spot_img
spot_imgspot_img

අභ්‍යාවකාශයට පෙනෙන පෘථිවියේ විශ්මිත ස්වභාවික සංසිද්ධි කිහිපයක්

පුවත්

විදෙස්

අසල්වැසි ඉන්දියාව හා බංග්ලාදේශය යටකළ මහා ගංවතුර

රේඩාර් තාක්ෂණය (Advanced Synthetic Aperture Radar) (ASAR) ආධාරයෙන් එන්විසැට් (Envisat) චන්ද්‍රිකාව විසින් හසු කර ගන්නා ලද මේ ඡායාරූපයෙන් පෙනෙන්නේ 2007 වර්ෂයේ අප්‍රේල් සහ ජූලි මාසවල බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ හටගත් ගං වතුර තත්වයයි.(අවස්ථා දෙකේදී ලබාගත් ඡායාරූප මෙලෙස තනි ඡායාරූපයකට නඟා ඇත.)මේ තාක්ෂණය ආධාරයෙන් ඡායාරූපයක් ගන්නා විට වලාකුළු, වර්ෂාව හෝ අඳුර වැනි තත්වයන් පැවතීම බධාවක් නොවේ.තව ද වියළි බිම් හා ජලයෙන් යට වී ඇති බිම් තියුණු ලෙස වෙන් කර පෙන්වීමට මේ තාක්ෂණය සමත් ය.මෙහි කළු සුදු ප්‍රදේශවලින් වියළි බිම් දැක්වෙන අතර නිල් පැහැයෙන් ගංවතුරට යට වූ බිම් දැක්වෙයි. රතු පැහැයෙන් දැක්වෙන ප්‍රදේශ ගං වතුරට හසු වූ ප්‍රදේශ හෝ කෘෂිකාර්මික ජල මූලාශ්‍ර විය හැකි ය. වම්පස පහළ සුදු පැහැයෙන් දැක්වෙන්නේ ඉන්දියාවේ කල්කටා ප්‍රදේශයයි. ඡායාරූපය මධ්‍යයේ දකුණට වන්නට ඇති සුදු පැහැති ප්‍රදේශය බංලාදේශයේ අගනුවර වන ධකා නගරය දැක්වේ. අතු දෙකකට බෙදී ඇති රේඛාව බ්‍රහ්මපුත්‍ර නදිය වේ. අභ්‍යාවකාශයට ඉන්දියාවේ හා බංග්ලාදේශයේ ගංවතුර දිස්වූයේ මේ ආකාරයෙනි.

ඉන්දියාවේ හා බංග්ලාදේශයේ ගංවතුර

මහා බාධක පරයටට මිරිදිය හා අවසාදිත ගොඩගසන ගංඟාව

ඕස්ට්‍රේලියාවේ ඊශාන දිග ප්‍රාන්තය වන ක්වීන්ස්ලන්තය පහත ඇති චන්ද්‍රිකා ඡායාරූපයෙන් දැක්වේ. මෙයින් දැක්වෙන්නේ මහා බාධක කොරල් පරය ආසන්න ප්‍රදේශයයි. විශාල අවසාදිත ප්‍රමාණයක් කොරල් පරය දෙසට ගලා ගොස් ඇති ආකාරය ඡායාරූපයේ පැහැදිලිව දක්නට ලැබෙයි.

2019 මුල් කාලයේ දී ක්වීන්ස්ලන්තයේ බොහෝ ප්‍රදේශවලට සතියකට අඩු කාලයක දී එම ප්‍රදේශයට ලැබෙන වාර්ෂික වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාවක් පතිත විය. මේ විශාල වර්ෂාව හේතුවෙන් නිවාස හා වගාබිම්  ද  දැඩි සේ විනාශ වී ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදුව තිබිණි.

එම ධාරානිපාත වර්ෂාවෙන් දින කිහිපයකට පසු මේ ඡායාරූපය ගෙන ඇත. බර්ඩෙකින් ගඟේ සිට කොරල් පර සහිත මුහුදට මඩ සහිත ජලය ගෙන ගොස් ඇති ආකාරය මේ ඡායාරූපයේ පැහැදිලිව දැකගැනීමට හැකියාව තිබේ.

බර්ඩෙකින් ගඟ බෝල්ඩර් කන්දෙහි උතුරු බෑවුම්වලින් ආරම්භ වී මුහුදට එකතුවීමට පෙර කිලෝ මීටර 900ක් වැනි දුරක් ගෙගවා දමයි. ඕස්ට්‍රේලියාවේ ඇති විශාලතම ගංඟාවක් වන මෙය මහා බාධක පරය සහිත නොගැඹුරු මුහුදට අවසාදිත හා මිරිදිය ජලය සපයන ප්‍රධානතම මාර්ගයයි.

ලෝකයේ විශාලතම කොරල් පරය වන මහා බාධක පරය ඕස්ට්‍රේලියාවේ ඊශාන දිග වෙරළ තීරයේ සිට කිලෝ මීටර 2000ක් දක්වා විහිදෙන අතර වර්ග කිලෝ මීටර 350,000ක් පමණ ආවරණය කරන්නකි. කොරල් පර 3,000ක් සහ කොරල් දූපත් 900ක් පමණ එකිනෙකට සම්බන්ධ වූ දැවැන්ත පද්ධතියකි. මෙය 1981 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී.

වෙරළ තීරයේ සිට කිලෝ මීටර 35ක් පමණ දුරින් වැලි පැහැයෙන් අවසාදිත දින්වස ආකාරය ටර්කියුස් කොරල් පරයට ආසන්නව දැකගැනීමට හැකියාව ඇත. කොරල්පරයේ පැහැය මුහුදේ ඇති අඳුරු පැහැති ජලයට වඩා වෙනස් ලෙසින් දිස්වේ.

දේශගුණිික විපර්යාස, කොරල් මැරී යාම සහ පරිසර දූෂණය හේතුවෙන් මේ දැවැන්ත කොරල් පරිසර පද්ධතියට නිතිපතා හානි සිදුවෙයි. පසුගිය වසර 30 දී මේ කොරල් පරයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇත. ගංඟවලින් ගලා යන අවසාදිත අතර ගොවිපලවල භාවිතා කරන රසායනික පොහොර ද අඩංගු වීම මේ විනාශයට තවත් හේතුවක් වි තිබේ. මේ අවසාදිතවලින් කොරල් පරය වැසී යන අතර ඒවාට අවශ්‍ය ආලෝකය අහිමිකරයි. එමෙන්ම හානිකර ඇල්ගී ද වර්ධනය වේ.

කොපර්නිකස් හා සෙන්ටිගල් 2 චන්ද්‍රිකාවලින් ගෙන ඇති මේ ඡායාරූපය වෙරළබඩ පරිසරයේ දූෂණය පිළිබඳ අපූරු සාධක ගෙනහැර දක්වයි. මෙය චන්ද්‍රිකා දෙකක මෙහෙයුමකි. චන්ද්‍රිකාවේ ඇති අධි විභේදන කැමරා මගින් පෘථිවි පෘෂ්ඨයේ වර්ණාවලි කලාප 13ක් නි‍රූපනය කරයි. මෙම ඡායාරූඵය 2019 පෙබරවාරි 10 වැනි දින ගන්නා ලද එකකි.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගංවතුර

ආක්ටික් මුහුද පෝෂණය කරන මහා ගංඟාව

කොපර්නිකස් හා සෙන්ටිගල් – 01 චන්ද්‍රිකා මගින් ආක්ටික් ප්‍රදේශයේ විශාලතම ගංඟා ඩෙල්ටාව වන ලීනා ඩෙල්ටාව වෙත අප රැගෙන යයි.

කිලෝ මීටර 4500ක පමණ දිගකින් යුතු ලීනා ගංඟාව ලෝකයේ දිගම ගංඟා කිහිපය අතරින් එකකි. දකුණු රුසියාවේ කඳු අතර පිහිටි විලකින් ආරම්භ වී ලැප්ටෙව් මුහුද හරහා ආක්ටික් සාගරයට එක්වෙයි.

දීප්තිමත් කහ පැහැයෙන් දිස්වන්නේ ගංඟාවයි. එය මුහුදට ගලා යාමට පෙර කුඩා කොටස් වලට බෙදී වෙන්වී පැතලි තැනිතලාව හරහා ගලා බසිස්නේ සුවිසල් ඩෙල්ටාවක් නිර්මාණය කරමිනි.  කුඩා විල් හා පොකුණු සිය ගණනක් මෙහි කුඩා තිත් ආකාරයෙන් දිස්වෙයි.

මේ වර්ණ ඡායාරූපය 2019 ජනවාරි 14 වන දින ආක්ටික් ශීත සෘතුවේ උච්ඡතම අවස්ථාවේ ගන්නා ලද්දකි. මෙමගින් ඩෙල්ටාව අවට ජලයේ අයිස් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ආක්ටික් ජලයේ දකුණු දෙසට පාවී යන අයිස් කුට්ටි කිහිපයක් ද මෙහි සටහන්ව ඇත. රූපයේ පහළින් ඇති කඳු මත කහ පැහැයෙන් දක්වා ඇත්තේ හිම පතනයයි.

ඉතාමත් කෙටි කාලයක් පවතින ධ්‍රැවීය ග්‍රීස්ම සෘතුවේ දී සාරවත් කෙත් බිමක් බවට පත්වී මල් පිපී තිබෙන මේ ප්‍රදේශය අවුරුද්දේ වැඩි කාලයක් ශීතලෙන් යුතුව හිමෙන් වැසී තිබේ. මෙම ඩෙල්ටාවේ වර්ග කිලෝ මීටර 32,000ක් පමණ ප්‍රදේශයක් ආක්ටික් වන ජීවීන්ගේ රජ දහනකි. හංසයන්, පාත්තයින්, තාරාවන් අතැුළු තෙත් බිමෙහෙි සිටින ජිවීන් මෙන්ම සංක්‍රමණික පක්ෂීන්ද මිරිදිය හා සමුද්‍ර මසුන්ට මෙන්ම ක්ෂීරපායීන්ට ද මෙය ක්ෂේම භූමියකි.

1995 දී ලීනා ඩෙල්ටා රක්ෂිතය පුළුල් කරන ලද අතර එය රුසියාවේ විශාලතම රක්ෂිත ප්‍රදේශය බවට පත්ව ඇත.

ලීනා ගංඟා ඩෙල්ටාව

ගංවතුර වළක්වන ජලජ පරිසර පද්ධතිය

කොපර්නිකස් හා සෙන්ටිනල් -2 බී චන්ද්‍රිකාව දුඹුරු අවසාදිතවලින් පොහොසත් උරුගුවේ ගඟේ පහළ කෙළවර දර්ශනක් අපට ඉදිරිපත් කරයා. මෙම ගංඟව මගින් ආර්ජන්ටිනාව සහ උරුගුවේ අතර මායිම සාදන අතර සුවිසල් තෙත් බිම් පරිසර පද්ධතියක් නිර්මාණය කර ඇත.

මේ කලපු පරිසරය වගුරු බිම් සහ දූපත් 24කින් සමන්විත වන අතර වනජීවීන්ගේ තෝතැන්නකි. එය ජාතික උද්‍යානයක් ලෙස ආරක්ෂා කර ඇති අතර රැම්සා තෙත්බිමක් ලෙස ද නම්කර තිබේ.

මත්ස්‍ය වශේෂ 130ක්, උභයජවී විශේෂ 14ක්, කුරුළු විශේෂ 104ක් හෙවත් උරුගුවේ දේශයෙන් හමුවන පක්ෂීන්ගෙන් 25%ක් , ක්ෂීරපායී විශේෂ 15ක් මෙහි දක්නට ලැබේ. එමෙන්ම වෘකයන් සහ විශාලතම බල්ලන් විශේෂයක් වන කැනයිඩ් බල්ලන් ද මේ පරිසර පද්ධතියේ ස්වභාවිකව ජීවත්වෙයි.

සංචාරකයන් අතර බෙහෙවින් ජනප්‍රිය පරිසර පද්ධතියක් වන මෙය උරුගුවේ දේශයේ ගංවතුර පාලනය සඳහා අතිශය වැදගත්වන භූමි ප්‍රදේශයකි.

අළු සුදු පැහැයෙන් දිස්වන්නේ මිනිසා විසින් ඉදිකරන ලද ව්‍යුහයන්ය. ආර්ජන්ටිනාවේ ග්වාලෙගුවේව නගරය එහි දක්නට ඇත. උරුගුවේ ගංඟාවේ නැගෙනහිර වෙරළේ උරුගුවේ රටේ නගරයක් වන ෆ්‍රේ බෙන්ටෝස් මෙන්ම එහි ප්‍රධාන වරාය දැක්වෙයි. කළකට පෙර බඩ ඉරිඟු වගාකර අපනයන කළ ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූ අතර දැන් මෙහි වගාවන් සිදුකරන්නේ නැත. ලෝක උරුමයක් ලෙස නම්කර ඇති ප්‍රදේශයකි.

තද කොළ පැහැති ප්‍රදේශය වන වගාව සඳහා වෙන්කර ඇති අතර එය කලාපයේ වැදගත්ම ව්‍යාපෘතියකි. පාරිසරික අධීක්ෂණ වැඩසටහනකට අවශ්‍ය තොරතුරු සහ දත්ත සැපයීම සඳහා මේ ඡායාරූප ගෙන තිබේ. මෙම ඡායාරූප ගැනීමේ දී වර්ණාවලි කලාප 13ක් දක්නට ලැබෙන අතර මේ ඡායාරූපය නිර්මාණය කර ඇත්තේ විවිධ වර්ගයේ වෘක්ෂලතාදිය වෙන්කර හඳුනාගැනීමට සහ ශාක වර්ධනය නිරීක්ෂණය කිරීමට භාවිතා කළ හැකි ආකාරයෙනි. 2018 අගෝස්තු මස 17 වැනි දින මේ ඡායාරූප සකසා ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!