spot_img
spot_imgspot_img

ඉන්දියාවේ මිනිසුන් මියයන ආකාරයට සමාන කොරෝනා මරණයක් ගාල්ලෙන්

පුවත්

විදෙස්

කිසිදු වෙනත් රෝගයක් නොතිබූ 39 හැවිරිදි යක්කලමුල්ලේ පදිංචි පුද්ගලයකු කොරෝනා නිව්මෝනියාවෙන් අද (01) මියගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙලෙස මියගිය පුද්ගලයා පෙදරේරුවකු ලෙස කටයුතු කළ එක්දරු පියෙකි. අලුත් අවුරුද්දට බදුල්ලේ ඥාති නිවෙස්වලට ගොස් පසුගිය 26 වැනි දා ඔහු යළි සිය නිවසට පැමිණ තිබේ. කිසිදු රෝගයක් නොමැතිව සිටි ඔහු ඊයේ තම වැඩිමහල් සොහොයුරියකගේ නිවසට ගොස් එහි දී රාත්‍රී ආහාරය ද ගෙන නිවසට පැමිණ නින්දට වැටුණු බවත් පසුව අළුයම 3.30ට පමණ පපුවේ දැවිල්ල බව පවසා ටික වේලාවකින් ක්ලාන්ත ස්වභාවයකින් ඇද වැටුණු බවත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ.

එම අවස්ථාවේ දී 1990 ගිලන්රථයකට අමතා ගෙන්වා ගත්ත ද ගිලන්රථයේ පැමිණි හෙදියන් පවසා ඇත්තේ මෙම තැනැත්තා ඒ වනවිටත් මියගොස් සිටි බවයි. පසුව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් දේහය ‍කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර ඇති අතර එහි දී සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ  කොරෝනා ආසාදිත බවයි. මෙම පුද්ගලයා කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මියගිය බව අධිකරණ වෛද්‍යවරු විසින් තීරණය කර තිබේ.

හදිිිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම මරණය සිදුවී ඇති ආකාරය ඉන්දියාවේ කොරෝනාවලින් පුද්ගලයන් මියයන ආකාරයට බොහෝ දුරට සමාන බවයි. කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා මෙම පුද්ගලයා මියයාම කොරෝනාවල භයානක ස්වභාවය පෙන්වන අවස්ථාවක් බවත් කය වෙහෙසී එදිනෙදා වැඩ කළ නිරෝගී පුද්ගලයන් පවා කිසිදු වෙනත් නිදන්ගත රෝග නොතිබී මෙලෙස මරණයට පත්වීම ඉතාමත් භයානක බවත් හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!