spot_img
spot_imgspot_img

හැටන් නැෂනල් බැංකුවේ SOLO අවුරුදු පොළ

පුවත්

විදෙස්

සුළු පරිමාන ව්‍යාපාරිකයන් සඳහා ණය ලබාදීමෙන් නොනැවතී ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය උපදෙස්, මඟපෙන්වීම හා පහසුකම් ලබාදීමත් වෙළෙඳ පොළ අවස්ථා සපයා දීමත් සිදුකිරීමට නිරන්තරව සූදානමින් සිටින හැටන් නැෂනල් බැංකුව විසින් සංවිධානය කළ SOLO අවුරුදු පොළ පසුගිය 10 වැනි දා මාතර නගරයේ දී සාර්ථකව පැවැත්විණි.

මේ සඳහා වැඩි පිරිසක් විසින් වෙළෙඳ කුටි ඉදිරිපත් කර තිබිණි.

හැටන් නැෂනල් බැංකුවේ මාතර ශාඛාව විසින් සංවිධානය කළ මෙම SOLO අවුරුදු පොළ සඳහා දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන් හි ව්‍යාපාරිකයෝ ව්‍යාපාරිකයන් හා සේවා සපයන්නෝ 40කට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

මීට ඉහත වසරවල දී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පවත්වනු ලබන හොඳම ව්‍යවසායකයන්ගේ ප්‍රදර්ශනය වෙනුවට මෙලෙස පළාත් මට්ටමින් අවුරුදු පොළ පැවැත්වීමට හැටන් නැෂනල් බැංකුව කටයුතු කර තිබිණි.

හැටන් නැෂනල් බැංකුවේ මානව සම්පත් ප්‍රධානි ඉන්ද්‍රජිත් සේනාධීර, මෙහෙයුම් ප්‍රධානී සිවරාජා නන්දකුමාර්, ණය මෙහෙයුම් කළමනාකරු එස්.මදනන් යන අයගේ සහභාගීත්වයෙන් මෙම SOLO අවුරුදු පොළ ආරම්භ කෙරිණි.

මෙහි විශේෂත්වය වූයේ හැටන් නැෂන්ල් බැංකුවේ “ගැමි පුබුදුව” ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාගනිමින් තම ව්‍යාපාර වැඩිදියුණු කරගත් ව්‍යාපාරිකයන් රැසක් මේ සඳහා සහභාගී වී සිටීමයි. ඒ අතර සුවිශේෂී ව්‍යාපාර කිහිපයක් දක්නට ලැබිණි.

පාස්කු ප්‍රහාරය හා කොරෝනා හේතුවෙන් සියලු ආදායම් අහිමි වූ සංචාරක කර්මාන්තයේ නිරත වූ බෙලිඅත්තේ පදිංචිකරුවකු පැෂන් ෆෲට් වගා කළේ අක්කර දෙකකින් ලබා ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් ඔහු අපේක්ෂිත ආදායම නොලැබීම නිසා යළි කබලෙන් ලිපට වැටිණි. නමුත් හැටන් නැෂනල් බැංකුවේ ව්‍යාපාරික මඟ පෙන්වීම් අනුව යමින් පැෂන් පෲට් සැකසූ පළතුරු ලෙස වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම 2020 අප්‍රේල් මාසයේ දී ආරම්භ කළ ඔහු අද වනවිට සාර්ථක අපනයනකරුවකු බවට පත්ව සිටින්නේ “ගැමි පුබුදුව” යටතේ ලැබුණු සහයෝගය ද සමගිනි.

හැටන් නැෂනල් බැංකුවේ වසර දෙකකට ණය මුදලක් ලබාගත් වලස්මුල්ලේ මැජිකල් මෙමරීස් ආයතනය කුරුඳු තෙල් අළෙවිය පමණක් සිදුකළ නමුත් බැංකුව සමඟ එක්වීමේ ප්‍රතිඵලය වූයේ ‍කුරුඳු ආශ්‍රිත වෙනත් නිෂ්පාදනය කෙරෙහි ද උනන්දුවක් ඇතිවීම සහ ඒ වෙනුවෙන් නව වෙළෙඳ පොළක් හඳුනාගැනීමයි. මේ වනවිට කුරුඳු තෙල් අළෙවියට අමතරව, කරුඳු මිශ්‍රිත වටලප්පන්, කුරුඳු පානයක් මෙන්ම ආලේපන වර්ග පවා නිෂ්පාදනය කරන මෙම ආයතනය මදුරුවන් පළවාහැරීම සඳහා කුරුඳු තෙල් පහනක් ද හදුන්වා දී ඇත.

හම්බන්තොට ඩිලානි කළුදොදොල් නිෂ්පාදකයෝ හැටන් නැෂනල් බැංකුවෙන් අපූරු සේවාවක් ලබාගත් ව්‍යාපාරයකි. ඔවුන් පළමුව ගැමි පුබුදුව ණය යෝජනා ක්‍රමයට සම්බන්ධ වී සිය ව්‍යාපාරය දියුණු කරගෙන තිබිණි. මත්තල අධිවේගී මාර්ග පිවිසුම, නුගේගොඩ ආදී ස්ථානවල පවා ව්‍යාපාරික ස්ථාන ආරම්භ කළ එම ආයතනය හැටන් නැෂනල් බැංකුවේ SOLO වෙබ් අඩවිය හා සම්බන්ධ වී අන්තර්ජාලය ඔස්සේ සිය නිෂ්පාදන අළෙවි කිරීම ආරම්භ කළේය. ඔවුන්ගේ සෑම අළෙවි සැළකම SOLO පහසුකම ඇති අතර ඕනෑම අයකුට ‍SOLO පහසුකම මගින් ඩිලානි නිෂ්පාදන ඇණවුම් කිරීමට ද පහසුකම් සපයා ඇත.

පිරිත් මණ්ඩප, මඟුල් පෝරු ආදිය සකසමින් සිටි කලා කරුවකු ව්‍යාපාරිකයකු බවට පත්කිරීමට ද හැටන් නැෂනල් බැංකුව දායක වෙමින් සිටියි. බිඳු ආර්ට්ස් නම් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන කලාකරුවා විශිෂ්ඨ කැටයම් ශිල්පියෙකි. ඔහුට අවශ්‍ය ණය ආධාර පමණක් නොව ව්‍යාපාරික උපදෙස් ද වෙළෙඳ පොළ අවස්ථා ද සපයා දෙන්නේ හැටන් නැෂනල් බැංකුව විසිනි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවා අවරසය ඇතිව කොහොඹ දැව සපයාගන්නා හෙතෙම විවිධ ලී නිර්මාණ සිදුකරයි. ඊට අමතරව කොහොඹ පනාව, පිඟන් සහ කෝප්ප, විදුලි පහන් ආවරණ පමණක් නොව සපත්තු රඳවන රාක්ක පවා  නිර්මාණය කර වෙළෙඳ පොළට යොමු කරයි.

රට පුරා විශාල ඉල්ලුමක් ඇති කොහොඹ පනාව අළෙවි කිරීම සිදුකරන්නේ ද හැටන් නැෂනල් බැංකුවේ සහයෝගයෙනි. කොහොඹ පනාව අවශ්‍ය අයකු QR ක්‍රමයට ගෙවීම් සිදුකර එම පනාව ගැනුම් කරුවාට ලබාගැනීමට හැකියාව ලැබෙන ක්‍රමවේදයක් බැංකුව සමඟ එක්ව පවත්වාගෙන යයි.

මීට අවතරව කුළු බඩු ව්‍යාපාරිකයන්, රෙදි පිළි, කිරි ආහාර, පළතුරු, මල් පැල ඇතුළු කෘෂි කාර්මික භෝග, සපත්තු ඇතුළු සම් භාණ්ඩ නිෂ්පාදන ආදී විවිධ නිෂ්පාදන සිදුකරන ව්‍යාපාරිකයෝ හැටන් නැෂනල් බැංකුවේ SOLO අවුරුදු පොළට සහභාගී වී සිටියහ.

මෙවැනි ව්‍යාපාරිකයන් සඳහා ගැමි පුබුදුව ණය යෝජනා ක්‍රමය යටත් ණය ආධාර ලබාදීමටත්, ව්‍යාපාරික උපදෙස් හා මඟපෙන්වීම සිදුකිරීමටත්, වෙළෙඳ පොළ අවශ්‍යතා සපයා දීමටත් හැටන් නැෂනල් බැංකුව සැමදාමත් සූදානමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!