spot_img
spot_imgspot_img

විශේෂ නිවාඩු නිසා සායන සඳහා පැමිණි රෝගීන් අමාරුවේ

පුවත්

විදෙස්

රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දින දෙකක් අද (24) සහ හෙට (25) දින දෙකෙහි ප්‍රකාශ කර තිබුණේ අත්‍යාවශ්‍ය සේවාවන් බලපෑමකින් තොරව පවත්වාගෙන යා හැකි පරිදි වුව ද සෞඛ්‍ය සේවයේ ඇතැම් කටයුතු මෙම නිවාඩු දින දෙක හේතුවෙන් අකර්මන්‍ය වූ බව වෛද්‍යවරු කියති.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි විසින් මැයි 18 වැනි දින රජයේ කාර්යාල සඳහා වවිශේෂ නිවාඩු දින 02ක් ප්‍රකාශයට පත්කරන ලද ලිපියේ දක්වා ඇත්තේ රජයේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගැනීමට මෙයින් බාධාවක් නොවිය යුතු බවයි.

මේ අනුව වෛද්‍ය සායන පැවැත්විය යුතුව තිබුණ ද සායන පැවැත්වෙන බොහෝ ස්ථානවල අද නියමිත පරිදි සායන කටයුතු පැවැත්වූයේ නැත. සංචරණ සීමා සායන සඳහා පැමිණෙන පුද්ගලයන්ට ඊට සහභාගීවීමට බාධාවක් නොවන බව රජය දැනුම් දී තිබුණෙන් මෙම සායන සඳහා පුද්ගලයන් තමන්ට නියමිත දිනය වූ අද පැමිණ තිබිණි. රජයේ නිවාඩුව කාර්යාල සඳහා වුව ද අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා නොවන බව නිසි පරිදි තේරුම් නොගැනීම හේතුවෙන් එවැනි සායන සඳහා සහභාගී වූ බොහෝ දෙකුට අද ආපසු හැරී යාමට සිදුව තිබිණි.

බාහිර රෝගී සායන උදෑසන 8.00 – 12.00 සහ සවස 2.00 – 4.00 කාලයේ දී පැවැත්විය යුතු වුව ද බොහෝ ස්ථානයන්හි සායන පැවැතියේ උදෑසන 10.00 දක්වා පමිණි. එය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිවේදනය වැරදි ලෙස වටහාගැනීම හේතුවෙන් සිදුවූවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!