spot_img
spot_imgspot_img

හෙට දිනයේ වෙනසක් ගැන කොටස් වෙළෙඳ පොළ ආයෝජකයෝ විමසිල්ලෙන්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 17.1 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7,809ක් බවට පත්විය. දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 1.4ක් විය.

වැඩි වශයෙන් ගනු දෙනු වූ කොටස් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 271යි, LOLC සමාගම රුපියල් මිලයන 182යි, වින්ෆෝර්ස් සමාගම රුපියල් මිලියන 62ක් වශයෙන් කැපී පෙණිනි.

විදෙස්ගත ආයෝජකයන් විසින් අද දිනයේ රුපියල් මිලයන 367ක කොටස් විකුණා ඇති අතර මිලදී ගත් කොටස්වල වටිනාකම රුපියල් මිලියන 31කි. ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලියන 336ක් ආයෝජන ඉවත්කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් වැඩිපුර මිල දී ගත් කොටස් අතර LVL අරමුදල රුපියල් මිලියන 5.3යි, සන්ෂයින් හෝල්ඩින්ස් රුපියල් මිලියන 0.8යි. ඇක්සස් ඉන්ජිනියරින් රුපියල් මිලියන 0.6ක් ලෙස මූලික විය.

විදේශ ආයෝජකයන් කොටස් විකුණා දැමූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 243ක්, ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම රුපිියල් මිලියන 35ක්, පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 32ක් ලෙස මූලික විය.

හෙට දිනයේ නව ආර්ථික සංවර්ධන හා මුදල් අමාත්‍යවරයකු පත්විය හැකි බැවින් රජයේ මූල්‍ය ප්‍රතිපත්ති ආයෝජකයන්ට සහ නිෂ්පාදකයන්ට වාසිදායක ලෙස වෙනස් කරනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!