spot_img
spot_imgspot_img

අනතුරට ලක්වූ කොරෝනා රෝගියෙකුට පැය ගණනක මුඛ සැත්කමක් කරයි

පුවත්

විදෙස්

පා පැදියකින් වැටී මුහුණට බරපතල ලෙස තුවාල සිදුවී හුස්ම ගැනීමට පවා නොහැකිව දැඩි අවදානමකට මුහුණ දී සිටි‍ කොරෝනා ආසාදිත පුද්ගයකුට සාර්ථක මුඛ සැත්කමක් කිරීමට කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරු පිරිසක් සමත්ව සිටිති.

කළුතර පදිංචි 40 හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයා පසුගිය ජුනි 15 වැනි දා පාපැදියකින් යමින් සිටිය දී එහි ඉදිරිපස රෝදය කැඩී ඇදවැටීමෙන් මුහුණට බරපතල තුවලා සිදුව නාගොඩ රෝහලට ගෙනවිත් තිබිණි. රෝගියාට හදිසි ප්‍රතිකාර එම මොහොතේම සිදුකළ අතර ඔහු කොරෝනා ආසාදිතයකු පසු දින තහවුරු කර ගැණිනි.

ඒ වනවිට ‍ඔහුගේ මුහුණේ අස්ථි ගණනාවක්ම බිඳී ගොස් තිබූ අතර උඩු හනුව සහ යටි හනුව ද බිඳී යාම හේතුවෙන් ආහාර ගිලීම සහ හුස්ම ගැනීම පවා අපහසු වී තිබිණි. රෝගියාගේ අධික ලේ වහනයක් සිදුව තිබූ අතර නාසයෙන් සහ මුඛයෙන්  ද ලේ පිටවී තිබූ බව වෛද්‍යවරු කියති. මුහුණ සම්පූර්ණයේන ම විකෘති තත්ත්වයකට පත්ව තිබූ රෝගියාගේ මොළයට යම් හානියක් සිදුව ඇත්දැයි දැනගැනීම සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවිණි.

පසුව එහි දී සිදුකරන ලද ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වූයේ රෝගියාගේ මොළයට හානි සිදුව නැති බවයි. ඒ අනුනව ඔහු යළි නාගොඩ රෝහලට මාරුකර එවා තිබිණි.

අභියෝගය වූයේ රෝගියා තවදුරටත් ජීවත් කරවීමටනම් ඔහුගේ මුහුණේ අස්ථි යලි සැකසීමට අවශ්‍යවීමයි. කොරෝනා අවදානම හේතුවෙන් දන්ත සායනික කටයුතු පවා නවතා තිබෙන පසුබිමක කොරෝනා ආසාදිත පුද්ගලයකුට මෙවැනි සැත්කමක් සිදුකිරීම බරපතල අභියෝගයක් විය.

මේ අභියෝගය භාරගත් නාගොඩ රෝහලේ විශේෂඥ මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය සුරේෂ් ෂන්මුගනාදන් තම වෛද්‍යවරු කණ්ඩායම සමඟ එක්ව පසුගිය ඉරිදා (20) රෝගියාට සැත්කමක සිදුකර තිබේ.

කොරෝනා ආසාදිත මෙම රෝගියාගේ මුහුණේ කැඩී ගොස් තිබූ අස්ථි සියල්ල යළිි සකසමින් කරනු ලැබූ සැත්කම සඳහා පැය 05කට ආසන්න කාලයක් ගත වී තිබේ.

වෛද්‍යවරු පවසන්නේ පැය 05කට ආසන්න කාලයක් කොරෝනා රෝගියකු මුඛ සැත්කමකට ලක්කිරීම අතිශය අවදානම් කාර්යයක් බවයි. ආරක්ෂිත ඇඳුම් (PPE Kit) ඇඟලාගෙන මෙවැනි සැත්කමක් සිදුකිරීම ඉතා අසීරු කාර්යයකි.

සැත්කම සාර්ථක වී ඇත. රෝගියා සුවය ලබමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටියි.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!