spot_img
spot_imgspot_img

එන්නත් ගෙන්වීමට විරෝධය දක්වා විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ ඉවත් වෙති

පුවත්

විදෙස්

කොරෝනා මර්ධන එන්නත් අතරින් අඩුම සාර්ථකත්වයක් ඇති සයිනෝවැක් නමැති චීන එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්විමේ උත්සාහයට විරෝධය දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇගයීමේ විශේෂඥ වෛද්‍ය කමිටුවේ සාමාජිකයන් තිදෙනකු ඊයේ (17) ඉවත්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම එන්නත් මාත්‍රා මිලියන 02ක් පමණක් හදිසි භාවිතයට ගෙන්වීම සඳහා තිබූ එකඟතාව කඩ කරමින් මිලියන 13ක් ගෙන්වීමට උත්සාහ කිරීමට ඔවුන් දැඩි විරෝධතාව ප්‍රකාශ කර ඇත.

මෙලෙස ඉවත්ව ඇත්තේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පිළිබඳ විශේෂඥ ප්‍රතිශක්තිවේදී වෛද්‍ය රජීව් පීරිස්, ‍විශේෂඥ වයිරසවේදී කාන්ති නානායක්කාර සහ ඖෂධවේදය සම්බන්ධ මහාචාර්ය චන්න රණසිංහ යන තිදෙනාය.

ඔවුන් පවසන්නේ මෙම එන්නත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති බවයි. එමෙන් ම ඉන්දුනීසියාව, මැලේසියාව සහ තායිලන්තය වැනි රටවල සයිනොවැක්ස් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් පවා කොරෝනා හේතුවෙන් මරණයට පත්වීම මත තුන්වැනි සයිනොවැක් මාත්‍රාවක් ද ලබාදීමට සිදුවීම ගැටලුවක් බව ද ඔවුන් පෙන්වා දී තිබේ.

දැනට සාර්ථකව භාවිතයේ ඇති එන්නත් අවශ්‍ය තරම් ප්‍රමාණක් ලැබී තිබිය දී සයිනොවැක්ස් එන්නතේ මාත්‍රා මිලියන 02ක් පමණක් ගෙන්වීමට අවසර දී තිබිණි.

එසේ වුව ද දේශපාලකයකු සහ නිලධාරීන් දෙදෙනකුගේ බලපෑම් මත ඊයේ (17) පැවති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්විමේ දී සයින‍ොවැක් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අනුමැතිය දී ඇත. මේ අනුමැතිය ලබාදීමට කමිටුවේ සාමාජිකයන්ගේ විරෝධය ද එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!