spot_img
spot_imgspot_img

ග්‍රාම නිලධාරී මළ සිරුරක් නිදහස් කරලා. පවුලේ සැමට කොරෝනා. නගරයක් අවදානමේ

පුවත්

විදෙස්

කොරෝනා වසංගය පැතිරයමින් තිබිය දී නිවසේ දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ග්‍රාම නිලධාරීවරයා විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට යොමු නොකර නිදහස් කිරීම හේතුවෙන් මීරිගම ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ දැඩි අවධානමක් හටගෙන තිබේ.

වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වල මියයන පුද්ගලයන්ගේ සිරුරු හදිසි මරණ පරීක්ෂකවරුවෙත යොමුකර පීසීආර් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී තිබිය දී මෙලෙස නිදහස් කර ඇත්තේ මීරිගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවකුගේ පියාගේ දේහයයි.

ග්‍රාම නිලධාරීවරයා මරණය සම්බන්ධයෙන් අදාල ලියකිවිලි සිකුරාදා (28) අළුයම නිකුත් කිරිමෙන් අනතුරුව එය මීරිගම මල්ශාලාවකට ගෙනවිත් දේහය සකසා මල්ශාලාවේම තැන්පත් කර තැබීමෙන් අනතුරුව එදිනම සවස ආදාහනය කර ඇත.

ඉන් අනතුරුව එදිනම සවස මියගිය පියාගේ පුතා, ලේලිය සහ දරුවන් යන සිව් දෙනාම ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකරගෙන ඇති අතර ඉන් තහවුරු වී ඇත්තේ ඔවුන් හතර දෙනාම කොරෝනා ආසාදිත බවයි.

එම අවස්ථාවේ දී ම ක්‍රියාත්මක වූ මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මල් ශාලාවේ සියලු දෙනා ද එම ස්ථානයේ ම නිරෝධායනයට ලක්කර තිබේ.  මල් ශාලාවේ හිමිකරු පවසන්නේ මේ පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවයි. ග්‍රාම නිලදාරීවරයා දේහය සම්බන්ධයෙන් තාවකාලික මරණ සහතිකයක් නිකුත් කර තිබූ බැවින් තමන් ඒ අනුව අවසන් කටයුතු සඳහා සියලු දේ කළ බව ඔහු පවසයි.

මියගිය පියාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ සහ පවුලේ ඥාති හිතවතුන් ද මීරිගම නගරයේ ව්‍යාපාරිකයන් රැසක් ද සහභාගී වී ඇති බව අනාවරණය වී තිබේ. ඔවුන් සියලු දෙනා ද නිරෝධායනයට ලක්කරන බව සෞඛ්‍ය අංශ පවසයි.   

පුෂ්පකුමාර මල්ලවආරච්චි  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!