spot_img
spot_imgspot_img

කරාපිටියේ කොරෝනා මළ සිරුරක් ඥාතීන්ට භාරදීලා. සිරුර වාට්ටුවේ දී නාවලා

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී කරාපිටිය ‍ශික්ෂණ ‍රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වාට්ටුවෙන් අධිකරණ වෛද්‍ය අංශයට නොයවා ඥාතීන්ට භාරදීමට කටයුතු කිරීමෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ.

ඥාතීන් විසින් මියගිය පුද්ගලයාගේ සිරුර වාට්ටුවේ ම තබාගෙන තම ආගමික චාරිත්‍ර අනුව නහවා පිරිසිදු කිරීමට ද කටයුතු කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ගිංතොට පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු සති දෙකකට පමණ පෙරාතුව කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වාට්ටුවට ඇතුළත් කර ඇති අතර ඉන් පසු 34 වාට්ටුවට මාරු කර යවා තිබේ.  34 වාට්ටුවේ දී ඔහු ඊයේ (08) රාත්‍රී මියගියේය. ඔහුගේ මරණනයෙන් පසු වාට්ටුවේ වෛද්‍යවරියක විසින් මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව බව සඳහන් කරමින් එම සිරුර ඥාතීන්ට භාරදීමේ මූලික කටයුතු සිදුකර තිබිණි.

මරණයට හේතුව දන්නා බැවින් වාට්ටුවෙන් ලැබුණු උපදෙස් අනුව සිරුර නහවා පිරිසිදු කළ ඥාතීන් මරණ සහතිකය ගැනීමට ගිය අවස්ථාවේ දී උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර් වරයා එම ලේඛන පරීක්ෂාකර බලා මරණයට හේතු‍ව කොරෝනා නිව්මෝනියාව බැවින් සිරුර ඥාතීන්ට භාරදීමට නොහැකි බව පවසා තිබේ. ඔහු නැවත අදාළ වාට්ටුවට කතා කළ විට වාට්ටුවෙන් පවසා ඇත්තේ මෙම මරණයට කොරෝනා හැ‍ර වෙනත් හේතුවක් නොමැති බවයි.

මේ පිළිබඳ ‍රෝහල් පොලිසියට හා අධිකරණ වෛද්‍ය අංශයට ද අද (09) අළුයම දැනුම් දුන් වහාම මළ සිරුර අධිකරණ වෛද්‍ය අංශයේ මෘත ශරීරාගාරයට යවා මුද්‍රා තබා ඇති අතර පොලිසිය විසින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් සියලු දෙනා ම නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!