spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු උදාසීනයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ අද (06) දිනයේ සමස්ත මිල දර්ශකය කොටස් 02කින් පහළ ගිය අතර දිනය අවසානයේ 7792ක් බවට පත්විය.

දිනයේ සම්පූර්ණ ගනුදෙනුවල පිරිවැටුම රුපියල් බිලියන 1.4කි. වැඩි වශයෙන් ගනුදෙනු වූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 345යි, කාගීල්ස් ලංකා සමාගම රුපියල් මිලියන 124යි, LOLC සමාගම රුපියල් මිලයන 64ක් ලෙස ප්‍රමුඛ විය.

අද දිනයේ විදේශ ආයෝජකයන්ගේ විකිණීම් කැපී පෙණුනු අතර ඔවුන් රුපියල් මිලියන 235ක් වටිනා කොටස් විකුණා තිබූ අතර රුපියල් මිලියන 25ක කොටස් මිල දී ගෙන තිබේ. ඒ අනුව සමස්තයක් ලෙස විදේශ ආයෝජකයන් රුපියල් මිලින 211කට ආසන්න මුදලක් කොටස් වෙළඳ පොළින් ඉවත්කරවාගෙන තිබේ.

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 127යි, කාගීල්ස් ලංකා සමාගම රුපියල් මිලයන 95යි, යුනියන් බැංකුව රුපියල් මිලියන 03ක් ලෙස මූලික විය.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් ඩිප් ප්‍රොඩක්ට් රුපියල් මිලියන 12.5ක්, ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 2.8ක්, සිංගර් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1.5ක් වශයෙන් ප්‍රධාන විය.

මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු උදාසීන තත්ත්වයක පවතින අතර නව ආර්ථික සංවර්ධන හා මුදල් ඇමතිවරයකු පත්වීම සම්බන්ධයෙන් සහ ආර්ථික ක්ෂේත්‍රයේ නිෂ්පාදන සහ අපනයන සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්විය හැකි බවට බොහෝ ආයෝජකයන් විශ්වසාය තබා තිබේ. ඛනිජ තෙල් මිල සම්බන්ධව සාධනීය වෙනසක් සිදුවුවහොත් එම වෙනස්වීම කොටස් වෙළෙඳ පොළ සමාගම්වල වැඩි ලාභ ලබාගැනීමට ධනාත්මක බලපෑමක් විය හැකි බවට ආයෝජකයෝ විශ්වාසය පළකරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!