spot_img
spot_imgspot_img

ජනතාවත්, රජයත් නොමඟ යවන GMOA දොස්තරලා ඥාති සංග්‍රහයේ

පුවත්

විදෙස්

ලෝක සෞඛය සංවිධානය විසින් කොරෝනා මර්ධන එන්නත ලබාදීමේ දී අනුගමනය කළ යුතු නිර්දේශ සියල්ල උල්ලංඝනය කරමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල ඥාතීන් සඳහා කොරෝනා එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

කොරෝනා ආසාදිතයන් සමඟ සෘජුව සම්බන්ධවන ඇතැම් සෞඛ්‍ය සේවකයන්ට සහ පොලිස් නිලධාරීන්ට පවා එන්නත ලබා නොදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීන්ට මෙම එන්නත් ලබාදීම ගැටලුවක් බව සෞඛ්‍ය අංශ විසින්ම පෙන්වා දෙති.

රජය පිහිටුවීම සඳහා විශාල දායකත්වයක් දුන් සංවිධානයක් ලෙසටත් රජය රැකගැනීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කරනු ලබන සංවිධානයක් ලෙසත් රජයේම ප්‍රබලයන් විසින් හඳුන්වනු ලබන GMOA සංවිධානය මේ වනවිට සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරන සංවිධානයක් බවට පත්වෙමින් සිටින බව සිවිල් ක්‍රියාකාරිකයෝ චෝදනා කරති.

සංගමයේ සාමාජිකත්වයේ ඥාතීන්ට එන්නත් ලබාගැනිම සඳහා GMOA විසින් සැකසූ පිටු සීයකින් පමණ සමන්විත ලේඛනයක කොටසක් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් අද අනාවරණය කර තිබිණි. එම ලේඛනයේ දැක්වෙන්නේ වෛද්‍යවරුන්ගේ මව් පියන්, සහෝදර සහෝදරියන්, බිරිඳ හා දරුවන් යන දහස් ගණනක් මේ ලේඛනයේ ඇති බවයි.

කොරෝනා රෝගීන් හට දැනුවත්ව හා නොදැනුවත්ව ප්‍රතිකාර කරන GMOA වෛද්‍යවරු පවසන්නේ තමන් නිසි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් මුඛ ආවරණ හා ආරක්ෂිත ඇඳුම් පැළඳ සිටීම හේතුවෙන් කිසිදු රෝගියකුගෙන් තමන්ට අවදානමක් නොමැති බවියි. ගාල්ලේ රත්ගම ආසාදිත වූ තරුණියක් අවස්ථා දෙකක දීම GMOA ගාල්ල ශාඛාවේ ප්‍රබලයකුගෙන් ප්‍රතිකාර ගෙන තිබිය දී නිරෝධානයට යොමු නොවී සිටි එම වෛද්‍යවරයා සහ ඔහුගේ GMOA නඩය කියා සිටියේ මාස්ක් පැළඳීම හේතුවෙන් කොරෝනා ආසාදිතයාගෙන් එම වෛද්‍යවරයාට කිසිදු බලපෑමක් නොමැති බව මෙන්ම ඔහුගෙන් කිසිම අයකුට රෝගය සම්ප්‍රේෂණය නොවන බවයි. එසේ කියමින් ඔහු පීසීආර් පරීක්ෂණ පවා මඟ හැරියේය.

තමන්ගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ මුදල් ගැරීමේ කටයුතුවලට බලපාන බැවින් විටෙක එසේ කියන GMOA සාමාජිකයන් තම පවුල්වල ඥාතීන්ට එන්නත් සඳහා ප්‍රමුඛතාව ඉල්ලන විට ඒ මතයෙන් පරිභාහිරව කටයුතු කරන්නේ ත්‍රස්තවාදී සංවිධානයක ස්වරූපය පසක් කරමිනි.

GMOA සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති ලේඛනයේ දැනට ශ්‍රී ලංකාවේ දී කොරෝනා එන්නත් ලැබීමට නිර්දේශ නොලැබූ ලාබාල වයස්වල ළමයින්ගේ නම් පවා සඳහන් කර ඇත. එමෙන්ම වාර්ෂික සාමාජික මුදල රුපියල් 17,000.00ක් වැනි ඉහළ අගයක් ගන්නා මෙම සංවිධානය පැහැදිලිව දක්වා ඇත්තේ තම සාමාජිකයන් නොවන අයට මේ වරප්‍රසාදය හිමි නොවන බවයි. ඒ අනුව ඔවුන් වෛද්‍ය ක්ෂේත්‍රය ද බෙදා වෙන්කර ඇති අතර මෙවැනි ඉල්ලීමකට අනුකූලතාව දැක්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන්නේ ද මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට අනුබල දීමකි.

මේ වනවිට GMOA සංවිධානය විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ගේ සාමාජිකයන්ගේ ඥාතීන්ට එන්නත් ලබාදෙන ස්ථාන පවා ලේඛන ගත තර තිබේ. එම ලේඛනය අප අතට පත්ව ඇති අතර එය පහත සඳහන් කර ඇත.

අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇති ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ලබුගම කාර්යාලයේ නිලදාරින්ට එස්-පුට්නික් එන්නත ලබාදීම සඳහා කටයුතු කළ දිනයේ එහි පැමිණි GMOA ප්‍රබලයකු එන්නත් මාත්‍රා 40ක් ඔවුන්ට අවශ්‍ය බව කියමින් රැගන ගිය පුවතක් ද අප වෙත වාර්තා වී තිබේ.

GMOA සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති පවුලේ ඥාතීන්ගේ නාම ලේඛන පිරික්සූ විට අප දන්නා හඳුනන වෛද්‍යවරු කිහිප දෙනකු ද එම ලේඛනයේ දක්නට ලැබිණි. එම වෛද්‍යවරු කිහිප දෙනෙකුම ජීවත්වන්නේ තම බිරිඳ සහ දරුවන් සමඟ පමණි. ඔවුන්ගේ මව, පියා, නන්දණිය හා මාමණ්ඩිය මෙන්ම සහෝදර සහෝදරියෝ ද සිටින්නේ වෙනත් නිවෙස්වලය. නමුත් GMOA සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති ලේඛනයේ තම ඒ සියලු දෙනාම අවදානමට පත්ව ඇති බව පවසන්නේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමිනි. ඒ අනුව මෙය කූඨ ලේඛනයකි. කූඨ ලේඛන සැකසීම බරපතල වරදක් බව රජයේ වෛද්‍ය නිලධාරන්ගේ සංගමයට අපි සිහිපත් කරන්නෙමු.

ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලැබුණු අවස්ථාවේ දී GMOA ප්‍රබලයන් පිරිසක් ගාල්ලේ ව්‍යාපාරිකයන්ටත්, ඔවුන්ගේ ගජ මිතුරු සමාජය නියෝජනය කරන විදුහල්පතිවරුන්ටත් එන්නත ලබාදුන් ආකාරය අපි හෙළිදරව් කළෙමු. එමෙන් ම ගාල්ල මහ නගර සභාවේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ද සියලු දෙනාට එන්නත් කිරිම පසෙක තබා තම පවුලේ අයට එන්නත ලබාදුන් ආකාරයත් අපි හෙළිදරව් කළෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!