spot_img

“Online අධ්‍යාපනය නිසා දරුවන් නොමග යයි ද ?” – මනෝ විද්‍යාත්මක විග්‍රහයක් (වීඩියෝ)

පුවත්

විදෙස්

Online අධ්‍යාපනය හේතුවෙන් පරිගණක හා දුරකථන පාසල් දරුවන්ට වැඩිවේලාවක් භාවිතා කිරීමට ලැබීම හේතුවෙන් ඔවුන් ඒ සඳහා ඇබ්බැහිවීම අඳුරු අනාගතයකට හේතුවිය හැකියැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

මේ හේතුවෙන් පරිගණක හා ජංගම දුරකථනවලට ඇබ්බැහිවන දරුවන් අන්තර්ජාලය ද අසීමිතව භාවිතා කිරීම දක්නට ලැබෙන බවත් වෛද්‍යවරයා කීවේය.

“මේ තත්ත්වය අපි හැමෝම තේරුම්ගත යුතුයි. දරුවන්ට ඇති එකම අධ්‍යාපන අවස්ථාව වෙලා තියෙන්නේ Online අධ්‍යාපනය. ඒ නිසා අපිට ඊට විරුද්ධ වෙන්න බැහැ. නමුත් දරුවන් මේ උපකරණ අසීමිතව භාවිතා කරනවා. අධ්‍යාපනය සිදුවන කාලයෙන් පරිභාහිරවත් මේවා පාවිච්චි කිරීම දක්නට ලැබෙනවා. ඇතැම් දෙමාපියන් මේ උපකරණ සහ අන්තර්ජාලය ගැන අවබෝධයක් නැතිව කටයුතු කිරීම නිසා දරුවන්ට අසාමාන්‍ය අවස්ථාවක් ද ලැබෙනවා. මෙහි හානිකර තත්ත්වය තමයි දරුවන් පරිගණක ක්‍රීඩා වැනි දේට අනවශ්‍ය ලෙස ඇබ්බැහිවීම. මෙය හානිකර තත්ත්වයක්. එය පාලනය කළ යුතුයි. මේ විදියට ඇබ්බැහිවන දරුවන් මනෝ වෛද්‍ය සායන වෙත යොමුකරනවා නම් ඒ සඳහා පිළියම් ලබාගත හැකියි.” යැයි ද විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles