spot_img
spot_imgspot_img

“හමුදාව කැලේ අලි පැහැරගත්තා” – වනජීවී. “අපේ කීර්ති නාමය වනසනවා”- හමුදාව

පුවත්

විදෙස්

මින්නේරිය ජාති වනෝධ්‍යානයේ අලි පැටවකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකිරීමෙන් පසු එම සිද්ධියට අදාල යැයි චෝදනා එල්ල වී ඇති මේජර් ජරනාල්වරයකුට සඳුදා (28) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර තිබේ.

එමෙන් ම මේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර කරුණු එදින (28) ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් විමසූවිට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියා සිටියේ අනුරාධපුර 21 වැනි බලසේනා මූලස්ථානයේ ප්‍රධානී මේජර් ජනරාල් මොහාන් රත්නායක හබරණ දෙස සිට අනුරාධපුරය දෙසට යමින් සිටිය දී වනජීවී වාහන දෙකක් පසුපසින් පැමිණ ඇති බවයි. මේජර් ජනරාල්වරයාගේ රථය හමුදා කඳවුරට ඇතුළු කිරීමෙන් පසු එම වාහනයේ අලි පැටවකු සිටින බව කඳවුරු ගේට්ටුවේ සිටි සෙබළුන්ට වනජීවී නිලධාරීන් විසින් පවසා ඉවත්ව ගොස් ඇති බවටත් මෙවැනි අසත්‍ය චෝදනාවක් නැගීමෙන් තම කීර්තිනාමයට ඔවුන් හානිකරන බවටත් මේජර් ජනරාල්වරයා හබරණ පොලිසියට පැමිණිලි කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

වනජීවී නිලධාරීන් පවසන්නේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නීතිවිරෝධී ලෙස අලි පැටවකු ඇල්ලීම සිදුවන බවට ලැබුණු තොරතුරක් මත වැටලීමක් කළ බවයි. මාර්ග බාධක යොදා සියලු වාහන පරීක්ෂාකරමින් සිටිය දී වනෝද්‍යානයෙන් පිටතට පැමිණි වාහන දෙකක් නතර කිරීමේ විධාන නොතකා ධාවනය කළ බවත් ඒවා යුද හමුදා වාහන වුව ද ඒ පසු පස ගිය බව වනජීවී නිලධාරීන් පවසයි. මේ වාහන දෙක අනුරාධපුරයේ යුද හමුදාවේ 21 වැනි බල සේනා මූලස්ථානයට ගිය බවත් ඔවුහු කියති.

වනජීවී නිලධාරීන් ආපසු පැමිණෙමින් සිටිය දී ඔවුන් පසු පස යුද හමුදා වාහන කිහිපයක් පැමිණි බවත් පසුව හබරණ ප්‍රදේශයේ දී වචන හුවමාරුවක් ද සිදුවී යුද හමුදාවේ නිලධාරියෙක් වනජීවී නිලධාරියකුට පහර දී තර්ජනය කර ඇති බවත් පොලිසිය පැමිණ සිද්ධිය සමථයකට පත්කිරීමට උත්සාහ දරා ඇති බවත් තතුදත් ආරංචිමාර්ග පවසයි.

වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය පැමිණිලි කළ බවයි.

හබරණ පොලිසියෙන් ඒ පිළිබඳ විමසූ විට කියා සිටියේ වනජීවී නිලධාරීන් සහ යුද හමුදාව යන දෙපාර්ශවයෙන් ම පැමිණිලි දෙකක් ලැබී ඇති බවයි.

මෙම සිද්ධිය අතරතුර කිසිම පුද්ගලයකුට හමුදා පාර්ශවයෙන් පහරදීමක් සිදුකර නැතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේ ජලගැලුම් නිම්නයට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධ සිද්ධියේ දී විමලවීර දිසානායක අමාත්‍යවරයාට දිගින් දිගටම කරුණු දැක්වූ නිලධාරියා බවයි. ඔහු සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් පවත්වා ඔහු මින්නේරිය ජාතික ‍වනෝද්‍යානයට මාරුකර යවා තිබිණි.

මේ සිද්ධිය තමන්ට වාර්තා වූ බවත්, ඒ පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂවරයා‍ මගින් විමර්ශනයක් සිදුකරන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට පෙර අලි පැටවුන් ඇල්ලිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ පවරා ඇති නඩුවක චූදිතයකු වූ පුද්ගලයකු මින්නේරිය ජාතික වනෝද්‍යානය අසළ ස්ථානයක රැඳී සිටින බවත් වැටලීමට ගිය නිලධාරීන්ට තොරතුරු වාර්තා වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!