spot_img
spot_imgspot_img

තිස්සමහාරාම වැවේ චීන-ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යළි අවසර දෙයි

පුවත්

විදෙස්

 තිස්සමහාරාම වැවේ රොන් මඩ සහ වැලි ඉවතිකරීමේ ව්‍යාපෘතිය සඳහා අවසර ලබාදුන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසයි.

චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව බැවින් එය මුලින්ම තහනම් කළ බවත් ඉන් පසු තමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු එය නිරීක්ෂණය කර එම ව්‍යාපෘතිය සිදුකිරීමට අවසර ලබාදුන් බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය.

“අපි මේ ස්ථානය නිරීක්ෂණය කළා. කාලයක් තිස්සේ වැවේ රෝනමඩ පිරීම නිසා නිසි ජල ධාරිතාව නැතිවෙලා තියෙනවා. වගා කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය නැහැ. ඒ නිසා රොන්මඩ ඉවත්කිරීම අවශ්‍යයි. මෙවැනි ව්‍යාපෘති කරන විට පුරාවිද්‍යා අනුමැතිය ලබාගත යුතුයි. එවැනි අවසරයක් නොගත් නිසා අපි ඉක්මණින් ව්‍යාපෘතිය නවත්වන්න නියෝග කරලා එම ස්ථානය පරීක්ෂාකර බැලීමෙන් අනතුරුව අවසර දුන්නා. ඔවුන් භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර සහ ක්‍රමවේද පවා අපි පරීක්ෂා කළා. මෙහි තිබී පුරාවස්තු හමුවුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අපේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට අවසර ලබාදුන්නා.”

යනුවෙන් ද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ වනවිට වාචික අවසරයක් ලබා දී ඇති අතර අඟහරුවාදා පමණ වනවිට ලිඛිතව ඒ සඳහා අවසර ලබාදෙන බව ද මහචාර්යවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!