spot_img

බාලවයස්කාර දැරිය අපයෝජන චෝදනා එල්ල වූ නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

පුවත්

විදෙස්

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා මුදල් ගෙවා ලිංගික සේවාවන් සඳහා ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට කටයුතු කර තිබේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නියෝගයට අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇතැයි නාවික හමුදාව පවසයි.

එම හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා විසින් රුපියල් 20,000.00ක මුදලක් ගෙවා දැරිය මිල දී ගෙන ඇතැයි ද දැරියගේ දුරකථනයක වෛද්‍යවරයාගේ දුරකථන අංකය ඇති බවත් ඇයට වෛද්‍යවරයා හඳුනාගත හැකි යැයි ප්‍රකාශ කළ බවත් පොලිසියට ඊයේ (06) අධිකරණයට දන්වා තිබිණි.

වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා විසින් දැරිය මිල දී ගෙන ඇතත් ඇය බාලවයස්කාරියක බව දැනගත් වහාම එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles