ගාල්ලට කිලෝ මීටර 766ක් දුරින් වූ දකුණු ඉන්දිය සාගරයේ රිච්ටර් මාපක 5.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි ගාල්ල කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන facebook පිටුවක ප්‍රචාරය කිරීමෙන් මුහුද ආසන්නව ජීවත්වන විශාල පිරිසක් කලබලයට පත්ව තිබේ.
මේ භූමිකම්පාව පිළිබඳ ශ්‍රී ලාංකීය ජනතාව භිය විය යුතු නොවන බවත් එය හුදෙක් තම facebook පිටුවක් වෙනුවෙන් ලාභ ජනප්‍රියත්වයක් සොයන පුද්ගලයන්ගේ ක්‍රියාවක් බවත් අපි වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු.
මෙම භූමිකම්පාව සත්‍යයක් වුව ද මුහුදේ සිදුවන රිච්ටර් මාපක 5.2ක භූමිකම්පාවක් යනු කිසිසේත්ම හානියක් සිදුවන භූමිකම්පාවක් නොවේ. එබැවින් භූ විද්‍යාඥයන් එවැනි භූමිකම්පා ප්‍රබල භූමිකම්පා ලෙස සළකන්නේ නැත. සුනාමියක් ඇතිවීමට නම් මුහුදු පත්ලේ සිට අවම ගැඹුරකින් රිච්ටර් මාපක 7.9කට වඩා වැඩි භූමිකම්පාවක් සිරස් අතට සිදුවිය යුතුය.
එවැනි සිරස් අතට සිදුවන භූමිකම්පාවක් සිදුවන්නේ ඉතාමත්ම කලාතුරකිනි. වැඩිම භූමිකම්පා ප්‍රමාණයක් සිදුවන්නේ තිරස් අතටය. එබැවින් මුහුදේ සිදුවන භූමිකම්පාවක් රිච්ටර් මාපක 7.9 ඉක්මවා ගිය ද එමගින් සුනාමි තත්ත්වයක් ඇතිවීමට තිබෙන අවස්ථාවව ඉතාමත් අවමය.
මෙය ප්‍රභල භූමිකම්පාවක් යැයි සඳහන් කිරීම ජනතාව හිතා මතාම නොමග යැවීමකි.
එම පිටුවේ මේ භූමිකම්පාව සටහන් කර තිබුණේ දිනය පවා වැරදි විදියට සටහන් කරමිනි. මේ ගැන කීමට තිබූ කලබලය එයින්ම පෙනේ. පසුව ඔහු එම පෝස්ටුවේ ම එක් තැනක දිනය නිවැරදි කර ඇතත් අවම වශයෙන් මේ භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කීමට උත්සාහ ගෙන නැත.
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළතීරයේ සිටින ජනතාවට අනවශ්‍ය භියක් ඇතිකරන ආකාරයෙන් මෙවැනි පෝස්ටුවක් පළකිරිමෙන් පැයකට පසු එම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසන බව වෙනත් පෝස්ටුවකින් සඳහන් කර ඇත.
පළමු පෝස්ටුව දකින සෑම කෙනෙකුම පැයකට පසු දැමූ මේ පෝස්ටුව දකින්නේ නැත. එම දෙවැනි පෝස්ටුවේ සඳහන් කර ඇත්තේ ද දකුණු පළාතට ආසන්න දකුණු ඉන්දීය සාගරයේ යනුවෙනි. මේ භූමිකම්පාව සිදුවූ ස්ථානයේ සිට ගාල්ලට ඇති දුර කිලෝ මීටර 766කි එම facebook පෝස්ටුවට අනුව එය දකුණු පළාත්ට සමීපනම් ඊට වඩා අඩු දුරකින් පිහිටි ඉන්දියාව ද දකුණු පළාතට සමීපයැයි මේ පිටුවේ යම් දිනයක සඳහන් කර තිබුණෙහොත් පුදුම විය යුතු නැත.
භූ විද්‍යාත්මක දත්තයන්ට අනුව මෙය මුහුදේ ඇති වූ හුදකලා භූමිකම්පාවකි. මේ ආසන්නයෙන් හෝ භූ තැටි මායිම් පිහිටා නැත. භූ තැටි මායිමක භූමිකම්පාවක් සිදුවුවහොත් එම කම්පනය යළි යථාවත් වනතුරු එක දිගට රිච්ටර් මාපකයේ ඉහළ අගයක් දක්වා වූ භූමිකම්පා මාලාවක් සිදුවී අනතුරුව එම කම්පනය අඩුවී යාමට ක්‍රමමයෙන් රිච්ටර් මාපකය අඩු අගයක් ගන්නා භූමිකම්පා සිදුවෙයි.
මෙම ස්ථානය ආසන්නයෙන් හෝ එවැනි භූ තැටි මායිම් නොමැති බැවින් ඉදිරි දිනක හෝ වෙනත් භූමිකම්පා මෑතකාලීනව මෙම ස්ථානය ආසන්නයෙන් සිදුවීමට ඉඩක් නොමැති බව rata.lk පාඨක ඔබට වගකීමකින් යුතුව සඳහන් කරමි.
අප ඉල්ලා සිටින්නේ විද්‍යාත්මක කරුණු නොදැන මාධ්‍යවේදීන්ගේ කාර්යයන් ඉටුකරන්නට යන facebook Page වලින් කරනු ලබන අනවශ්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි.
