spot_img
spot_imgspot_img

දරුගැබට බලපාන කොරෝනා නව ප්‍රබේදයක්. ගැබ් ගැනීමෙන් වළකින්න යැයි උපදෙස්

පුවත්

විදෙස්

කොරෝනා වසංගත තත්ත්වය අවසන්වන තුරු ගැබ් ගැනීමෙන් වළකින්න යැයි දරුවන් අපේක්ෂිත කාන්තාවන්ට බ්‍රසීලයේ ස‍ෞඛ්‍ය අංශ දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට බ්‍රසීලයේ ව්‍යාප්තවෙමින් පවතින කොරෝනා වෛරස ප්‍රබේදය ගැබිණි මව්වරුන්ට භයානක තත්ත්වයක් ඇති කරන බැවින් මෙම දැනුම් දීම කර තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ලේකම් රෆායල් කමාරා අනතුරු අඟවා සිටින්නේ නිරෝගී දරුවකු බලාපොරොත්තු වන්නේ නම් ගැබ් ගැනීමේ කාලය කල් දැමීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි. රෆායල් කමාරා පවසන්නේ බ්‍රසීලයේ ව්‍යාප්තවන කොරෝනා ප්‍රභේදය සහ එයින් ගැබිණි මව්වරුන්ට එල්ලවිය හැකි අවධානම පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් දැනට ලැබී ඇති සායනික දත්ත අනුව බ්‍රසීලයේ නව කොරෝනා ප්‍රභේදය වඩාත් භයානක බව තහවුරු වී තිබේ.

බ්‍රසීලයේ කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් එරට ජනාධිපති ඇතුළු රජය දැක්වූ අවම සැළකිල්ල හේතුවෙන් කොරෝනා වසංගත තත්ත්වය පාලනයෙන් ගිලිහි ඇති බවට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ චෝදනා කරයි. සිටියි. එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ බ්‍රසීලයේ සංචරණ සීමා පැනවීමට විරුද්ධ වූ අතර ඔහු මුඛ ආවරණ හෝ නොපැළඳ උත්සව සඳහා සහභාගී වූ අවස්ථා ද වාර්තාවිය. මේ අනුව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඉදිරියේදී බ්‍රසීලයේ තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් අමෙරිකාවට පසුව ලොව දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ බ්‍රසීලයයි. මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 368,749ක් වන අතර වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන මිලියන 13.8කි.

බ්‍රසීලය මේ වනවිට කොරෝනා වයිරසය පැතිරයාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර රෝගී වීමෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 40ට අඩු අය වීම සෞඛ්‍ය අංශ මේ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා පොළඹවන්නක් වී ඇත.

බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඇති බැවින් ඔවුන්ට අවශ්‍ය සත්කාරක ‍සේවා පවත්වාගෙන යාම ද අසීරු වී තිබේ.

https://www.reuters.com/world/americas/brazil-scrambles-secure-sedatives-hospitals-overwhelmed-by-covid-19-2021-04-16/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!