spot_img
spot_imgspot_img

LOLC මෙරට වටිනාම සමාගම බවට පත්වෙයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනු දෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 23ක් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය 7605ක් බවට පත්විය. දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් බිලියන 1.745කි.

කොළඹ කෙටස් වෙළෙඳ පොළ සමාගම් අතරින් කෙටි ඉතිහාසයක් හිමි LOLC සමාගම සියළු සමාගම් අතර වැඩිම වටිනාකමක් හිමි සමාගම බවට පත්වූ අතර එම සමාගමේ සමස්ත කොටස් වටිනාකම රුපියල බිලියන 192ක් ඉක්මවීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇති වසර සිය ගණන් පැරණි සියලු සමාගම් අභිබවා ඉෂාර නානායක්කාර මහතාට අයත් LOLC සමාගම වටිනාම සමාගම බවට පත්විය.

රුපියල් බිලියන 181ක කොටස් හිමි ලංකා දුම්කොළ සමාගම දෙවැනි ස්ථානයේ ද රුපියල් බිලියන 179ක කොටස් හිමි ජෝන් කීල්ස් සමාගම තෙවන ස්ථානයේ ද පසුවෙයි.

දිනයේ වැඩි වශයෙන් කොටස් හුවමාරු වූ සමාගම් ලෙස LOLC සමාගම රුපියල් මිලයන 510ක්, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 197ක්, මෙල්ස්ටාක්‍රොප් සමාගම රුපියල් මිලියන 137ක්, හේලීස් සමාගම රුපියල් මිලියන 110ක් ලෙස හැදින්විය හැකිය.

කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර LOLC Development සමාම AMS සමාගම සහ සීගිරි විලේජ් හෝටල් සමාගම හැඳින්විය හැකිය.

විදේශ ආයෝජකයන්ගේ කොටස් මිල දී ගැනීම රුපියල් මිලියන 41ක් වූ අතර සාර්ථක අවසානයක් පෙන්නුම් කරමින් විදේශ ආයෝජකයන් කොටස් මිලියන 43ක් බවට පත්විය. ඒ අනුව දිනයේ ශුද්ධ විදේශ ආයෝජකයන් කොටස් ඉවත්කර ගැනීම රුපියල් මිිලයන 02ක් පමණි.

විදේශ ආයෝජකයන් මිල දී ගත් කොටස් අතර සෙලාන් ඩිවෙලොප්මන්ට් සමාගම, හේමාස් හෝල්ඩින් සමාගම සහ හැටන් නැෂනල් බැංකුව ප්‍රමුඛ වේ. කොටස් විකුණූ සමාගම් අතර LOLC සමාගම, රෝයල් සෙරමික් සමාගම සහ ලංකා දුම්කොළ සමාගම ප්‍රමුඛ වේ.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අතර කොටස් මිල ඉහළ යෑමේ ස්ථාවරත්වයක් ගොඩනැගී ඇති බව නිරීක්ෂණය වේ. මෙයට ප්‍රධානතම හේතුව වශයෙන් පෙන්වාදිය හැක්කේ ඉතා අඩු සහනදායී කොන්දේසි මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් මිලියන 780ක ණය මුදලක් කෙටි කාලසීමාවක් තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත වීමයි.

මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල පවතින ණය පොළී අනුපාතිකය තවදුරටත් ඉතා ඉක්මනින් අඩුකිරීමට නියමිත බැවින් එය ද කොළඹ කොටස් වෙළෙඳ පොළ කෙරෙහි සාධනීය ලෙස බලපා තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!