spot_img
spot_imgspot_img

PCR එපා යැයි වෛද්‍යවරයා කී බද්දේගම මරණය කොරෝනා ආසාදිත මරණයක්

පුවත්

විදෙස්

රෝහලට රැගෙන එමින් සිටිය දී මියගිය කාන්තාවක් සඳහා පීසීආර් පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කළ ද කොරෝනා අවදානම සළකා පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකළ විට එම කාන්තාව කොරෝනා ආසාදනය වී මිය‍ගොස් ඇතැයි බව සනාථ වූ බව පෝද්දල හදිසි මරණ පරීක්ෂක හා බද්දේගම වැඩබලන හදිසි මරණ පරීක්ෂඛ ටී.ටී.එම්. සරත් පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්පේගම පදිංචි 68 හැවිරිදි තිදරු මවකි. කාලයක සිට පිළිකා රෝගයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ඇය හදිසියේම අසාධ්‍යවීම හේතුවෙන් ඊයේ (27) උදෑසන බද්දේගම දිසා රෝහලට රැගෙන එමින් සිටිය දී මියගියාය. මෙම කාන්තාවගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමේ දී බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශය වී ඇත්තේ ඇයගේ නිවසේ කිසිවකු නිරෝධායනය නොවීම හා පිළිකා රෝගයක් තිබීම හේතුවෙන් ඇයගේ සිරුර පීසීආර් පරීක්ෂණ ඇතුළු පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරෙව නිදහස් කරන ලෙසයි.

එසේ වුව ද ඇය තම පිළිකාව සඳහා රෝහල්ගත නොවී දේශීය ප්‍රතිකාර ලබාගෙන තිබීම හා කොරෝනා පැතිරයාමේ අවදානම ද සැළකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරයා සිරුර පීසීආර් පරීක්ෂණයක් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමුකර තිබිණි. පීසීආර් පරීක්ෂණ වාර්තාවෙන් සනාථ වී ඇත්තේ එම කාන්තාව මියයනවිට කොරෝනා ආසාදනය වී සිටි බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ හදිසි මරණ පරීක්ෂක ටී.ටී.එම්.සරත් මෙසේ කීවේය.

“කොරෝනා අවදානම වැඩිවෙලා. නිවසක හෝ රෝහලට රැගෙන යන අතරතුර මියයන පුද්ගලයන්ගේ මරණ රෝග ඉතිහාසය සළකා බලා පීසීආර් පරීක්ෂණයකින් තොරව නිදහස් කිරී‍මේ වරද මේ මරණයෙන් පැහැදිලිව පෙනෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීවේ නිරෝධායනය වූ කිසිවකු මේ නිවසේ නැති නිසාත් මියගිය තැනැත්තිය පිළිකා රෝගියකු නිසාත් මරණය පීසීආර් පරීක්ෂණයක් නැතිව නිදහස් කළ හැකියි කියා. නමුත් එවැනි නිර්ණායකයක් භාවිතා කිරීම වරදක් බව පැහැදිලි වෙනවා.”

මරණ පරීක්ෂකවරයා පවසන්නේ මීට පෙර පීසීආර් පරීක්ෂණවලින් තොරව මරණ නිදහස් කළ ද මින් ඉදිරියට මියයන සියලු දෙනා පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!