spot_img
spot_imgspot_img

GMOA දොස්තරලා මාධ්‍ය මර්ධනයට බොරු පැමිණිලි කරලා.

පුවත්

විදෙස්

කොරෝනා රාජකාරී පැවරීමේ ලේඛනයක් rata.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරමින් දණ්ඩනීති සංග්‍රහය සහ නිරෝධායන පනත අනුව අප දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බව සඳහන් කරමින් ව්‍යාජ පැමිණිල්ලක් යොදා මාධ්‍ය මර්ධනයකට තැත්කළ වෛද්‍යවරු 11 දෙනකුගේ පැමිණිලි පිළිගත නොගන්නා බව සඳහන් කරමින් ගාල්ල මූලස්ථාන පොලිසියට ‍විශේෂ ප්‍රකාශයක් ලබාදීමට අපි කටයුතු කළෙමු.

‍අප වෙබ් අඩවියට එරෙහිව වෛද්‍යවරු 11 දෙනකු විසින් පැමිණිලි 11ක් සටහන් කර ඇති බව දන්වා ගාල්ල මූලස්ථාන පොලිසියෙන් කරන ලද කැඳවීමකට අනුව අද අපි එහි ගොස් එම ප්‍රකාශය ලබාදීමට කටයුතු කරන ලදී.

පැමිණිල්ල

එමෙන්ම වෛද්‍යවරු 11 දෙනා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ කොරෝනා මර්ධනය සම්බන්ධව ඔවුන්ට රාජකාරී පැවරීමේ ලේඛනයක් අප විසින් ප්‍රසිද්ධියට පත්කිරීම හේතුවෙන් ඔවුන් අධෛර්යයට පත්වී, එමගින් කොරෝනා මර්ධන කටයුතු අකර්මන්‍ය වන බව හැ‍‍ඟෙන කරුණකි. එබැවින් අප වෙබ් අඩවිය දණ්ඩ නීති සංග්‍රහයේ 263 වැනි වගන්තියත් නිරෝධායන පනතේ 04 වැනි වගන්තියත් උල්ලංඝනය කර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනක් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඔවුන් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරී මහතකු පැමිණිල්ල විස්තර කරමින් අප සමඟ පැවසීය.

තොරතුරු පනත අනුව අධෛර්යමත් වනවා ද ?

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතේ 36 වැනි වගන්තිය අනුව “කිසිවක් මගින්, නීතියට එකඟව යථා පරිදි ක්‍රියා කිරීමේ දී යම් තොරතුරු දරන්නන් විසින් තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන් හෝ තොරතුරු වෙත ප්‍රවේශය ලබා දීමෙන් හෝ යම් තැනැත්තකු විසින් තොරතුරු සෙවීමෙන් සහ තොරතුරු ලබාගැනීමෙන්, වැළැක්වීමක් හෝ අධෛර්යමත් කිරීමක් සිදුවන බව අදහස් නොවිය යුතුයි”

එසේ නම් පොදු අධිකාරියක් වූ කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ලේඛන අතර ඇති තොරතුරු පනත අනුව ලබාදිය හැකි ලේඛනයක් වන වෛද්‍යවරුන්ට රාජකාරී පැවරීම සම්බන්ධ ලේඛනය ලබාගැනීමන් හා එය ප්‍රසිද්ධ කිරීමෙන් වෛද්‍යවරු අධෛර්යමත් වන්නේ යන්න ව්‍යාජ කරුණකි.

දණ්ඩනීති සංග්‍රහය අනුව වරදක් කර තිබේ ද ?

දණ්ඩ නීති සංග්‍රහයේ 263 වැනි වගන්තියේ මෙසේ දැක්වෙයි. “ජීවිතයට අන්තරාදායක වූ යම් රෝගයක් පැතිරවිය හැකි වූ ද, එසේ පැතිර විය හැකි බව තමා දන්නා වූ හෝ එලෙස බව විශ්වාස කිරීමට කරුණු තිබෙන්නා වූ ද, යම් ක්‍රියාවක් ද්වේෂ සහගත ව කරන තැනැත්තකුට අවුරුදු දෙක දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක, බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින්හෝ එකී දඬුවම් දෙකින් ම දඬුවම් කළ යුතුය.”

ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 263 වැනි වගන්තිය අප විසින් උල්ලංඝනය කර ඇතැයි වෙද්‍යෙවරු 11 දෙනා සිය පැමිණිලිවල සටහන් කර ඇතත් එම වගන්තිය ප්‍රකාරව ජීවිතයට අන්තරාදායක වූ යම් රෝගයක් පැතිරවීමට අප ක්‍රියාකර නැත. එබැවින් වෛද්‍යවරුන් විසින් කරනු ලබන චෝදනාව සාවද්‍ය චෝදනාවකි.

නිරෝධායන පනත උල්ලංඝනය කර තිබේ ද ?

අප පළ කරන ලද ලිපිය මගින් නිරෝධානය පනතේ 04 වැනි වගන්තිය අනුව වරදක් කර ඇති බව ද පැමිණිලි කළ වෛද්‍යවරු 11 දෙනා ප්‍රකාශය කරයි. මෙම ලිපිය මගින් නිරෝධායන පනතේ 04 වැනි වගන්තිය උල්ලංඝනය වන්නේ කෙසේ ද යන්න ඔවුන් පැහැදිලි කර නැත. අප දන්නා පරිදි වෙබ් අඩවියක පළකරන ලද ලිපියක් මගින් නිරෝධායන පනතේ 04 වැනි වගන්තිය උල්ලංඝනය වීමට කිසිදු හේතුවක් නැත. ඒ අනුව ද මෙම වෛද්‍යවරු 11 දෙනා විසින් කර ඇති පැමිණිල්ල ව්‍යාජ පැමිණිල්ලක් වෙයි.

වෛද්‍යවරු 11 දෙනකු මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් කර ඇත්තේ ඇයි ?

rata.lk වෙබ් අඩවිය ආරම්භ කර ඉතාමත් කෙටි කාලයකින් විශාල පාඨක ආකර්ශනයක් හා විශ්වාසයක් දිනාගත් වෙබ් අඩවියක් වන අතර අපවිසින් වෛද්‍ය විද්‍යාත්මක හා සෞඛ්‍ය ආධ්‍යාපනික කරුණු විශාල වශයෙන් එහි පළ කරයි. එමෙන්ම රටේ පවතින වසංගත තත්ත්වය පිළිබඳ ඉතාමත් වැදගත් තොරතුරු සහ අනාවරණ රැසක් ද පළකර තිබේ. අප විසින් කරනු ලබන පළකිරීම්වල දී කිසිදු පක්ෂග්‍රාහීත්වයකින් තොරව ජනතාවට සත්‍ය හා වැදගත් කරුණු දැනගැනීමේ ප්‍රමුඛත්වය දීම සිදුකරයි.

පසුගිය දා මහත් ආන්දෝලනයට තුඩුදුන් කරාපිටියේ පිළිකා ඒකක‍යේ ශල්‍ය වෛද්‍යවරයකු වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිසන්ත පෙරේරා ගැබිණියක්ව සිටි වෛද්‍යවරියකට පහරදුන් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මතුකරන ලද කරුණේ සත්‍ය අසත්‍යතාව අනාවරණය කළෙමු.

ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා එක්ව ගාල්ලේ ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ හෙළන බව ද අනාවරණය කළෙමු.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද මාධ්‍ය ප්‍රකාශ අප විසින් පළකරන ලද අතරම එම සංවිධානය විසින් කරන ලද ඇතැම් ක්‍රියාවන්හි අහිතකර ප්‍රතිඵල අනාවරණය කිරීමට ද පසුබට නොවූවෙමු.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ද සාමාජිකත්වය දරණ හා නිලතල හොබවන ඇතැම් වෛද්‍යවරු විසින් කොරෝනා එන්නත් කරණයේ දී වංචා සහගත ක්‍රියාවන් සිදුකරන බව ද අනාවරණය කළෙමු. උණවටුනේ එන්නත් මගඩිය ලෙස දැනට ප්‍රසිද්ධියට පත්ව ඇති එන්නත් වංචාවක් පළමුවරට රටට අනාවරණය කරන ලද්දේ rata.lk වෙබ් අඩවිය මගිනි.

මෙම හෙළිදරව්කිරීම් හේතුවෙන් ඉත පැමිණිල්ල කරන ලද වෛද්‍යවරු 11 දෙනා තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් බව පැහැදිලිව සඳහන් කරමින් එකම ආකාරයේ සටහන් වෙන වෙනම පැමිණිලි පොතෙහි අලවා සංවිධානාත්මකව පැමිණිලි කර තිබෙන්නේ ජනතාවට සත්‍ය පවසමින් වෛද්‍යවරුන්ගේ ක්‍රියාවන්හි ගුණ දොස් හෙළිකරනු ලබන මාධ්‍යය මර්ධනය කිරීමේ අපේක්ෂාවෙනි.

එය මාධ්‍ය මර්ධනය කර මාධ්‍යයේ නිදහස අහිමි කිරීමේ සහ ජනතාවට සත්‍ය දැනගැනීමේ අයිතිය අහිමිකිරීමේ උත්සාහයකි.

අසත්‍ය පැමිණිල්ලක් කළ විට සිදුවන්නේ කුමක් ද ?

අප ඉහත දැක්වූ පරිදි වෛද්‍යවරු 11 දෙනකු විසින් කර ඇති පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලකි. එය හිතාමතා සහ සංවිධානාත්මකව මාධ්‍ය මර්ධනය සඳහා උත්සාහ කිරීමකි.

මේ සම්බන්ධයේන දණ්ඩනීති සංග්‍රහයේ 188 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි.

“ ඇත්ත කීමට දිවුරුමකින් හෝ සහතික ප්‍රකාශයකින් හෝ නීතියේ යම් කිසි විධිවිධානයකින් නීත්‍යානුකූලව බැඳුණු නැතහොත් යම් කරුණක් ගැන ප්‍රකාශයක් කිරීමට නීතියනේ බැඳුණු යමකු සත්‍ය වූ හා අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නා වූ හෝ සත්‍ය බව විශ්වාස නොකරන්නා වූ යම් ප්‍රකාශයක් කළහොත් ඔහු බොරු සාක්ෂි දුන් අයකු ලෙස සළකනු ලැබේ.”

ඒ අනුව අසත්‍ය පැමිණිලි කර මාධ්‍ය මර්ධනයටත්, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමිකිරීමටත් උත්සාහ ගත් වෛද්‍යවරු දණ්ඩනීති සංග්‍රහය අනුව වරදකරුවන් වෙයි.

මාධ්‍ය මර්ධනයට උත්සාහ ගිනිමින් අසත්‍ය පැමිණිලි කළ වෛද්‍යවරු මෙන්න

ජයවික්‍රම කංකානම්ගේ අසංක ප්‍රගීත් වාසනා ජයවික්‍රම

කොඩිකාරගේ කමල් ප්‍රියන්ත කොඩිකාර

නයිදූව හන්දි කේසර දුලාන් කුමාර

සෝලංග ආරච්චිගේ දොන් තුෂරු මධුෂාන් සෝලංග

රජගල්ගොඩ ගමගේ සුධීර ලක්ප්‍රිය

රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ උභය කුමාර බණ්ඩාර වරකාගොඩ

පොල්වත්ත ලියනගේ ලහිරු සසංක

දහනායක යාපා දිනේෂ් චතුරංග

විජේසූරිය එරාපති නාත් විජේසූරිය

කොස්වත්තගේ ජූඩ් හර්ෂාන් සාරංග පෙරේරා

අමරකෝන් මුදියන්සේලාගේ තරිඳු තරංග විජේරත්න

මේ සම්බන්ධයෙන් අපි ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් ඒ පිළිබඳ අපගේ පාඨකයන් නිරන්තර දැනුම්වත් කරන බවත් මෙයින් දන්වා සිටිමු.

(මෙම පළකිරීම හේතුවෙන් යම් අයකුට අගතියක් සිදුව ඇතැයි හැඟෙන්නේ නම් එලෙස අගතියට පත්වූ පුද්ගලයා විසින් ලබාදෙන ඕනෑම ප්‍රකාශයක් මෙම වෙබ් අඩවියේ මීට සමාන ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි සූදානම් බව ද දන්වා සිටිමු)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!