ගිනිගෙන විනාශ වූ X-Press pearl නෞකව දැනට රැඳී ඇති ස්ථානයේ ම මුහුදේ ගිලී යනු ඇතැයි විශේෂඥයෝ කියති. එමෙන්ම එය ගිලීයාමෙන් කොළඹ වරායේ නාවික මෙහෙයුම් කටයුතුවලට බාධාවක් එල්ල නොවනු ඇතැයි ද වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක පවසයි.
නැව රැඳී ඇති ස්ථානය මීටර 22ක් පමණ ගැඹුරු බවත් මේ වනවිට එහි පිටුපස කොටස සම්පූර්ණයෙන් ම ගිලී ගොස් ඇති බවත් නාවික හමුදාව පවසයි.
නැව වටා මේ වනවිට තෙල් පැල්ලමක් දක්නට ඇතත් ඉන්දන කාන්දුවක් මෙතෙක් වාර්තා වී නැතැයි ද බලධාරීන් පවසයි. කෙසේ වෙතත් මෙහි තෙල් මෙට්‍රික් ටොන් 322ක් ඇති අතර ඒවා පිටතට කාන්දුවීමක් සිදුවුවහොත් සිදුවිය හැකි හානිය අවමකිරීම සඳහා අවශ්‍ය ක්‍රයිමාකර්ග මේ වනවිටත් සූදානම් කර ඇතැයි ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.