කම්කරුවන්ගේ නොවන කම්කරු දිනය

පුවත්

රැහේ රැජිනට අහිමි වූ අවමංගල සිරිත්

ආදි මානවයාගේ සිට නූතන මානව වර්ගයා දක්වා වසර දහස් ගණනක් තිස්සේ විවිධ සංස්කෘතීන් හා සභ්‍යත්වයන් පසුකරගෙන ආ අප වර්තමානය වනවිට නූතන තාක්ෂණයට...

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ලෝක වාර්තාවක් සමඟ පැරාඔලිම්පික් රන් පදක්කමක් දිනා ගනී

පැරාඔලිම්පික් තරඟාවලියක ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම රන් පදක්කම ලෝක වාර්තාවක් ද තබමින් හිමිකරගැනීමට දිනේෂ් ප්‍රියන්ත අද සමත්වූයේය. ඔහු මේ...

පරාක්‍රම සමුද්‍රය රැකගන්න මහා සංඝයා පෙරට එති

පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ගල් ඉවත්කර ඒ මතින් ඇවිදින මංතීරුවක් සෑදීමේ ව්‍යාපෘතියට එරෙහිව මහා සංඝරත්නය අද (27) එහි වැඩමකර එම ව්‍යාපෘතිය නවතා...

කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown

කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැ‍ජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී...

විදෙස්

මැයි දිනය යනු සමස්ත ලෝක වාසී කම්කරු ජනතාව විසින්ම සමරනු ලබන ශ්‍රේෂඨතම දිනයකි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කම්කරු දිනය සැමැරීමේ ආරම්භය 1934 වර්ෂය දක්වාම ඈතට දිව යන්නකි.  එහෙත් අද පැය අටකට සීමා වී ඇති සේවා කාලය වෙනුවෙන් එදා අරගල කරමින් සිය දිවි පූජා කළ කම්කරුවන් පිළිබඳ අපගේ කම්කරු ව්‍යාපාරය හෝ කම්කරු දිනයේ තමන්ගේ කරගෙන සිටින දේශපාලඥයන් හෝ දන්නේ නැත.

අද කොරෝනා නිසා නොවුන ද විවිධ දේශපාලන පක්ෂවලට බෙදී ඔවුහු පෙළපාලි ගොස් මැයි දිනය සමරති. තම පාක්ෂිකයෝ බස් රථ යොදා රටේ සතර දික්භාගයෙන් පෙළපාලියට ගෙන්වා ගනිති. නිල්, කොළ, රතු ධජ රැගෙන පෙළපාලි යන්නෝ කම්කරු ව්‍යාපාරයේ අද්විතීය දිනය වූ මැයි පළවැනිදා කම්කරු ජනතාව රතු පැහැයෙන් සැරසෙන්නේ කම්කරු අරගල වෙනුවෙන් ලේ වැගිරවූ පිරිසක් සිහිකිරීමට බව දේශපාලන පක්ෂවල කොඩි රැගෙන යන්නෝ දන්නේ නැත. අප රටෙහි රතු ධජ සහිත පෙළපාලි ගමන් ගන්නේද ඒ කරුණ අවබෝධයෙන් නොව තම පක්ෂයේ වර්ණය රතු පැහැති බැවිනි.

අද ලංකාවේ කම්කරු දිනය සමරන්නේ හුදු දේශපාලන න්‍යාය පත‍්‍රයක් අනුව පමණකි. එබැවින් මැයි පෙළපාලියට සහභාගිවී කම්කරු සටන් පාඨ පසෙක තබා දේශපාලන සටන් පාඨ කියමින් උගුර ලේ රහ වන තුරු කෑ මොර ගසා යන පිරිස් මැයි රැළියේ හෝ කම්කරු ව්‍යාපාරයේ හෝ අතීතයක් නොදනිති. පෙළපාලිය අවසානයේ කොහේ හෝ ඉඳිව ඇති වේදිකාවක් මත සිට සිය පක්ෂ නායකයෝ දෙසා වදාලන බේගල් රැසකට කන් දෙන ඔවුහු තම නිවෙස් බලා යති. මැයි රැළියෙන් සිදුවන සෙතක්නම් දක්නට නැත.

සිය සේවාකාලය පැය අටකට සීමා විය යුතුයැයි ප‍්‍රථම ඉල්ලීම ඉදිරිපත් කර වසර 23 කට පසුව 1886 මැයි මස 01 වැනි දින ලෝක ඉතිහාසයේ ප‍්‍රථමවරට ඇමරිකාවේ චිකාගෝ නුවරට කම්කරුවෝ ඒකරාශී වූයේ සේවාකාලය පැය 08 කට සීමා කරන තුරු සේවයට වාර්තා නොකරන බවට ඒකායන අධිෂ්ඨානයෙනි. උගුර ලේ රහ වන තුරු සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරතවූ කම්කරු පිරිස ලක්ෂයකට ආසන්න විය.

රැස්වූ පිරිසගේ ඔල්වරසන් හා ජයඝෝෂා හඬ මධ්‍යයේ වේගවත් කථාවක් කළ සැමුවෙල් ෆීල්ඩන් නම් කම්කරු නායකයා අපේ නිදහස ප‍්‍රකාශයට පත් කළ ඓතිහාසික දිනය ලෙස මැයි 01 දා ඉතිහාසයට එක්වී සදා මතකයේ රැඳෙනු ඇතැයි කියා සිටියේය.

එදින දහස් සංඛ්‍යාත පිරිසක් වීදි බසිමින් සංවිධානාත්මකව පෙළපාලි යමින් ආරම්භ කළ මහා වැඩ වර්ජනය දිගින් දිගටම ක්‍රියාත්මක විය. පළමු දිනයේ 40,000 කට අධික පිරිසක් වැඩවර්ජනයේ නිරතව සිටියහ. මැයි 02 දා වන විට ඒ පිරිස ක‍්‍රමයෙන් වැඩි වන්නට විය. මැයි 03 වෙනිදා වන විට වැඩවර්ජනයේ නිරතවූ කම්කරුවන් ප‍්‍රමාණය 65,000 ක් ඉක්මවා තිබුණි.

මැයි තුන්වැනිදා කර්මාන්තශාලා හිමියන්ගේ මෙහෙයැවීම ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් එළව එළවා පහර දුන්හ. තුවාල ලැබූ සිය ගණනක් කෙඳිරිගාමින් ප‍්‍රතිකාර බලාපොරොත්තුවෙන් සිටි අතර නිසල වූ සිරුරු හතරක්ද දක්නට ලැබුණි.

සිය සේවාකාලය පැය අටකට සීමා කරන ලෙස ඉල්ලා අරගල කළ කම්කරුවෝ සිව්දෙනෙකු ලෝකයේ සමස්ථ කම්කරුවන් වෙනුවෙන් එලෙස දිවි පි¥හ. පොලීසියත් කර්මාන්ත හිමිකරුවනුත් සටන එතෙකින් අවසන්යැයි සිතන්නට ඇත එහෙත් ඒ ආරම්භයක්ම පමණක් විය.

කුරිරු පොලිස් පහර දීමට විරෝධතාව දැක්වීම සඳහා පසු දින එනම් මැයි 04 හේමාර්කට් චතුරශ‍්‍රයට එක් වන ලෙස සියලූ කම්කරුවන් දැනුවත් කෙරුණි. හේමාර්කට් චතුරශ‍්‍රයට කම්කරුවෝ පැමිණෙන මාර්ග අවහිර කරමින් පොලීසිය තැන තැනදී ප‍්‍රහාර එල්ලකළහ. පොලිස් ප‍්‍රහාර මධ්‍යයේ වුවද හේමාර්කට් චතුරශයට කම්කරුවෝ හාරදහසක පමණ පිරිසක් රැස්ව සිටියහ.

විරෝධතාවය අවසන් වෙමින් පැවැතුනි. එම ස්ථානයට පැමිණි පොලීසිය ඉල්ලා සිටියේ විරෝධතාවය වහා නවතා දමන ලෙසයි. තවත් සුළු මොහොතකින් අවසන් වීමට නියමිත විරෝධතාව අතරමග නවතා දැමීමට අවශ්‍ය නැති බව කම්කරු නායකයෝ පෙන්වාදුන්හ. සාකච්ඡුාව වටා කම්කරුවෝ රැුස්ව සිටියහ.

ඒ මොහොතේ පොලිස් නිලධාරීන් වෙත බෝම්බ ප‍්‍රහාරයක් එල්ලවිය. පොලීසිය මාරාවේශයෙන් මෙන් දිගින් දිගටම වෙඩි තබන්නට විය. අතට අසුවන දෙයින් පොලීසයට දමා ගැසූ කම්කරුවෝ ආරක්ෂාව පතා දිවගියහ. ඒ මොහොතේම එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් සිටියේය. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 06 දෙනෙකු පසුව මියගියහ. සිය ගණනක් කම්කරුවන් තුවාල ලැබූ අතර එදින මියගිය කම්කරුවන් සංඛ්‍යාව කොපමණදැයි අදටද කිසිවෙකුත් දන්නේ නැත.

මෙම සිද්ධියත් සම`ගම කම්කරු අරගලය මර්ධනය කරන්නට කර්මාන්තශාලා හිමියන්ට හා පොලීසියට මනා අවස්ථාවක් ලැබුණි. අරගලයට නායකත්වය දුන් කම්කරුවන් අත්අඩංගුවට ගැණුනි. අනෙකුත් කම්කරුවන්ට දැඩි නීති රීති පැනවුණි.

ඔගස්ටස් ස්පයිස්, අල්බට් පාර්ඞ්න්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස, සැමුවෙල් ෆීල්ඩන්, ලූයිස් ලින්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකයෝ අත් අඩංගුවට ගත් පොලීසිය ඔවුන් පොලීසියට ප‍්‍රහාර එල්ල කරන ලදැයි චෝදනා එල්ලකරමින් නඩු පවරන ලදී.

ඔස්කා නිබේට වසර 15 ක සිර දඬුවමක් නියම කළේය. සැමුවෙල් ෆීල්ඩන් හා මයිකල් ස්ට්වැච් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ අතර අනෙක් පස් දෙනා එල්ලා මැරීමට නියෝග කළේය.

ලයිස් ලින්ග් එල්ලා මැරීමට පෙර බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි නසා ගත් අතර ඔගස්ට් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්, ඇඩෙල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස් යන සිව් දෙනා 1887 නොවැම්බර් මස 11 වැනි දින එල්ලා මරා දමන ලදී.

1889 ජාත්‍යන්තර කම්කරු සංවිධානය රැස්විය ඔවුහු තීරණය කළේ පැය අටක සේවා කාලය ලබාගැනීම උදෙසා අරගල කරමින් රුධිරය වැගරවීමට සිදුවූ ඒ 1886 අරගලය සදාතනික සිහිවටනයක් කරගනිමින් සෑම වසරකම මැයි 01 දා ජාත්‍යන්තර කම්කරු දිනය සැමැරිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම මැයි රැළිය පැවැත්වූයේ 1934 වර්ෂයේදීය. රක්තවර්ණයෙන් සැරසුණු කම්කරුවන් දහස් ගණනක් 1934 මැයි මස 01 දා සවස 5.00 ට ගාලූ මුවදොර පිටියෙන් පිටත්වී නෙළුම් පොකුණ පාර, නොරිස් පාර, ඩයස් පෙදෙස, වේල්ල වීදිය, ස්මෝල් පාස්, සාන්ත බස්තියම, ලොක්ගේට්, මළමුවැනි මරදාන, දෙමටගොඩ, බේස්ලයින් පාර, බොරැල්ල, වෝඞ් පෙදෙස, ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙස පසුකොට වික්ටෝරියා උද්‍යානයට පැමිණ ඊ.ඒ.ගුණසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැයි දින රැළිය පැවැත්වූ බව 1934 මැයි මස 02 වැනිදා දිනමිණ පුවත්පත වාර්තා කර ඇත.

මෙම රැළිය සමස්ත ලංකා කම්කරු සම්මේලනය මගින් සංවිධානය කර තිබූ බවත් ඒ සඳහා ලංකා හේටල් හා ක්ලබ් සේවකයන්ගේ සංගමය හා ආණ්ඩුවේ පැක්ටේරියේ කම්කරු සංවිධානය නම් සංවිධාන දෙකක් එක්ව තිබූ බවත් එම වාර්තාවේ දැක්වේ.

විවිධ නැටුම් හා කෙළි සෙල්ලම් සහි මෙම රැළිය සඳහා ළමයින් පිරිසක්ද සහභාගිවී ඇති අතර ඔවුන් ජාතිය සුරකිමු, උත්සාහය වඩමු, රාජපාක්ෂික වෙමු, ලක් මව සුරකිමු යන පාඨ රැගත් පුවරු පෙළපාලියේ ගෙනගිය බවද සහන් වේ.

රාත්‍රිය මුළුල්ලේ විවිධ උත්සව සහිතව ගිනිකෙළි සංදර්ශනයකින් වර්ණවත් වූ මැයි රැළිය අද වනවිට දේශපාලන දේශපාලන පක්ෂ වල ශක්තිය උරගාබලන අවස්ථාවක් බවට පත්ව තිබේ. මැයි දිනයේ ආරම්භය සිදුවූ ආකාරය හෝ කම්කරු ව්‍යාපාරය වෙනුවෙන් දිවි පි¥වන් හෝ අද ශ්‍රී ලංකාවේදී සිහිපත් කැරෙන්නේ නැත. එහෙත් ලංකාවේ මැයි දින සැමරුම් ඉතිහාසයද අපට මනා ආදර්ශ සපයයි.

1942 මැයි දින රැස්වීම් පැවැත්වීම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් තහනම් කර තිබුණි. ලෝක යුද්ධය එයට හේතුවිය. එහෙත් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු මුලසුන දරන්නේනම් රැස්වීම් පැවැත්වීමට අවසර ලැබුණි.

කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්.ඒ.වික‍්‍රමසිංහ මහතාට තම මැයි දින රැස්වීමක් පැවැත්වීම අවශ්‍යව තිබුණි. එහෙත් රැස්වීම පැවැත්විය හැකි ස්ථානයක් හා අවශ්‍ය අවසරය ඔහුට ලබාගත නොහැක. ඒ මොහොතේ කොමියුනිස්ට් නායකයාගේ සහයට ආවේ. ධනපති දේශපාලනයේ පතාක යෝධයෙකු ලෙස පසුකළෙක හං වඩු ගැසුණු ජේ.ආර්. ජයවර්ධන නම් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ මන්ත්‍රීවරයාය.

ජේ.ආර්. මැදහත් වී කුප්පියවත්ත පන්සල් භූමිය රැස්වීම පැවැත්වීම සඳහා දොස්තර වික‍්‍රමසිංහට ලබාදුන්නේය. කොමියුනිස්ට් පක්ෂ මැයි රැළිය ආරම්භවූයේ ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ටික වේලාවක් මුලසුනේ සිටි ජේ.ආර්. මෙම ස්ථානය තමන්ට නොගැලපෙන බව හොඳින් අවබෝධ කරගත්තේය. ජේ.ආර්.ගේත් දොස්තර වික‍්‍රමසිංහගේත් අරමුණු ගමන් කළේ දෙපසකට බව නොරහසකි. එබැවින් රැස්ව සිටි කම්කරුවන් අමතා ඉතාමත්ම කෙටියෙන් මැයි රැළියට සුබ පැතූ ජේ.ආර්. එතැන සිටි පොලිස් ප‍්‍රධානියාට කථා කළේය.

මට තව රැස්වීමකට යන්න තියෙනවා. මේ මූලාසනය දොස්තර මහත්තයාට පවරන්න බැරිදැයි පොලිස් නිලධාරියාගෙන් ඇසුවේය.

තමුන්නාන්සේ තමයි මේ රැස්වීමේ මුලසුන දරන්නේ. ඔබතුමාට බලය තියෙනවා. ඒ මූලාසනය තමන් කැමැති කෙනෙකුට පවරන්න. පොලිස් අධිකාරීවරයාගේ පිළිතුර විය.

ජේ.ආර්.ජයවර්ධන මූලාසනය දොස්තර එස්.ඒ.වික‍්‍රමසිංහට පැවැරුවේය. රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් නාදය මධ්‍යයේ ජේ.ආර්.වේදිකාවෙන් බැස ගියේය. අපේ නායකයෝ අතීතයේ කම්කරු දිනය සැමැරුවේ ඒ ආකාරයෙනි. එහෙත් වර්තමානයේ එවැනි සහයෝගීත්වයක් දේශපාලනයේ නොමැත. එයම ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ අවාසනාවකි.

1947 වර්ෂයේදී වැඩවර්ජනයක් මෙහෙයැවීමේ වරදට රැකියාව අහිමිවූ ටී.බී.ඉලංගරත්න මහතා 1956 බණ්ඩාරනායක රජයේ කම්කරු අමාත්‍ය ධූරයට පත්විය. ඔහු මැයි පළමුවැනිදා රජයේ ප‍්‍රසිද්ධ නිවාඩු දිනයක් කළේය. මැයි පෙළපාලිය සඳහා ශ්‍රී ලංකාවේදී ප‍්‍රථම වරට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණේද බණ්ඩාරනායක ආණ්ඩුවෙනි.

1934 ඇරඹි ශ්‍රී ලංකාවේ මැයි පෙළපාලි ඉතිහාසයේ ප‍්‍රථම වරට මැයි දින රැළියක් නොපවත්වන්නේ 1971 වසරේදීය. අප්‍රේල් කැරැල්ල හේතුවෙන් රටේ පැවති අර්බුදකාරී තත්වය මැයි පෙළපාලි නොපවත්වා මැයි දින සැමරුම පණිවුඩ නිකුත් කිරීමට පමණක් සීමා විය.

නැවතත් මැයි පෙළපාලිය අහිමි වන්නේ 1987 වර්ෂයේදීය එම වර්ෂයේ අප්‍රේල් මස 21 වැනිදා පිටකොටුවේ පුපුරා ගිය බෝම්බය හේතුවෙන් ඒ වසරේ මැයි පෙළපාලිය තහනමට ලක්වුණි. එහෙත් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය තහනම නොතකා මැයි රැළියක් පැවැත්වීමට උත්සාහගන්නා ලදී. පොලීසිය මෙම රැළියට බැටන් ප‍්‍රහාර හා කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළ අතර අවසානයේ වෙඩි ප‍්‍රහාරයක්ද එල්ල කළේය. ප‍්‍රතිඵලය වූයේ නාරාහේන්පිටදී ලෙස්ලි ආනන්ද ලාල් හා කිත්සිරි මෙවන් රණවක යන අය මරණයට පත්වීමයි.

එදිනම ලංකා සම සමාජ පක්ෂයද මැයි දින පෙළපාලියක් සංවිධාය කළේය. එම රැළියටද පොලිස් ප‍්‍රහාරයක් එල්ලකැරුණි. එම අවස්ථාවේ මේසයක් උඩ සිටි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා බිම ඇද වැටුණේය. එදා ඔත්පළ වූ ඔහු නැවත ලෙඩ ඇඳෙන් නැගිට්ටේ නැත. 1987 මේ සියළු සිදුවීම් මධ්‍යයේ පාලක පක්ෂයේ මැති ඇමැතිවරු මැය 01 දා රාත්‍රී සංගීත සංදර්ශනයක් පැවැත්වූහ.

ශ්‍රී ලංකාවේ මැයි දින පෙළපාලි ඉතිහාසයේ මී ළඟ ඛේදවාචකය වාර්තා වන්නේ 1993 මැයි පළමුවෙනිදාය. ඉන් පෙර වසරවලදී රාජ්‍ය නායකයෝ විවෘත රථවලින් පෙළපාලියට සහභාගිවුවද මැයි පෙළපාලියේ පයින් ගමන්කිරීම එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට අවශ්‍ය විය. ඔහුට පැමිණිය හැකිවූයේ ආමර් වීදිය දක්වා පමණි. කුරිරු ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බ ප‍්‍රහාරයකින් මැයි පෙළපාලියේදීම ජනාධිපතිවරයා මිය ගියේය.

ඉන් පසු සහාරාන්ගේ ප්‍රහාරය හේතුවෙන් 2019 වර්ෂයේ දීත් කොරෝනා හේතුවෙන් 2020 හා 2021 වර්ෂවලත් මැයි රැළි අවලංගු කිරීමට සිදුවිය. දැන් වස 03කින් මෙරට මැයි රැළි පවත්වා නැත.

ඔබේ අදහස් දක්වන්න.

Latest articles

ඒලියන්ත වයිට් මිත්‍යාව මිත්‍යාවක්ම බව සනාථ කරමින් කොරෝන සෑදී මරුට

අධ්‍යාත්මික ශක්තියෙන් හා කුණ්ඩලීනු යෝගයෙන් තමන්ට කොරෝනා සුව කළ හැකි බව පැවසූ ඒලියන්ත වයිට් කොරෝනා ආසාදිතව අද (22) මියගිය බව සෞඛ්‍ය අංශ...

කොටස් වෙළෙඳ පොළ දින කිහිපයකට පසු සුළු වර්ධනයක් පෙන්වයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 18,850ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,560ක් ලෙස සටහන් විය.

පොත් අළෙවි සැල් විවෘතකිරීමට පොලිස්පති අවසර ඉල්ලයි

නි‍රෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලයේ දී පොත් අළෙවි සැල් විවෘත කිරීමට අවසර දෙන ලෙස පොලිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීක් කර...

ගාල්ලේ හෙද සිසු සිසුවියෝ අමාරුවේ වැටෙති ? සෞඛ්‍ය නීති අමු අමුවේ උල්ලංඝනය කරලා

ගාල්ල කළුවැල්ලේ පිහිටි හෙද විදුහලේ හෙද සිසු සිසුවියන් දිනපතා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ප්‍රවාහනය කරන්නේ සෞඛ්‍ය නිරෝධායන ක්‍රමවේද උල්ලංඝනය කරමිනි.

මහබැංකු අධිපති කබ්රාල්ගේ පත්වීම බල රහිත කරන්න යැයි ඉල්ලා පෙත්සමක්

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම තනතුරට පත්වීම වළක්වා ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සමක් අද (22)...

ලෝකෙට ණය වී Pfizer එන්නත් දීමට රජය සැරසෙයි

ශ්‍රී ලංකා‍වේ කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන වඩාත් සාර්ථක කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලෝක බැංකුවෙන් ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය...

අවුරුදු 05ක දැරිය අපයෝජනය කර වීඩියෝ දර්ශන බෙදාහැරි විවාහකයෙක් අල්ලයි

වයස අවුරුදු 5ක් සහ මාස 08ක් වයසැති කුඩා දැරියක බරපතල ලෙස ලිංකික අපයෝජනයට ලක්කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ විවාහකයකු අත්අඩංගුවට...

කොරෝනා ආසාදිත බිරිඳ මරා දැමූ ව්‍යාපාරික සැමියා අත්අඩංගුවට

කොරෝනා ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඝාතනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ බොරලැස්ගමුව,...

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුවෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඊසාන දිශාවෙන් පිහිටි මවුන්ට් බුලර් නමැති ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පා දෙකක් අද (22) අළුයම සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා...

සහල් ඇතුළු මිල වැඩිවෙන ද්‍රව්‍ය මෙන්න

ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට භාණ්ඩ කිහිපයක මිල ඉහළ යනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ ‍රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (21)...
Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!