spot_img
spot_imgspot_img

කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශිකයෝ ආකර්ශනය වෙති

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 17ක් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7667ක් ලෙස සටහන්ව තිබිණි.

2021 වර්ෂයේ ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල් අතරින් වැඩිම වර්ධනයක් සහිත දෙවන ස්ථානය හිමිකරගෙන සිටින කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 04ක් බවට පත්විය.

එහි දී වැඩිම දායකත්වයක් ලබාදුන් සමාගම් අතර වින්ඩ්ෆෝස් සමාගම රුපියල් බිලියන 1.9ක්, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 668ක්, LOLC සමාගම රුපියල් මිලියන 130ක් විය.

ඉතා සක්‍රීයව ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම, රෝයල් සෙරමික් සමාගම, සහ ඩික්ප්ඩ් ප්‍රඩක්ට් සමාගම මූලික විය.

මෙතෙක් කොළඹ කොටස් වෙළඳ පොළට විශාල ගැටලුවක් ව පැවැති විදේශ ආයෝජකයන් කොටස් විකිණීම අද දිනයේ වෙනස් වූ අතර විදේශ ආයෝජකයන් විසින් අද දිනයේ පමණක් රුපියල් මිලියන 685ක කොටස් මිල දී ගන්නා ලදී. එයින් රුපියල් මිලියන 615ක් ම වැය කර තිබුණේ වින්ඩ්ෆෝස් සමාගමේ කොටස් මිල දී ගැනීම වෙනුවෙනි. අද දිනයේ විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 52ක කොටස් විකිණූ අතර ඒ අනුව සියළු ගනුදෙනු අවසානයේ ශුද්ධ වශයෙන් විදේශ ආයෝජකයන් සතු රුපියල් මිලියන 633ක මුදලක් ආකර්ශනය කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳ පොළ සමත්ව තිබිණි.

මෙය සුවිශේෂී තත්ත්වයක් වන අතර විදේශ විනිමය ශ්‍රී ලංකාව වෙත ළඟාකරවා ගැනීමට ප්‍රධාන වශයෙන් දායකවන කාරණයක් ද වෙයි.

දිනයේ විදේශ ආයෝජකයන් මිල දී ගත් කොටස් අතර වින්ඩ්‍ෆෝස් සමාගමට අමතරව එක්ස්පෝ ලංකා මිලියන 21ක්, ජෝන් කීල්ස් සමාගම මිලියන 5.5ක් ලෙස දැකිය හැකි අතර වියරහා සමාගමේ රුපියල් මිලියන 4.5ක කොටස්, බ්‍රකිට්දාරා සමාගමේ රුපිපයල් මිලියන 4ක කොටස් සහ රෝයල් සෙරමික් සමාගමේ රුපියල් මිලියන 3.2ක කොටස් විදේශීය ආයෝජකයන් විසින් විකුණන ලදී.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!