spot_img
spot_imgspot_img

තවත් ගම් කිහිපයක් හුදකලා කරයි

පුවත්

විදෙස්

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ හුදකලා කර ඇත.

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ පිහිටි

  • වැල්ලවාය නගර සභා බල ප්‍රදේශය
  • කොට්ටම්ගහබොක්ක ග්‍රාම නිලධාරී වසම
  • වෙහෙරයාය ග්‍රාම නිලධාරී වසම

බුත්තල පිහිටි

  • රත්තනගම ග්‍රාම නිලධාරී වසම

අම්පාර දිස්ත්‍රික්කයේ උහන පිහිටි

  • කුමාරිගම ග්‍රාම නිලධාරී වසම

මාතලේ පිහිටි

  • අළුගොල්ල ග්‍රාම නිලධාරී වසම

1 COMMENT

  1. ලංකාවේ corona මර්දනය කරන්න උපකාරි වන්නේ,

    1. මිනිස්සුන්ගේ තියෙන කැපවීම් ඒ කැපවීම ඇවිල්ලා තියෙන්නේ මරණ බිය නිසා. ඒ වගේම තමන්ගේ හිතවත් අයට රෝගය වැලඳේ කියල තියෙන බය නිසා.

    2. වගේම ඊටත් වඩා වැදගත් කාරණයක් වෙන්නේ මිනිස්සු දඬුවම් වලට බිය නිසා සමාජය ඉස්සරහ ලැජ්ජාව පත් කළාම corona නීතිරීති අනුගමනය කරනවා. ඒක රජය පැත්තේ සිදු වන්නේ නැහැ. පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ටීවී එකේ පෙන්නන කොට ඒකෙ තියෙන රූපරාමු වලින් එහෙම දැඩි බවක් පේන්න නෑ. පොලිසියේ මහත්වරුන් තදින් ඉන්නවා වෙනුවට පේන්නෙ නැහැ ෂේප් කතා බහ පමණයි. ඇත්තටම අර ඉන්දියාවේ වගේ තදින් හිටියා නම් මාර්ගය මත සිදුවන corona මර්දනය 100% සාර්ථක කරගන්න පුළුවන්. මේ තත්ත්වය මත මර්ගය තුල සිදුවන කොරෝනා මර්ධන කටයුතු වලින් ප්‍රතිඵල ලැබෙන්නේ 5% පමණයි. ඕක තේරුම් ගන්න ලොකු මොළයක් ඕනද ?. අනිත් එක හැමතිස්සෙම මාධ්‍ය මගින් කොරෝනා ගැන සහ වෙනත් ඕනෑම කාර්ණයකදී කියන්නේ මහජනතාව බුද්ධිමත් කියලා. ඊට වඩා හිරිකිත කතාවක් ගොන් කතාවක් ඇත්තේම නෑ. මහජනතාවගේ බුද්ධිමත් කියලා හොඳට පේනවා කරන ගොන් ආත්මාර්ථකාමි වැඩවලින්.

    3. තවත් කාරණයක් මතක් කරලා දෙන්න ඕන. ඔය ත්‍රීවිල් රියදුරන්ගේ හැසිරීම් කොරෝනා ව්‍යාප්තියට ලොකු හේතුවක්. මොවුන් විසින් සමාජයේ බොහෝ කොටස් ප්‍රවාහනය කරනවා. රියදුරු inna ආසනේ සහ මගින් ගම්න් කරන ආසන වෙන් කරන්න පොලිතීන් ආවරණය අනිවාර්ය කරන්න ඇයි හිතෙන්නේ නැත්තේ ? මොලය තියෙන්නේ කොහෙද කියලා අහන්න හිතෙනවා.

    4. ත්‍රීවිල් රියදුරු mask පලඳින්නේ නැතිනම් අත්අඩංගුවට ගන්න. නැතුව ඒ මිනිස්සුන්ට පොලිසියෙන් බොරු බයිලා කියලා අවවාද කරයි කියලා හරියන්නේ නෑ. පොලිසිය ඉන්න තැන් පන්නල ගිහිල්ලා කරන්නෙත් ඕකම තමයි. ඊලග දවසේ කරන්නෙත් ඕකමයි. එක්කෙනෙකුට දෙන්නෙකුට දඬුවම් කරලා ඒක මාධ්‍යවලින් පෙන්නුව නං මුළු රටෙම ත්‍රීවිල් රියදුරුවරුන් ගානට හරි යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!