෙන ආකාරයෙන් සිදුවන අනතුරු සම්න්ධයේන ආදර්ශයට ගත හැකි සිද්ධියක් බවට පත්කළ යුතුය.

මිෂා කෙචෙල් විසින් ලියන ලද ලිපියක සිංහල පර්වර්ථනයකි.

මුල් ලිපිය පහතින්

https://theconversation.com/could-sri-lankas-ship-fire-have-been-avoided-heres-what-we-can-learn-from-the-shocking-environmental-disaster-162770?utm_source=twitter&utm_medium=bylinetwitterbutton

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!